ජල සම්පාදන සභාපති කෝටි 800 ක් වංචා කරලා

(15.04.2019 – lakbima.lk)

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 2015-2018 කාලසීමාව තුළ විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 800 ක පමණ මූල්‍ය වංචාවක් කර ඇති බවට එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබේ.

තවද මෙම සභාපතිවරයා විසින් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ නමට දැනට මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුද වන වෙ‍ලේ සුදාගේ සුපිරි නිවසක්ද මිලදීගෙන ඇති බවත් එම කාන්තාවගේ පවු‍ලේ අයගේ ගිණුම් හරහා චෙක්පත්ද මාරුකර ඇති බවත් අදාළ පැමිණිල්‍ලේ සඳහන් වන බව කොමිසමේ ප්‍රකාශකයකු කීවේය.

ජල සම්පාදන මණ්ඩලයේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 2450 ක අතිරේක ඇස්තමේන්තු සකසා එම ව්‍යාපෘතිවලට ඔහුගේ සහෝදරයා යොදවා මහජන මුදල් වංචාකර ඇති බවද සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති එම පැමිණිල්‍ලේ සඳහන් වේ.

මෙම සභාපතිවරයා කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බවටත් ජල සම්පාදන මණ්ඩලයේ කාමර තුළ අනිසි කාර්යයන් කරන බවටත් මෙම පැමිණිල්‍ලේ සඳහන් කර තිබේ. එසේම මැ‍ලේසියාවේ නිවසක්ද මිලට ගෙන ඇති අදාළ සභාපතිවරයා මෙකී වංචා හෙළිදරව් වුවහොත් මැ‍ලේසියාවට පලායාමේ සූදානමින් සිටින බවත් ජල සම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්‍ලේ සඳහන් වන බව කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

– පානුක රාජපක්ෂ

*****************************************

යුවලක් ගමන් ගත් මෝටර් රථයක් ජල නලයක ගැටෙයි

(15.04.2019 – 17:59 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම, ගම්මන්පිල ප්‍රදේශයේදී යුවලක් ගමන් ගත් මෝටර් රථයක් අද (15) මාර්ගයෙන් ඉවතට පැන ජල නලයකට හානි කරමින් බෝක්කුවකට ඇද වැටී තිබෙනවා.

මෙම යුවල කතරගම වන්දනාවේ ගොස් නැවත නිවස කරා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් තුවාල ලැබූ රියදුරු සහ ඔහුගේ බිරිඳ බණ්ඩාරගම රෝහලට ඇතුලත් කර ඇති අතර රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *