සිසුන් 6195 ක් අපොස සාමාන්‍ය පෙළ සියලු විෂයන් අසමත්

(29.03.2019 – 18:58 +0530 – hirunews.lk/sinhala)

2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් වූ අතර, පාසල් අයදුම්කරුවන් 308,843 ක් අතරින්, 226,417 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව, සිසුන් 82,426 ක් උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් නොලබන පිරිසට ඇතුළත්.

ඒ අතරින්, විෂයන් සිල්ලම අසමත් සිසුන් සංඛ්‍යාව 6195 ක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ දරුවන්ට ද තවදුරටත් අධ්‍යාපනය ලබා ගැනීමේ බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *