කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(29.03.2019 – 00:05 +0530 – hirunews.lk/sinhala)

විදුලි විසන්ධි කිරීම් සහ හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටයි.

එසේම, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස ප්‍රදේශවලට ද අදාළ කාල සීමාවේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා.

*****************************************

විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම ජනපති යටතට පවරා ගත යුතුයි

(29.03.2019 – 18:11 +0530 – sinhala.adaderana.lk)

විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට පවරා ගතයුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද (29) එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා විදේශ අමාත්‍යාංශයට දොස් නගා ඵලක් නොමැති බව ද සඳහන් කළ ජයන්ත සමරවීර මහතා, මෙම ඉදිරිපත් වී ඇති යෝජනාවෙන් ශ්‍රී ලංකාව එළියට ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ද පැවසීය.

ඒ සඳහා ජනාධිපතිවරයා විසින් වහාම ශ්‍රී ලංකා ජීනිවා නිත්‍ය නියෝජිතයා වහාම කැඳවිය යුතු බවත්, ඔහු මේ වන විට රාජ්‍යට එරෙහිව කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා දෙවැනියට කළ යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය තමා යටතට පවරා ගැනීම වන බවත් පැවසු ජයන්ත සමරවීර මහතා, එවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් ජනාධිපතිවරයා සත්‍ය වශයෙන්ම මෙම කාරණය ගැන උනන්දුවක් දක්වන බව විශ්වාස කළ හැකි යැයි පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *