මුස්‌ලිම් ව්‍යාප්තවාදය ගැන පළවෙන වෙබ් කතා ඇත්තද…?

(15.10.2017 – divaina.com)

සිංහලයන් වඳ කිරීමට ගබ්සා පෙති මිශ්‍ර ක්‌ෂණික ආහාර !
2014 දී සිංහල තරුණියන් 4800 ක්‌ ඉස්‌ලාම් ආගමට

මතුපිට පෙනෙනදේ යථාර්ථය නම් ලොවට විද්‍යාවක්‌ අවශ්‍ය නොවන බව කාල් මාක්‌ස්‌ කීවේ තුන්කල් දක්‌නා නුවණිනි. මේ ගෙවමින් පවතින සමය මී පැණියේ ගල්වා සයිනයිඩ් ගිල්ලවන යුගයක්‌ වැන්නකි. සත්‍ය කුමක්‌දැයි අසත්‍ය කුමක්‌දැයි තෝරා වටහා ගත නොහැකි තරමට සන්නිවේදනයේ දියුණුවම සමාජය පඹගාලක පටලවමින් තිබේ. ගෙවුණු ජාතික මැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණයේදී මේ රටේ පුරවැසියන්ගේ මනස සත්‍ය තොරතුරුවලින් මෙන්ම ඒ තරමට අතේ රෝල් පදනමක්‌ නොමැති අසත්‍ය තොරතුරුවලින්ද පුරවාලුයේ ෆේස්‌බුක්‌ වැනි සමාජජාල වෙබ් අඩවි තුළින් මුදාහළ තොරතුරුවලිනි. දැන් එහි සීමාව පෙරටත් වඩා නරක අතට හැරෙමින් තිබේ. ජාතිය සහ ආගම යනු අනාගමින්ට සහ ගෝලීයවාදීන්ට හැර වෙනත් ඕනෑම පුද්ගලයකුට අතිශය සංවේදී මාතෘකාවකි. සත්‍ය මෙන්ම අසත්‍ය පතුරුවන්නන්ද ඒ අතරම තමන්ගේ කූට දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නන්ද දැන් ඒ සංවේදී නිලය අල්ලා සමාජජාල වෙබ් අඩවි මත බඩ පිනුම් ගසමින් හිඳී. එය හුදෙක්‌ම පුරවැසියන්ට ඇති නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියට වක්‍රව සිදුකරන බලපෑමට අමතරව රටේ වාර්ගික සමගියට සිදුකරන්නේද ඉමහත් බාධාවකි.

මේ වන විට රටේ සිදුවන ඕනෑම සිද්ධියක්‌ පුවතක්‌ ලෙස විධිමත් මාධ්‍ය ආයතනයකින් ප්‍රචාරය වීමට පෙර සිදු වූ සැනින් “ෆේස්‌බුක්‌ වෝල්” මත වැටේ. එහෙත් ඒවායින් බොහොමයක්‌ අර්ධ සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරුවලින් බහුල බව ටික කාලයකට පසු ඒ පිළිබඳ නිරීක්‌ෂණය කරන ඕනෑම කෙනෙකුට වටහා ගත හැකි වේ. නමුත් එවැනි තොරතුරු අතර විධිමත් මාධ්‍ය මගින් අනාවරණය කර ගැනීමට නෛතික බාධා තිබෙන නිවැරදි තොරතුරු ද නැතිවාමද නොවේ.

එහිදී අදටත් සමාජජාල වෙබ් අඩවිවල බහුලවම ඇත්තේ විල්පත්තුව වනය විනාශ කර මුස්‌ලිම් ජනපද ඇති කිරීමේ වාර්ගික අන්තවාදී ක්‍රියා පිළිවෙතයි. “ඉස්‌සර විල්පත්තුවට යද්දී හිටියේ” අලි කොටි වළස්‌සු අනාගතයේදී සත්තු බලන්න විල්පත්තු යන අයට දකින්න ලැබෙන්නෙ කළු පාට බූර්කාවලින් මුහුණු වසා ගත්ත ගැහැනු සහ සුදු පාට තොප්පි දාගත්ත මුසල්මානුවෝ”

එසේ සඳහන් කර තිබුණේ පසුගිය ආසන්න කාලයේ ෆේස්‌බුක්‌ පිටුවක පොස්‌ටුවකය. “බේරුවල පැත්තෙ කඩේකට කොත්තුවක්‌ ගන්න සිංහල ළමයි කීප දෙනෙක්‌ ගිහින්. කොත්තුව හදන වෙලාවෙ එතනට ආව මුස්‌ලිම් කෙනෙක්‌ හදිස්‌සියි කියලා ඒ හදමින් හිටිය කොත්තුව ඉල්ලලා. පස්‌සෙ එයාට දෙමළෙන් කියලා තියනවා මේක සිංහල කොත්තුවක්‌ පෙත්ත දාලා හදලා තියෙන්නෙ කියලා. සිංහල ළමයි අතර හිටිය කෙනෙක්‌ට දෙමළ තේරෙනවා. පස්‌සෙ කොල්ලො ටික කඩේට හොඳටම ගහලා. කඩේ සීල් තියලත් තිබ්බා කියන්නෙ.”

එක්‌ කාන්තාවක්‌ එසේ කියද්දී අනෙකා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව එය පිළිගත් අයුරක්‌ පෙනිණි. කාන්තාවන් දෙදෙනාගේ කතාබහේ සාරාංශය වූයේ මුස්‌ලිම් කඩවලින් ක්‍ෂණික ආහාර ගැනීම සියතින් ගෙල සිඳ ගන්නා වැනි හැඟීමකි. එක්‌ පැත්තකින් මෙවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා ජීවත් වීමට හැකි පරිසරයක්‌ සාමාන්‍ය පුරවැසියා තුළ නොවේ. එකා පසු කර අනෙකා දිව යැමට බලන කාර්යබහුල මේ සමාජ ක්‍රමය තුළ ඔවුහු අනෙකා පවසන අවටින් ඇසෙන තොරතුරු සිතේ තබා ගනිති. ඒවායේ සත්‍යතාව ඔවුන් කිරා මැන සිතා ගන්නෙ ඊට ආසන්නව යන අනෙකුත් සාධක මතිනි. පසුගිය කාලය පුරාම මෙරටට ගබ්සා පෙති ගෙනෙන විට නීතියේ රැහැනට හසුවූවෝ මුස්‌ලිම් ජාතිකයෝ වෙති. මීට වසර කිහිපයකට පෙර කටුගස්‌තොට බාලිකා විද්‍යාලයක්‌ ඉදිරිපිට තිබූ හෝටලයේ ගබ්සා පෙති මිශ්‍ර කර කේක්‌ කෑලි අලෙවි කිරීමේ වරදට හසුවූවේද ඉස්‌ලාමිකයකි. සත්‍ය ලෙසම වූ එවැනි සිදුවීම් සහිත අතීත පාඩම් ද ඇති නිසා මේවා සුළුවෙන් තැකිය හැකි කාරණා නොවේ.

විල්පත්තු වනය විනාශ කර මුස්‌ලිම් කොළනි ඉදිකිරීම පිළිබඳ එසේ ඕනෑ තරම් තොරතුරු කාලයක සිට අදටත් ෆේස්‌බුක්‌ පොස්‌ටුවල තිබේ. විධිමත් මාධ්‍ය ආයතනද බොහෝ විට ඒ පිළිබ`ද සවිස්‌තරාත්මක පුවත් වාර්තා කර තිබේ. එහෙත් ඊට එරෙහිව ගත් සාධනීය පියවරක්‌ පුරවැසියන්ට නොපෙනී ඇති බව දැනටත් ඒ පිළිබඳ ඇති සංවාද මගින් පැහැදිලි වේ.

සිංහල ජාතිය වඳ කිරීමේ යටිබිම් ගත මෙහෙයුමක්‌ මේ වන විට කරළියට පැමිණ තිබෙන බවට ප්‍රචාරය වන “එෆ්. බී. පොස්‌ටු” දැන් සමාජය තුළ වේගයෙන් ප්‍රචාරය වන තොරතුරු බවට පත්ව තිබේ. දෙයාකාරයකින් ප්‍රචාරය වූ එම තොරතුරුවල එක්‌ තොරතුරකින් කියවුවේ බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ ගබ්සා පෙති ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත් වූ බව සඳහන් මුස්‌ලිම් ජාතිකයකු පිළිබඳවයි. එහි අනෙක්‌ තොරතුරේ සඳහන් වූයේ මුස්‌ලිම් අවන්හල් තුළින් ආහාර මිලදී ගන්නා විට එවැනි වඳ පෙති (ගබ්සා පෙති) ක්‍ෂණිකව සකස්‌ කරන ආහාරවලට මිශ්‍ර කර සිංහලයන්ට ලබාදෙන බවට වන තොරතුරකි. මඟ තොටේදී අසන්නට ලැබුණු කාන්තාවන් දෙදෙනකුගේ කතාබහ තුළින් අවබෝධ වන්නේ ෆේස්‌බුක්‌ පිටුවලින් ප්‍රචාරය වූ එම තොරතුරු කෙතරම් ඉක්‌මනින් සමාජගත වෙමින් පවතින බවට වන ඉඟියකි. පෙර කී තොරතුරු සමඟ පූර්ව අපර සන්ධි ගළපා ගන්නා ඔවුහු විසින් ම තීරණවලට එළැඹෙති.

මහසොන් බළකාය නමැති සංවිධානයක්‌ ලංකාවේ මුස්‌ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ අන්තර්ජාලයේ පළකරන තොරතුරු ජාතී මාමක බලවේගවල රෝම කූප කෙළින් කරන සුළු වේ. මෙරට මහා ජාතිය සුළු ජාතියක්‌ කිරිමේ දිර්ඝ කාලීන සැලසුම් පිළිබඳ වන තොරතුරු ඔවුහු ෆේස්‌බුක්‌ පිටු පුරා නිතර ප්‍රචාරය කරති. ඒවායේ දැක්‌වෙන තොරතුරු අනුව 2014 දී පමණක්‌ සිංහල තරුණියන් 4800 කට අසන්න ප්‍රමාණයක්‌ මුස්‌ලිම් තරුණයන් සමඟ විවාහ වී ඉස්‌ලාම් දහම වැළඳගෙන තිබේ. මෙම විවාහයන් සැලසුම් සහගතව සිදුවන ඒවා බවට පෙන්වා දෙන ඔවුන් ප්‍රකාශ කරන්නෙ මේ රට තුළ සිදුවන මුස්‌ලිම් ව්‍යාප්තවාදයේ එක්‌ උපායශීලී ක්‍රමයක්‌ එය වන බවයි.

පුරවැසියකුට කැමැති පුද්ගලයකු සමඟ විවාහ පත් වීමත්, දරුවන් හැදීමත් රටේ නීතිය අනුව බාධාවක්‌ නොවන බව ඇත්තකි. එසේම එය ඕනෑ පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. නමුත් ඒ අයිතිවාසිකම් මාරාන්තික අයුධයක්‌ කරගෙන රටේ ජනපදනම දෙදරා යන සුළු තැනට රහස්‌ සැලසුම් සිදු කෙරේ නම් එම නීතියම අනාගත මහා ඛේදවාචකයකුට උත්තේජනය දෙන්නකි. ලංකාව වැනි රටකට එහි ඇති අවදානම වඩා වැඩි වන්නේ වාර්ගික පදනම් මත මේ රට කෑලිවලට කැඩීමේ ව්‍යාපාර දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන බැවිනි. දශක කිහිපයක සිට ම මේ රටේ පැවති ආණ්‌ඩුවල ආශීර්වාදයෙන් ඉතා සූක්‌ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එය බව මේ ගෙවමින් පවතින සමයේ සිදුවන සිදුවීම්වලින් පවා ඉඟි කරයි.

මහනුවර වෙළම්බඩ ගම්මානය ඊට ආසන්නම උදාහරණයි. එම ගමේ ආසන්න අතීතය දක්‌වා සිංහල බහුතරයක ජන පදනමක්‌ පැවැති ගමකි. නමුත් දැන් එහි ජීවත් වන පවුල් 80 කට ආසන්න සංඛ්‍යාවක්‌ අතරින් පවුල් 47 කට ආසන්න සංඛ්‍යාවක්‌ ඉස්‌ලාම් ආගමිකයෝ වෙති. දැන් එහි ඉස්‌ලාමික පවුල්වල ඉල්ලීම වී ඇත්තේ තුනෙන් එකක ජනපදනම මත එම ගම්මානයට වෙන් කර ඇති සුසානයෙන් කොටසක්‌ ඔවුන්ට වෙන්කර දෙන ලෙසයි. මේ රටේ විධිමත් මාධ්‍යවලින් ප්‍රචාරය නොවූ මේ පුවත අන්තර්ජාලයේ ප්‍රචාරය වී තිබුණකි. නමුත් එය සත්‍ය සිදුවීමක්‌ බව අප කළ සොයා බැලීමේදී හෙළිවිණි.

මීට දෙසතියකට පෙර රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වෙළෙඳසැලකට ගිය සිංහල යුවතියකට අතවරයක්‌ සිදු වූ පුවතක්‌ ෆේස්‌බුක්‌ භාවිත කරන්නන් අතර වේගයෙන් සංසරණය විණි. එයට අනුව අතවරයට පත් කළ වෙළෙඳසැල් හිමියා ඉස්‌ලාම් ජාතිකයෙකි. නගරයේ සෙසු වෙළෙඳ ව්‍යාපාරිකයන් එම සිද්ධියට එරෙහිව උද්ඝෝෂණ කරන විට ජාතීන් අතර සංහිඳියාවට බාධාවක්‌ බව පවසමින් ආරක්‌ෂක අංශ එය වළක්‌වා තිබේ.

සමාජයේ එකට ජීවත් වෙන අන්‍යාගමිකයන් පිළිබඳ අපුලක්‌ ඇති වන මෙවැනි ප්‍රචාර අසත්‍ය නම් ඒවා නිවැරදි කිරීම ජනතාවගේ බදු මුදල්වලින් ජීවත් වන වගකිවයුත්තන්ගේ වගකීම වේ.

උතුරු, නැගෙනහිර සිංහල බෞද්ධ උරුමයට සාක්‌ෂි සපයන බෞද්ධ ආගම හා බැඳිව ගොඩනැඟී ශිෂ්ටාචාරයට අයත් සංකේත විනාශ කිරීම පිළිබඳ පුවත්වලින් නම් සමාජජාල වෙබ් අඩවි පිරී තිබේ. ඡායාරූප සමඟම පළ වී ඇති ඒ බොහෝ සිදුවීම් අසත්‍ය ඒවාම නොවේ. නමුත් තුනපහ අඩු වැඩිය දමා අතින් අතට අවිධිමත්ව ප්‍රචාරය වන එවැනි පුවත්වල යථා තතු පුරවැසියන්ට දැනගැනීමට සැලැස්‌වීම අසත්‍ය තොරතුරුවලින් ජාතීන් අතර සිදුවන විරසකය වළකාලයි. කළ යුත්තේ සංහිඳියාවේ නාමයෙන් ඒවා බැහැර කිරීම නොව වරද දුටු තැන දඬුවම් කිරීමයි. එවිට ආගම, ජාතිය වැනි සංවේදී මාතෘකා අල්ලා ගෙන බොර දියේ මාළු බාන්නට බලා සිටිනවූන්ට තම න්‍යාය පත්‍ර හකුලා ගැනීමට සිදු වේ. නොමැති නම් සිදුවන්නේ සත්‍ය අසත්‍ය තේරුම් ගැනීමට නොහැකිව මංමුලා වූ ජාතියක්‌ සේ ජීවත්ව අනාගතයේදී තවත් මහා ඛේදවාචකයට මුහුණ දීමට මේ රටේ ජනතාවට සිදුවීමයි.

– තිස්‌ස ගුණතිලක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *