119 ස්ථානාධිපතිට පොලිස් ලොක්කෙකු ගෙන් ප්‍රහාරයක්

(19.04.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk)

119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ ඇමතුම් ඒකකය භාර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පහරකෑමකට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පහරකෑමට ලක්වූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසන්නේ පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා තමාට මෙම පහරදීම සිදුකළ බවයි.

පොලිස් හදිසි ඇමතුම් අංශය හෙවත් ඇමතුම් අංක 119 ක්‍රියාත්මක වන මිරිහානේ පිහිටි පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාස කාර්යාලයේදී ඊයේ (18) දහවල් 12.30 ට පමණ මෙම පහරදීම සිදුව තිබේ.

පහරකෑමට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජයතිලක මහතාගේ බිරිඳ චෝදනා කරන්නේ එම පොලිස් කොට්ඨාසයේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පොලිස් අධිකාරී අමිත් ගුණරත්න මහතා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් හදිසි ඇමතුම් අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පසුව ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

කෙසේ වෙතත් එල්ල වන චෝදනාව පිලිබඳව අප කල විමසීමකදී පොලිස් අධිකාරී අමිත් ගුණරත්න මහතා කියා සිටියේ තමන් කිසිවිටකත් පහර නොදුන් බවයි.

කෙසේවෙතත් පොලිස් අධිකාරීවරයා විසින් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැනවැදී පහර දෙන අයුරු ඔහුගේ ජංගම දුරකථනයේ මෙසේ පටිගත කර තිබුණි.

පොලිස් අධිකාරී අමිත් ගුණරත්න – පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ

පටිගත වී තිබු දේ පහතින් දැක්වෙයි :

“උඹ මට ගහන්න කතා කරාලු නේද ? ගහපන් පුළුවන් නම්, ඇඟිල්ලක් තියපන් පුළුවන් නම්. උඹ මේ රාළහාමිලා ටිකක් ඇවිල්ලා උන් එක්ක බීලා පිම්පියා පෙරේතයා.

මට වයස 56 යි බලපිය හයිය, බලපන් හයිය. මගේ අත්දෙක ගැට ගහලා තියෙද්දි පුළුවන් නම් ගහපන්….. තෝ හිඟන්නෙක් නේ යකෝ. මේක උත්සවේ කෑවා උඹ.

උඹ කලින් පාර අවුරුදු උත්සවේ වෙලාවෙත් බීලා මේ කරලා කොල්ලන්ගේ ඔලු පැලුවා ගහලා. උඹ මේකෙත් කොල්ලෝ ඔක්කොම ලෑස්ති කරලා මම මේක බොන එක නවත්තලා තිබුණා.

කොල්ලන්ට බොන්න දීලා එස්.අයි ලට ගැහුවා එහා පැත්තේ පී.සී ලා උඹ කරපු අවලන් වැඩෙන්. ඔය තරු තුන ගලවලා දියන් ස්ටෝරුවට දීලා ගහගනින් ටොනික් මූඩි තුනක් ඕකේ.

උබට ඕ.අයි.සී කම් දෙන්න පුළුවන්ද උඹ කරන ඒවට. උඹට දෙන්න හොඳයි පිටකොටුවේ ටොයිලට් එකේ ඕ.අයි.සී කම. සේනා මේ මූට බය වෙන්න එපා මූ …… බිත්තියේ හප්පලා දෙන්න ඇහැකි ඉල ඇට දෙකක් කැඩෙන්න මුගේ. මූ බිත්තර දාන්න ඉන්න තලගොයෙක් වගේ. මට වයස 59 උනාට උබ වගේ හතර දෙනෙක් එක්ක ගහගත්ත හැකි.

මම පොලිසියට ආවේ රෙස්ලින් කරලා බොකිසිං ගහලා වේට්ලිෆ්ටින් කරලා ගත්ත සහතික වලින් උබ ආවේ මේ හාල්පාරුවෙක් වගේ නිකන් ඉඳලානේ උබේ තාත්තාට පිං සිද්ධ වෙන්න ඒ මනුස්සයා පොලිසියේ හින්දා යකෝ උබ ආවේ පොලිසියට.

මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයාගෙන් විමසීමක් කළේය.‍

++++++++++++++++++++++++

20.04.2019

*****************************************

මාකඳුරේ මධුෂ් සහ උගේ පාතාල කල්ලිය …

19.04.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *