හෙට (25) සිට විදුලිය කැපීමේ කාලසටහනක් ප්‍රකාශයට පත් කෙරේ

(24.03.2019 – 09:29 +0530 – hirunews.lk/sinhala)

අධික විදුලි ඉල්ලුම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් විදුලි කප්පාදු කාලසටහනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වියලි කාලගුණ තත්ත්වයත් සමඟ විදුලි ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, අවශ්‍ය විදුලි සැපයුම අඛන්ඩව ලබාදීමේ ගැටළු මතුව ඇති බවයි.

ඒ අනුව උදෑසන 8.30 සිට 11.30 දක්වාත්,
පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්,

ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම පස්වරු 2.30 සිට 5.30 දක්වාත්,
පස්වරු 6.30 සිට 7.30 දක්වා හෝ
පස්වරු 7.30 සිට රාත්‍රී 8.30 දක්වා

විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *