අඹුසැමි යුවල අමානුෂික ලෙස මරා දැමූ ඝාතකයින් සොයා පොලිස් කණ්ඩායම් කීපයක්

(16.04.2019 – 12:28 +0530 – sinhala.adaderana.lk)

ගලේවෙල දේවහුව එකේ ඇළ නිවසක කපා කොටා ඝාතනය කරන ලද බවට සැකකරන අඹුසැමි යුවළගේ මළ සිරුරු දෙකක් ඊයේ (15) රාත්‍රීයේ සොයා ගත් බව ගලේවෙල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53) සහ ඔහුගේ බිරිඳ කෘෂි ආශ්‍රත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කොට මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51) යන අය බව පොලීසිය කියයි.

දරුවන් දෙදෙනකුගේ මවක සහ පියෙකු වන මෙම දෙදෙනා නිවසේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධවලින් ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කොට තිබෙන බව පොලීසිය කියයි.

මෙම දෙදෙනා ගේ පුතුන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට පිටත්ව ගිය අවස්ථාවේ රාත්‍රී 8 ට පමණ මෙය සිදුව තිබේ.

දරුවන් නැවත නිවසට එන පැමිණෙන විට නිවෙස ඉදිරිපිට සිය මව සහ පියා ඝාතනය කොට තිබුණු බව වාර්තා වෙයි.

මෙම දෙදෙනා නිවස ඉදිරිපිට ආහාර ගනිමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා පැවසීය.

දැනට සිදුකරන ලද මූලික විමර්ශනවලදී ඝාතකයන් සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත් එහෙත් පුතුන් දෙදෙනාගේ සහ අසල්වාසීන් ගෙන් ලද තොරතුරු මත ඉඩම් ආරවුලක් මුල්කොට ගෙන මියගිය කාන්තාවගේ සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳව බරපතළ සැකයක් මතුව තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් තුනක් යෙදවූ බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මියගිය සුරවීර මහත්මිය මධ්‍යම පළාතේ හොඳම ගෙවිලිය ලෙසත් කෘෂි ආශ්‍රිත නිෂ්පාදන ආහාර නිෂ්පාදන 52 ක් හඳුන්වා දුන් දිරිය කාන්තාවක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රජය මඟින් සම්මාන ලබා තිබීම විශේෂත්වයකි.

2018 වසරේ ලෝක කාන්තා දිනයේ ආදර්ශමත් කාන්තාව ලෙස ජනමාධ්‍ය මඟින් මෙම කාන්තාව පිළිබඳව විශේෂ වැඩසටහන් රැසක් ප්‍රචාරය කර තිබීමද විශේෂත්වයකි.

මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් මහේස්ත්රාමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලීසිය කියයි.

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා ඇතුළු අපරාධ අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

++++++++++++++++++++++++

අඹුසැමි යුවල අමානුෂික ලෙස මරා දැමූ ඝාතකයින් සොයා ගනියි

(19.04.2019 – 20:18 +0530 – sinhala.adaderana.lk)

ගලේවෙල දේවහුව කී ඇල ප්‍රදේශයේ අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර පලා ගොස් සිටි සැකකරුවෙකු අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ සහෝදරයකු බව වාර්තා වේ.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් බවට සැකකරන ගිනි අවියක් ඝාතනය සඳහා යොදාගත් පිහියක් දේවහුව ප්‍රදේශයේ ඇළක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකළ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකනිලංග ප්‍රනාන්දු මහතා පැවසිය.

පසුගියදා තම සහෝදරිය සහ සහෝදරියගේ සැමියා කපා කොටා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු වූ ගිනි අවිය සහ පිහිය ඇලකට දමා තමන් කොළඹ ප්‍රදේශයේ සැඟවී සිටි බව ප්‍රශ්න කිරීමේදී සැකකරු ප්‍රකාශ කොට තිබේ.

මෙසේ ඝාතනයට ලක් වුයේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53) සහ ඔහුගේ බිරිද කෘෂි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කොට මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51) යන යුවලය.

දින ගණනාවක් තිස්සේ ලැබුණු තොරතුරු අනුව ගලේවෙල පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් අංශ ගණනාවකින් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෙම අපරාධය පිළිබඳව අනාවරණය කර ගෙන ඇත.

සැකකරු සහ ගිනි අවි ගලේවෙල පොලිසියට රැගෙන විත් තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙට (20) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ඝාතනය පිටුපස තවත් පිරිසක් සිටින්නට ඇති බවට පොලීසිය සැක පල කරයි.

සිද්දිය පිළිබදව ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වනු ඇති ෴

*****************************************

කතරගම ගිහින් එන අතර මඟ අඹුසැමියන් අනතුරේ – CCTV දර්ශන සහිතයි

(16.04.2019 – 14:25 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරගම-කැස්බෑව මාර්ගයේ ගම්මන්පිල ප්‍රදේශයේ දී, අඹුසැමි යුවලක් ගමන් ගත් මොටර් රථයක් අනතුරකට පත් විමෙන් සුළු තුවාල ලබා ඔවුන් දෙදෙනා රෝහල් ගත කර තිබේ.

මෙම යුවල කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක් වීඇති බව වාර්තා වෙයි.

පිරිමි පුද්ගලයා මෝටර් රථය පදවා ඇති අතර ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම අනතුර සිදු වන ආකාරය ඒ අසල තිබු සී.සී.ටීවි කැමරාවක සනිටුහන්ව තිබේ.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ මොටර් රථය පළමුවෙන් මාර්ගයේ ඉවතට පැන ඒ අසල පිහිටි ජල නල පද්ධතියක ගැටි බොක්කුවකට වැටි ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ මොවුන් දෙදෙනා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රදේශ වාසින් පැවසුවේ මෙලෙස අනතුරට ලක් වි ඇත්තේ පෞද්ගලික ගුරුවරයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවයි.

*****************************************

ජාඇල පෞද්ගලික රෝහල දෙවනත් කරමින් සිදු වූ පහරදීම

(16.04.2019 – 20:40 +0530 – hirunews.lk/sinhala)

ජාඇල පෞද්ගලික රෝහලක දේපළවලට දැඩි අලාභහානි සිදුකළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ අදාළ පුද්ගලයාගේ ඥාති දරුවෙකුට ලබාදුන් ප්‍රතිකාර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවීමෙන් ඔහු මෙලෙස කලහකාරි ලෙස හැසිරුණ බවයි.

සිය ඥාති දරුවෙකු භූමිතෙල් පානය කර ඇති බව පවසා පුද්ගලයෙකු මෙම රෝහලට පැමිණ ඇත්තේ ඊයේ පස්වරුවේයි.

එහිදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සදහා එම දරුවා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලෙසයි.

අප වාර්තාකරු සදහන් කළේ රෝහලේ දේපලවලට සැකකරු හානිකර ඇති අතර, එහි පාඩුව රුපියල් ලක්ෂ 13 කට ආසන්නයැයි පැවසෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා අද පෙරවරුවේ ජාඇල පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *