කෘතිම වැස්ස ඵල දරයි – මාවුස්සාකැලේට විනාඩි 45 ක වැස්සක්

(22.03.2019 – 16:44 +0530 – sinhala.adaderana.lk)

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් අද උදැසන 11 ට පමණ ඉහළ අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 01:00 සිට 01:45 දක්වා වර්ෂාවක් පතිත වී ඇත.

ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානය විනාඩි 45 පමණ කාලයක් මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ ඉහළ අහසේ වලකුළු මත පියසර කරමින් රසායනික ද්‍රව්‍ය වලාකුළු මත මුදාහැර ඇත.

ඉදිරි දින කිහිපයේදිත් කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ගුවන් මඟින් වලාකුළු මත රසායනික ද්‍රයමය මුදා හැරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශ කර සිටියි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

දිනපතා නොදන්වා විදුලිය කපන බව ලංවිම කියයි

(22.03.2019 – 15:56 +0530 – lankadeepa.lk)

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලිබල ජනනය සීමාවී තිබීම හේතුවෙන් විදුලි පද්ධතිය නිසිපරිදි පවත්වා ගෙනයාමට අවශ්‍ය හෙයින් මෙලෙස විදුලිය කප්පාදු කරන බවද පැවසේ.

විටින්විට විදුලි බිඳවැටීම් සිදුවන අතර එවැනි අවස්ථාවක හිතාමතාම පැය කිහිපයක් ඒවා යථා තත්ත්වයට පත්කිරීමෙන් වැළකී සිටින බවද එසේ නොකළහොත් පද්ධතිය පවත්වාගෙන යා නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අද (22) පස්වරුව වනවිට ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන බලාගාර හයේම ජලමට්ටම 34.3% පමණ දක්වා පහත වැටී තිබිණි.

කාසල්රී 9% ක්, මාවුස්සා කැලේ 26.5% ක්, කොත්මලේ 34.2% ක්, වික්ටෝරියා 36.9% ක්, රන්දෙණිගල 88% ක් සහ සමනලවැව 18% ක් ආදී වශයෙන් ජල මට්ටම පහත ගොස් තිබිණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *