සිවුරු අඩංගු ගෝනි 05 ක් පාත්තර 107 ක් සහ මන්නා පිහියක් සමගින් තිදෙනෙක් අත්අඩංගුවේ….

(03.05.2019 – 08:20 +0530 – lankacnews.com)

බළපිටිය මරදාන, රේවත පාර, පල්ලිය පිටුපස, බ්‍රාක්මණවත්ත, විජයාරාම පාර, වැලිකඩමුල්ල ආදී ප්‍රදේශයන්හි (02) රාත්‍රී 7.00 සිට 9.00 දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදී භික්ෂූන් වහන්සේලා පාවිච්චි කරන සිවුරු අඩංගු ගෝනි 05 ක් පාත්තර 107 ක් සහ මන්නා පිහියක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

අහුන්ගල්ල පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවුක හමුදාව, වෙරළ ආරක්ෂක බලකාය එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.

මෙහිදී අත් අඩංගුවට ගෙන ඇත්තේ බළපිටිය, රේවත පාර, ලිපිනයේ පදිංචි මොහොමඩ් නිලාම් මොහොමඩ් රියාස් (25), එම ලිපිනයේද පදිංචි මොහොමඩ් මන්සූර් මොහොමඩ් රිස්ලාන් (24) සහ පල්ලිය අසල, බළපිටිය ලිපිනයේ පදිංචි සමිට්ඩීන් මොහොමඩ් (41) යන තිදෙනාය.

මෙයින් පළමු හා දෙවන සැකකරුවන් සන්තකයේ තිබී පාත්තර තොගය සහ සිව්රු තොගය සොයා ගෙන තිබෙන අතර තෙවන සැකකරු සන්තකයේ තිබි මන්නා පිහිය සොයා ගෙන තිබේ. මෙම සිව්රු තොගය, පාත්තර තොගය හා මන්නා පිහිය දැනට අහුන්ගල්ල පොලීසිය භාරයේ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කරන බවත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සදහා මේවා තබා ගත්තේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අහුන්ගල්ල පොලීසිය කියයි. නමුත් සිව්රු තොගය තුල සම්පූර්ණ සිව්රු නොමැති බවත් ඇත්තේ සිව්රු කොටස්, බදපටි සහ සිව්රු මැසීමට යොදා ගන්නා කොටස් තොගයක් බවත් පාත්තර ද අබලන් වූ සීරී ගිය, සායම් ගැලවී ගිය ඒවා බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. තෙවන සැකකරු ලොරි රථ රියදුරෙකු ලෙස කටයුතු කරන බවත් මන්නා පිහිය තබා ගත්තේ කුමක් සදහාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අහුන්ගල්ල පොලීසිය කියයි.

භික්ෂූන් වහන්සේලා විසින් දාන මාන ආදී පිංකම් වලදී පූජා භාණ්ඩ ලෙස තමන්ට ලැබෙන සිව්රු හා පාත්තර විකිණීම සදහා ලබාදෙන බවත් එසේ විකිණීමට නොහැකිව අබලන් වූ සිව්රු කොටස් හා පරණ පාත්තර මෙසේ නිවසේ ගොඩ ගසා තිබූ බවත් පළමු හා දෙවන සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කළේ යැයි අහුන්ගල්ල පොලීසිය කියයි. මෙසේ විකිණිම සදහා ලබාදෙන සිව්රු හා පාත්තර විකුණා තමන්ද මුදලක් තබාගෙන එම භික්ෂූන් වහන්සේලාට ඉතිරි මුදල් ලබා දෙන බවද සැකකරුවන් පළමු හා දෙවන සැකකරුවන් පොලීසිට ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වල බවද අහුන්ගල්ල පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

+++++++++++++++++++++++++++++++++++++

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ඇතුල් විමට තැත්කල සැකකරුවන් දෙදෙනෙකු ගැන පරීක්‍ෂණ..

(03.05.2019 – 08:40 +0530 – lankacnews.com)

වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස හැඳින්වෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ඉකුත් මස 7 වෙනි ඉරු දින උදැසන ඇතුල්විමට උත්සහ කල දෙදෙනෙකු සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

සුදු ඇදුමින් සැරසුනු දෙදෙනෙකු හිස් වැසුම් සහිතව එදින උදැසන 7 ට පමණ පැමිණ දෙවස්ථානය නැරඹිමට අවශ්‍යය බවත්, දේවස්ථානය තුලට හිස්වැසුම පැළද ඇතුල් විය හැකිද යන්න එම දේවස්ථානයේ සේවය කරන සේවකයෙකුගෙන් විමසා ඇත.

එම සේවකයා විසින් හිස්වැසුම පැළම දේවස්ථානය තුල ඇතුල් විමට නොහැකි බව දැනුම් දිමෙන් පසු එම සැකකරුවන් දෙදෙනා දේවස්ථාන භුමියෙන් පිටව ගොස් ඇත.

ඉරිදා දේව මෙහෙයන්ට වතුකරයේ විශාල කිතුනු බැතිමතුන් පිරිසක් එම දේවස්ථානයේ සිංහලින් සහ දමිල බසින් පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහභාගි වෙයි.

21 දින පාස්කු ඉරුදින සිදු කල ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමග හැටන් ශ්‍රි කුරුස දේවස්ථාන වෙත පැමිණි සැකකරුවන් දෙදෙනා පිලිබදව සැකසිතී එම කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් වන නිව්මන් පිරිස් පියතුමන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර එම සැකකරුවන් දේවස්ථාන භුමියට පැමිණ විපරම් කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබු දර්ශනද පොලිසිය වෙත භාර දි ඇත.

අංශ කිහිපයක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පරික්ෂණ ආරම්භ කර ඇති අතර එම දේවස්ථානයට මේ වන විට දැඩි ආරක්ෂාවක් ලබා දි ඇත.

එම දේවස්ථානයේ ආරක්ෂාව පිලිබදව සොයා බැලිමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා එම දේවස්ථානයට පැමිණ ප්‍රධාන පියතුමණ් සමග සාකච්ඡා කර රජයට දැනුම් දි දේවස්ථානයේ ආරක්ෂාව තර කිරිමට කටයුතු කරන බව දැනුම් දි ඇත.

හැටන් නගරය හරහා එම සැකකරුවන් දෙදෙනා තවත් පිරිසක් සමග ගමන් කරන අයුරු නගරයේ සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ හැටන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++++

27.04.2019

+++++++++++++++++++++++++++++++++++++

පාස්කු ඉරිදා ප‍්‍රහාරයක් වැරදුනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් අත්අඩංගුවේ…

(03.05.2019 – 00:02 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන් සමග තමන් ද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවට සැකකරුවෙකු පාපොච්චාරණය කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී ය.

රියාස් අබුබකර් නම් ඔහු ඉන්දීය ජාතික විමර්ශනය ඒජන්සි විසින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමන් ISIS සාමාජිකයෙක් යයිද සැකකරු විසින් අත්අඩංගුවේ දී හෙළිකර ඇත.

මෙම පුද්ගලයාගේ සහායකයන් කවුදැයි ඉන්දීය බුද්ධි අංශ විසින් සොයා බලමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය තව දුරටත් වාර්තා කරයි ෴

+++++++++++++++++++++++++++++++++++++

සුප්‍රසිද්ධ පල්ලියකට හා අපෝස්තලික ආයතනයට සති අන්තයේ පහර දීමට සූදානම්.. – අගරදගුරු හිමියෝ ලිඛිතව අනතුරු අගවති…

(02.05.2019 – 22:46 +0530 – lankacnews.com)

මෙරට සුප්‍රසිද්ධ කතෝලික දේවස්ථානයකට සහ අපෝස්තලික සේවා ආයතනයට පහරදීම සඳහා සතිඅන්තයේ සූදානමක් ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි.

මෙම හේතුව නිසා එන ඉරිදා දිනයේ සියලුම දෙව්මැදුරු වල පවත්වන්නට සැලසුම් කර ඇති දේව මෙහෙයන් සහ අනිකුත් දිව්‍ය පූජා නැවත දැනුම් දෙන තුරු නවත්වා දමන බවද රදගුරුතුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++++

ජනපතිට විරුද්දව රටපුරා පන්සල්වලට රාජ්‍ය විරෝධී කැලෑ පත්තර තැපැල් කරමින් සිටියදී ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල නිළධාරින් අත්අඩංගුවේ…

(02.05.2019 – 22:00 +0530 – lankacnews.com)

පසුගිය පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයකට බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ජාතික දවුහිද් ජම්මාද් සංවිධානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීප ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සම්බන්ධ යයි සදහන් ලිපි දහසක පමණ ප‍්‍රමාණයක් රට පුරා ප‍්‍රධාන විහාරස්තාන වෙත තැපැල් කිරීමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී තැපැල් කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ඇති පුද්ගලයන් දෙදෙනෙකු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ කටයුතු කරන්නන් වෙයි.

ඉන් දෙදෙනෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ සහ අනෙක් සැකකරු මාර්ග සංවර්ධන අධිකාරියේ මාධ්‍ය ඒකකයේ වෙයි.

රාජ්‍ය විරෝධී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස මෙසේය :

සම්පත් කුමාර – මාර්ග සංවර්ධන අධිකාරිය
ඩබ්.එම්.ඩී.පී. බණ්ඩාර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
පටබැදිගේ කවිදු තක්ෂිල වීරසේකර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

(අදාල ලිපියද අප සතුව ඇතත් රාජ්‍ය විරෝධී ලේඛණයක් ලෙස සැලකෙන බැවින් එය ප‍්‍රසිද්ධ නොකරමු.)

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

මරාගෙන මැරෙන්න ගැම්ම ගන්න ගෙනා මත්පෙති හැට දාහක් අල්ලයි..

(02.05.2019 – 18:48 +0530 – lankacnews.com)

ආරක්ෂක අංශ විසින් කරන ලද වැටලීමකදී කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ නිවසක තිබී මත්පෙති හැටදහසක් සහ උපත් පාලන පෙති පනස් දහසක් පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තොගය තිබී ඇත්තේ පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බ පුපුරවාගෙන මිය ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනාගේ සමීපතම ඥාති නිවසකය.

මෙම මෙම මත්පෙති තොගය සම්බන්ධයෙන් සැකපිට එම ඥාතියා සහ ඔහුගේ පුතා අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙරාතුව එම අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් විසින් මෙම මත්පෙති පානය කර ගියේදැයි බලවත් සැකයක් පොලිසියට මතුව තිබේ.

මේ ගැනද කරුණු විමර්ශනය කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි ෴

ගබ්සා පෙති සමඟ ඇල්ලූ පිය, පුතු දෙදෙනා ඇප මත මුදා හරී

(03.05.2019 – 06:48 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව – ආදුරුප්පු වීදිය මහල් නිවාස සංකිර්ණයක ගබඩාවක තිබී ගබ්සා පෙති ඇතුලූ නීති විරෝධි ඖෂධ වර්ග 76,000 ක් සමග අත්අඩංගුවට ගත් පියා සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

ආදුරුප්පුවීථිය පොලිසිය විසින් මොවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මහේස්ත්‍රාත් අරුණි ආටිගල එහිදී නියෝග කළේ සැකකරුවන් රුපියල් ලක්ෂ 2 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායමක් පසුගියදා මෙම ගබඩාව පරික්ෂාවට ලක් කරනු ලැබුවේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සිටින බවට ලද තොරතුරකට අනුවයි.

එහි දී මෙම නිති වීරෝධි ඖෂධ තොගය සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් පමණ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ.

වැටලීමේදී 62 හැවිරිදි එම්.අයි.එම්.ෆසාදීන් සහ ඔහුගේ පුත්‍රයා වන 34 හැවිරිදි ඒ.සී.එම්. සිල්මුදීන් නැමැති මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ කොළඹ සහ අනෙක් ප්‍රදේශවලට මත්පෙති ඇතුළු ගබ්සා පෙති බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙය පවත්වාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, සැකකරුවන් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සබඳතා පවත්වා ඇතැයි පවතින සැකය සහ නීතිවිරෝධි මත්පෙති අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන නිසා ඇප ලබාදීමට විරෝධය පළ කරන බවයි පොලිසිය අධිකරණයට හමුවේ කියා සිටියේ.

එහෙත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ මොවුන් ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ නම් රඳවාගෙන ප්‍රශ්න කළ යුතු බවයි.

ඊයේ ඇප නියම වූ 62 හැවිරිදි සැකකරුගේ අනෙක් පුත්‍රයා පාස්කු ඉරුදින බෝම්බ පිපිරිම සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස අසලින් සැකපිට පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුගේ නිවස ද පිපිරිම සිදුවු නිවස ආසන්නයේම පිහිටා ඇති අතර එහි තිබී හෙරොයින් ග්‍රෑම් 170 ක් ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++++

පලාතේ 09 යේ ප‍්‍රධාන ස්ථාන 09 ක බෝම්බ පුපුරවන බිහිසුණු මුල් සැලැස්ම බුද්ධි අංශ හෙලිකර ගනී…

(03.05.2019 – 09:20 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා දිනයේ ප්‍රධාන ස්ථාන කිහිපයක බෝම්බ පිපිරූ මරාගෙන මැරෙන ත්‍රස්ත වාදීන් මුලින්ම සැලසුම් කර ඇත්තේ පළාත් නමයේ කතෝලික දේවස්ථාන ඇතුළු ප්‍රධාන ස්ථාන නවයක බෝම්බ පිපිරවීමට බව රාජ්‍ය බුද්ධි සේවා විසින් තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.

එසේ නමුත් එම මුල් සැලැස්ම වෙනස් වී ඇත්තේ ත්‍රස්ත කණ්ඩායමේ කොටසක් ඊට විරුද්ධ වීමෙන් ඇති වූ මතභේදයක් නිසා බවද හෙළිව තිබේ.

මෙම මත ගැටුම හේතුවෙන් වෙනත් පිරිසක් යොදාගෙන දෙවැනි සැලසුම පාස්කු ඉරිදා දිනයේ ක්‍රියාත්මක කර තිබූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මුල් සැලැස්ම ක්‍රියාත්මක කලේ නම් මීට වඩා වැඩි විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව බුද්ධි අංශ සඳහන් කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++++

බදියුදීන්ගේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි – එස්.බී. දිසානායක

(03.05.2019 – 06:53 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයින්ගේ බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු පරීක්ෂා කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කළා.

+++++++++++++++++++++++++++++++++++++

මීගමුවේ ප්‍රසිද්ධ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ විදෙස් මාධ්‍යවේදියෙකු රිමාන්ඩ්

(02.05.2019 – 21:12 +0530 – hirunews.lk/sinhala)

මීගමුවේ ජනප්‍රිය පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීමට තැත් කළ රොයිටර් විදෙස් ඡායාරූප මාධ්‍යවේදී සිද්දිකි අහමඩ් ධනීෂ් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු ඉන්දියාවේ මුම්බායි නුවර කේන්ද්‍ර කරගත් රොයිටර් පුවත් සේවයේ ඡායාරූප මාධ්‍යවේදියෙක්.

සැකකරු එම පාසලේ විදුහල්පතිවරයාගේ කාමරයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ පාසලේ දෙමව්පිය හමුවක්ද පැවති බව සඳහන්.

සිද්ධියෙන් ඔවුන්ද කලබලයට පත්වී ඇති අතර, අනතුරුවයි පොලිසිය දැනුවත් කර ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

*****************************************

ATM කාඩ්වලින් දත්ත සොරකම් කරන අලුත් ක්‍රමයක්

(02.05.2019 – 19:04 +0530 – hirunews.lk/sinhala)

ඒ.ටී.එම් කාඩ්පත් වල අඩංගු රහස් දත්ත ලබා ගෙන රුපියල් ලක්ෂ හය හමාරකට ආසන්න භාණ්ඩ ලබා ගත් සැකකරුවන් දෙදෙනකු හලාවත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද පැමිණිලි තුනකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරුට ජාවාරම සඳහා සහය වූ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක සේවකයෙකුද ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රධාන සැකකරු තමන් සතු කුඩා උපකරණයක් ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ලබා දී ඇති අතර බැංකු කාඩ් මගින් මුදල් ගෙවන ඉන්ධන පාරිභෝගිකයින්ගේ කාඩ්පත්වල දත්ත, හොර රහසේ එම උපකරණයට ලබාගෙන මෙම වංචාව සිදු කර ඇති බව මුලික විමර්ෂණවලදී අනාවරණය වී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++++

ලංකාවට වෙන්න යන දේ ගැන සුජිත් නිශාන්තයන්ගෙන් හෙළිදරව්වක් (01.05.2019)

https://www.youtube.com/watch?v=ebXafmjVKpw

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Terrorists readiness for infiltrating the civil society and causing murder and mayehm is beyond our comprehension. It has been demonstrated that the whole country has become an arsenal for terrorists with the way weapons have been stashed away in caches everywhere, and other logistic support such as material t be used for disguising terrorists as friends and memebers of the peaceful community are being discovered at every corner or crevice that securty services have been looking into. This is extremely serious; the country could have been transformed into a blood bath at short notice and we are very lucky that these plots and equipment are being uncovered at last. The corrupt GOvernment and HR NGOs and their stinky lawyers and our politcians are the root cause of this mess and dangerous situation, as well as the western governments that have been at SLK’s throat holding an HR card. We need a true patriotic leader to lead our country and we must get rid the current den of thieves that infect the parliament.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *