ලැබුණ විදිය දන්නේ නැති ලක්ෂ 35 ක් සමඟ පුද්ගලයින් 2 ක් මාට්ටු

(20.04.2019 – 09:05 +0530 – sinhala.adaderana.lk)

රුපියල් තිස්පන් ලක්ෂයකට වැඩි මුදල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදියවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලීසිය පැවසුවේ අදාල මුදල් තොගය ඔවුන්ට ලැබුණු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට නොහැකි වීමත් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

වීරගුල පොලිස් ස්ථානයේ නිළිධාරීන් පිරිසක් විසින් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ – නුවර මාර්ගයේ රථවාහන පරීක්ෂාවක් සිදුකර තිබේ.

එහිදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අදාල පුද්ගලයන් දෙදෙනා පරීක්ෂාවට ලක්ව ඇති අතර ඔවුන් සතුව තිබී ලක්ෂ තිස් පහකට අධික මුදල් තොගයක් හමුවී ඇත.

කෙසේ වෙතත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාල මුදල් තොගය ඔවුන් සතුවූ ආකාරය පිළිබඳව හෙළි කිරීමට සැකකරුවන්ට හැකි වී නොමැති අතර ඒ පිළිබඳව ඔවුන් ප්‍රකාශ කර ඇති කරුණුද පරස්පර වී ඇත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

*****************************************

ජනප්‍රිය ගායිකා කලාවතීගේ රන් අබරණ කොල්ලකෑ ත්‍රිරෝද රථ රියෑදුරු අත්අඩංගුවට

(20.04.2019 – divaina.com)

ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. කලාවතී මහත්මියගේ ගෙළ බැඳි රන් මාලය ඇතුලු ලක්‌ෂ හතරකට අධික රන් අබරණ කොල්ලකා පලාගොස්‌ සිටි ත්‍රිරෝද රථ රියෑදුරකු මරදාන පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (18 වැනිදා) දහවල් කලාවතී මහත්මිය මරදාන සිට දෙමටගොඩට යැමට මෙම කුලී ත්‍රිරෝද රථයට ගොඩවී තිබේ.

ත්‍රිරෝද රථ රියෑදුරු රථය පාළු ප්‍රදේශයකට ධාවනය කර කලාවතී මහත්මිය ගෙල බැඳි මාලය ඇතුළු රන් අබරණ සහ මුදල් කොල්ල කා අතරමග ඇය දමා පලාගොස්‌ ඇත.

මේ පිළිබඳව කලාවතී මහත්මිය මරදාන පොලිසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකළ මරදාන පොලිසිය සැකකාර ත්‍රිරෝද රථ රියෑදුරු සහ ත්‍රිරෝද රථය ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබේ ෴

++++++++++++++++++++++++

https://meemessasinhalasongs.com/free-sinhala-mp3/artist/download-kalawathi-sinhala-mp3-songs.html

*****************************************

ඇඟට නොදැනි වෑන් රථයක් උස්සපු හැටි – CCTV දර්ශන සහිතයි

(20.04.2019 – 11:39 +0530 – sinhala.adaderana.lk)

දෙහිවල-පල්ලියදොර පාර ප්‍රදේශයේ නවතා තිබු වෑන් රථයක් ඉතාම සුක්ෂම ලෙස අඟුල් කඩා සොරකම් කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පසු ගිය 03 වනදා අලුයම 4 ට පමණ අංක 56-0536 හිමි වෑන් රථය මෙලෙස සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරු මෙම සොරකම සිදු කළ ආකාරය අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් දෙහිවල ස්ථානාධිපති 071 859 1668 සහ ස්ථානාධිපති අපරාධ අංශය 077 753 1321 යන අංක ඔස්සේ දැනුම්වත් කරණ ලෙස පොලීසිය දන්වා සිටියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *