මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිට මාරක රිය අනතුරක් – වෑන් රථයේ ගමන් කළ ළමුන් 3 ක් ඇතුළු 10 කගේ දිවි අහිමි වෙයි

(17.04.2019 – 06:06 +0530 – sinhala.adaderana.lk)

මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.

දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ මීටරයක් පමණ ඇතුළට ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වෑන් රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතළ බව මහියංගනය මූලික රෝහලේ ප්‍රශකයෙක් සඳහන් කළේය.

වැඩිහිටියන් 7 දෙනෙක් හා ළමුන් තිදෙනෙක් මෙසේ මරණයට පත්ව තිබේ.

මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෑන් රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරැදි මං තිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි එස්.පී.කේ .ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගනය පොලිසිය විමර්ශන සිදුකරයි ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

18.04.2019

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *