කන්ජි පානී ඉම්රාන්ව මාස 3 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර

(30.03.2019 – 15:18 +0530 – sinhala.adaderana.lk)

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මාස 03 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබා දී තිබේ.

එම කොට්ඨාශයේ නිළධාරීන් විසින් ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (30) දහවල් ඉදිරිපත් කළේය.

එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කන්ජිපානි ඉම්රාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මාකඳුරේ මදුෂ් සමඟ සිටියදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කන්ජිපානි ඉම්රාන් එරටින් පිටුවහල් කළ අතර පසුගිය 28 වනදා ඔහු ඇතුළු සිව් දෙනෙකු දිවයිනට පැමිණියේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කළේය.

අනතුරුව කන්ජිපානි ඉම්රාන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදෙනු ලැබුවේය.

*****************************************

රාජ්‍ය සේවයේ වසරකට දූෂණ සිද්ධීන් 5000 වාර්තා වෙනවා

(30.03.2019 – 19:24 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවයේ වසරකට දූෂණ සිද්ධීන් පන්දහසක් පමණ වාර්තා වන බව විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා පවසයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මාන ප්‍රදානෝත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සෑම වසරකම දූෂණ ගැන සේවීමක් සිදු කළහොත් රටේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න හැකියාවක් පවතින බවද ඒ මහතා එහිදි ප්‍රකාශ කළෞය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ සුදු කරපටි වංචා වැඩි වී ඇති බවත් බැඳුම්කර සිද්ධියේ වාර්තාව හැදුවේ තමන් බැවින් වැදගත් යැයි සිතන් සිටින මහබැංකුවේ නිලධාරින් රාජකාරි සිදු කළ ආකාරය සම්බන්ධයෙන් වටහා ගත හැකි බවත් ඒමහතා එහිදි පැවසීය.

රාජකාරිය අවංකව ඉටු නොකිරිම මෙම වංචා වලට හේතුව වි ඇති බවද ඒ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන්ද වෝහාරික විගණනයක් සිදු කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *