සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්.. – ලංසා

(06.04.2019 – 00:01 +0530 – lankacnews.com)

= සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්.. – ලංසා ලේඛණ පෙන්වමින් පාර්ලිමේන්තුවේදී කියයි.. =

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් දිනයේ අදහස් පළ කරමින් රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට දැඩි චෝදනාවක් එල්ල කළේය.

ලේඛණ පවා සභා ගත කරමින් ඔහු කියා සිටියේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ මූල්‍ය වංචාවට වගකිව යුත්තන්ට දඬුවම් දීම අවහිර කරනු ලබන්නේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් බවයි.

සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාවා රන්ජන් රාමනායක පට්ට හොරෙක් බවත් ඔහු කියා සිටියේය.

ඊට ප‍්‍රතිචාර දක්වමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මීගමුවවේ කුඩු රජා නිමල් ලංසා මහතා බවයි.

එහිදී භාවිතා වූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි මූලාසනය විසින් නියෝග කරන ලදී.

ජේසු පල්ලා කුඩු ගෙනාවේ නැතැයි දිවුරන ලෙසත් එසේ කලහොත් තමන් ඉල්ලා අස්වන බවටත් රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද අභියෝගය එවෙලේම බාර ගනිමින් ලංසා මහතා කියා සිටියේ තමන් ජේසු පල්ලා ¤දුන් පල්ලා කුඩු ගෙන්වා නැති බවයි. නමුත් රන්ජන් රාමනායක මහතා ඉල්ලා අස්වූ බවත් දිනව අවසන් වන තෙක් වාර්තා නොවීය.

*****************************************

අහඹු ලෙස කැමරාවේ සටහන් වූ රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ ටොනේඩෝව

(07.04.2019 – 08:54 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ හදිසියේ ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා.

ඊයේ එම ක්‍රීඩාංගණයේ පැවති පාසල් ක්‍රීඩා උළෙලක් අතරතුර මෙම තත්වය හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ටොනේඩෝවෙන් ක්‍රීඩා පිටියේ ඉදිකර තිබු ක්‍රීඩා නිවාසයක් විනාශ වී තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *