‘රාවණ – වන් ’ හෙට ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට

(17.04.2019 – 18:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘රාවණ – වන් ’ චන්ද්‍රිකාව හෙට අලුයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සියලු කටයුතු සූදානම්.

ඇමරිකාවේ – වර්ජනියා ප්‍රාන්තයේ සිට නාසා ආයතනයට අයත්, අන්තරෙස් රොකට්ටුව ආධාරයෙන් එය පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබන්නේ සිග්නස් අභ්‍යවකාශ යානය මගින්.

ජපානයේ ක්‍යුෂු සරසවියේ ‘බර්ඩ්ස්’ නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘රාවණ – වන් ’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1 යි දශම 1 ක බරකින් යුක්ත වනවා.

මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට ‘රාවණ – වන් ’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්න මහතාගේ යෝජනාවකට අනුවයි.

රාවණාගේ ගුවන් තාක්ෂණය ලොවට කියාපෑම එහි අරමුණ වී තිබුණා.

මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ ආතර් සී.ක්ලාක් මධස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ ඉංජිනේරු උපාධිධාරියෙක්.

චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වූ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරු දුලානි චාමිකා මහත්මිය තායිලන්තයේ විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා තිබෙනවා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් පසු ලබන මැයි මස අවසානයේ හෝ ජූනි මස මුලදී එය කක්ෂ ගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමෙන් පසු දිනකට වට 15 කට ආසන්න කාලයක් පෘථිවිය වටා භ‍්‍රමණය වන අතර, එහි වේගය තත්ත්පරයට කිලෝමීටර් 7 යි දශම 6 ක් වනවා.

කක්ෂ ගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඇතුළු කරුණු 5ක් මෙම චන්ද්‍රිකාව හරහා සිදුකර ගැනීමට අපේක්ෂා කරන බවයි මෙය නිර්මාණය කිරීමට දායක වූ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා මහත්මිය ඇමරිකාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

++++++++++++++++++++++++

(17.04.2019 – sinhala.adaderana.lk)

++++++++++++++++++++++++

‘රාවණ – වන්’ ගුවන්ගත කිරීම සාර්ථකයි – ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් කියයි

(18.04.2019 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු චන්ද්‍රිකාව වන ‘රාවණ – වන් ’ ගුවන්ගත කිරීම සාර්ථක බව එය නිපද වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනා ප්‍රකාශ කළා.

ජපානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යවකාශ යානය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 6 යි 30 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලඟා වීමට නියමිත බවයි.

එම අභ්‍යවකාශ යානය රැගත් නාසා ආයතනයට අයත් අන්තරෙස් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම 2.16 ට පමණ ගුවන්ගත කෙරුණේ ඇමරිකාවේ – වර්ජනියා ප්‍රාන්තයේ සිටයි.

ජපානයේ ක්‍යුෂු සරසවියේ බර්ඞ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘රාවණ – වන් ’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1 යි දශම 1 ක බරකින් යුක්ත වනවා.

මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට ‘රාවණ – වන් ’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවකට අනුවයි.

රාවණාගේ ගුවන් තාක්ෂණය ලොවට කියාපෑම එහි අරමුණ වී තිබුණා.

මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ ආතර් සී.ක්ලාක් මධස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ ඉංජිනේරු උපාධිධාරියෙක්.

ඔහු පින්නවල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා.

එමෙන්ම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වූ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරු දුලානි චාමිකා මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන්.

පසුව ඇය තායිලන්තයේ සරසවියකින් විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා තිබෙනවා.

මොවුන් ඉතිහාසයට එක්වන්නේ මෙවැනි චන්ද්‍රිකාවක් නිපදවූ පළමු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ලෙසයි.

අද අළුයම ගුවන්ගත කෙරුණු ‘රාවණ – වන් ’ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ජපානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට ඔවුන් දෙදෙනා කරුණු දක්වා සිටියා ෴

++++++++++++++++++++++++

‘රාවණා-1’ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වෙයි

(19.04.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනකු නිර්මාණය කළ ‘රාවණා -1’ චන්ද්‍රිකාව අද ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ඇතුළු විය.

ඒ පෘථිවියෙන් නික්මී පැය 36 කට පසුවයි.

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනකු නිර්මාණය කළ රාවන වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ (18) අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ භූමියේ පිහිටි නාසා ආයතන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය කරා ගමන් ආරම්භ කළේය.

අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට පමණ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් පෘථිවිය දෙසට පිහිටා ඇති මොඩුලයට සිග්නස් භාණ්ඩ ප්‍රවාහන යානය සමඟ සම්බන්ධ වීම සිදුකෙරුණි.

අභ්‍යවකාශ යානය මෙලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වූයේ පෘථිවියේන නික්මී පැය 36 ක කාලයක්ගම්න කිරීමෙන් පසුවයි.

නාසා ආයතනය පවසන්නේ, එම අවස්ථාවේදී සිග්නස් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යාවකාශ යානය ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයේ සිංගප්පුරුව ආසන්නයේ පිහිටා තිබු බවයි.

සිග්නස් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යාවකාශ යානය ජුලි මස 23 දක්වා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැදි සිටිමට නියමිතයි.

මෙලෙස ජාත්‍යන්තර අභවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය ‘රාවණා වන්’ චන්ද්‍රිකාව ජුනි මස මුල් සතියේදී එම මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කෙරෙනු ඇති.

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *