ත්‍රිපිටකය සංරක්ෂණය කිරීමේ යෝජනාව ජනපති යුනෙස්කෝවට භාර දෙයි

(23.03.2019 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීම සදහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුනෙස්කෝ සංවිධානය වෙත අද භාර දුන්නා.

ඒ ඊට අදාළව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ පැවති පුණ්‍යෝත්සවයේදී යි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු කෙරුනා.

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය දා පියවර ගත් අතර, එය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට ද මේවන විට පියවර ගෙන තිබෙනවා.

උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ බුදුපියාණන් වහන්සේගේ දේශනාව ඇතුළත් ත්‍රිපිටකය ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ්‍රී ලාංකිකයන් වන අප සතු බවයි.

කුමන අන්දමේ විරුද්ධ අදහස් සහ අභියෝග එල්ල වුවද උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට තැබූ පියවර සාර්ථකව ඉදිරියට තබන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළ මහා නා හිමිවරුන් පෙන්වා දුන්නේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර සමස්ත ලෝක බෞද්ධ ජනතාවගේම පැසසුමට ලක්වන බවයි.

ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ද එක්වුණා.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

*****************************************

කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය දෙවන දිනටත්

(23.03.2019 – 14:42 +0530 – hirunews.lk/sinhala)

කෘතිම වැසි ඇති කිරීම සඳහා වන Rainfall Mission ව්‍යාපෘතිය අද දෙවන දිනටත් කාසල්රී ජල පෝෂක ප්‍රදේශයේ සිදු කෙරුනා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Y12 යානයක් යොදා ගනිමිනුයි මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ.

ඊයේ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරනු ලැබුවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව තායිලන්ත සමාගමක් විසිනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ.

එය කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉදිරි දිනවලදීත් සිදු කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *