මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් සමඟ 4 ක් දිවයිනට

(04.04.2019 – 06:33 +0530 – sinhala.adaderana.lk)

ඩුබායිහිදී මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස්දෙනෙකු අද අළුයම දිවයිනට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන ඇති බවයි.

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහීදී පැවති සාදයකදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුහල් කල රංගන ශිල්පී රයන් හිලර් වැන් රෝයන් ඇතුළු පස්දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

අළුයම 5 යි 25 ට පමණ යුඑල් 266 දරන ගුවන් යානයකින් මෙරටට පැමිණි ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුව පත්ව එරටින් පිටුවහල් කළ 8 දෙනෙකු පසුගිය දින කිහිපයේදී දිවයිනට පැමිණියේය.

ඒ අතර ගායන ශිල්පි නදීමාල් පෙරේරා, මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම්, ඇන්ඩර්සන් ෆර්ඩිනැස්ඩස්, ලංකා සජිත පෙරේරා , කංජිපානී ඉම්රාන්, ලලිත් කුමාර , අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගා, අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ද වෙයි.

ඒ අතරින් අත්අඩංගුවට ගැණුනු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් මාස 3 ක රැඳවුම් නියෝගමත සිටින අතර බන්ධනාගාර නියාමක ලලිත් කුමාර අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා සහ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල මේවන විට රක්ෂිත බන්ධනාගාරව පසුවෙයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *