අවුරුද්දෙන් පස්සේ ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක් – දේශපාලනයේ පෙරළියක්

(13.04.2019 – mawbima.lk)

සිංහල හා දෙමළ අවුරුදු නිවාඩුවෙන් පසුව අනපේක්ෂිත දේශපාලන හෙළිදරව් කිහිපයක් රට තුළ සිදුවීමට ඉඩ තිබෙන බවත් එය වර්තමාන ආණ්ඩුවට අනිවාර්යයෙන්ම තීරණාත්මක බලපෑමක් සිදුවනු ඇති බවට දේශපාලන අංශවල දැඩි කතාබහක් පැතිර යමින් තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන්නට යන බව කියන යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සහ ගැනීමට නියමිත යම් යම් ක්‍රියාමාර්ග සමඟම මෙම ක්‍රියාදාමය ආරම්භ වීමට ඉඩකඩ ඇති බව ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට තැත් කිරීමේ කුමන්ත්‍රණය ගැන එම පරීක්ෂණ අවසන් වූ වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රටට සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිත බවද වාර්තා වේ.

එම ඝාතනයට තැත් කිරීමේ කුමන්ත්‍රණයේ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර ප්‍රබල දේශපාලකයකුගේ නම මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව සමඟ සම්බන්ධ වී තිබෙන බවටද තොරතුරු දැනගැනීමට ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සුවිශේෂී පුවතක් අවුරුදු නිවාඩුවෙන් පසුව රටට හෙළි කිරීමේ සූදානමක් තිබෙන බවද වාර්තා වේ. මේ අතර ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීම හරහා මෙරට දේශපාලනයේ බොහෝ රහස් හෙළිදරව් වීමක්ද, ඔහු සමඟ සමීපව ගනුදෙනු කළ දේශපාලනඥයන්ගේ නම් රැසක් හෙළිදරව් වීමෙන් දේශපාලන කැලඹිල්ලක් සිදුවන ලකුණුද පහළ වෙමින් තිබේ.

– ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • ow ithin janaadipathi mae vidihata eyaage sith mavili gaena dodai.namuth oya ksis deyak wenne nae welaawa aawama. Madu walige saha malakada kaduwata une mokadda? aekama thamaa methanath!

  • Onna janadipathige peraliya athiunaa eyaatath control karaganna bariwena widiyata, paasku irida, 22 apriel 2019. Me thrasthawaadienge meniemarum samaga paarlimenthuwe inna horu guaawa saha thrasthayo kavuda kiyaa dan heliwelaa.

    (ඔන්න ජනාධිපතිගේ පෙරළිය ඇතිඋනා. එයාටත් ‘කන්ට්‍රෝල්’ කරගන්න බැරිවෙන විදියට, පාස්කු ඉරිදා 21-04-2019. මේ ත්‍රස්ථවාදීන්ගේ මිනීමැරුම් සමග පාර්ලිමේන්තුවේ ඉන්න හොරු සහ ත්‍රස්ථයො කව්ද කියා දැන් හෙලිවෙලා.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *