අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින්

(14.04.2019 – 06:40 +0530 – sinhala.adaderana.lk)

සිංහල-දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීමට රටම මේ වන විට ලකලැහැස්ති වෙමින් සිටියි.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුද්ද උදාවීම සිදුවෙයි.

අලුත් අවුරුදු උදාව අද අපරභාග 2.09 ට යෙදී තිබේ.

අද (14) පූර්වභාග 7.45 ට ආරම්භ වන පුණ්‍යෙ කාලය අපරභාග 8.33 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව අද පෙරවරු 7.45 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් කර තිබේ.

අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව ආහාර පිසීමේ නැකත අපරභාග 2.42 ට යෙදී තිබේ.

රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තිකලු මිශ්‍ර අග්ගලා සහ කැවුම් පිළියෙල කරගැනීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අපරභාග 3.54 ට යෙදී තිබේ.

රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *