සයින්දමරදු අයි එස් ත්‍රස්තයන් ගැන ඔත්තුව දුන් මුස්ලිම් ජාතිකයන්ට පොලීසියෙන් මිලියනයක් – නිළධාරීන්ටත් උසස්වීම් සහ මුදල් තෑගි

(03.05.2019 – nethgossip.lk)

සයින්දමරදු ප්‍රදේශයේ පිහිටි සුනාමි ගම්මානයේ ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් පිරිසක් සැගවී සිටින බවට තොරතුරු ලබාදුන් පොලිසියේ කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කොට ඔහුට රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදලක් ලබාදීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කර සිටිනවා.

ඊට අමතරව ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් සහ මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකුට රුපියල් මිලියනය බැගින් ත්‍යාග මුදල් පිරිනැමීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++++

මාම් බිස්කට් සමාගමේ හිමිකරු කටුගස්තොටදී අත්අඩංගුවට – සේවකයෙකු ලවා ගිනි අවි සඟවන්න හදලා

(03.05.2019 – nethgossip.lk)

මාම් බිස්කට් පුද්ගලික සමාගමේ හිමිකරු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සිය ආයතනයේ සේවකයෙකු ලවා ඔහුට අයත් ගිනි අවි කිහිපයක් සැඟවීමට උත්සහ කිරීමේදීයි.

එම ආයතනයේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරන අදාළ සේවකයා පිස්ටලයක් හා වායු රයිෆල් දෙකක් රැගෙන යද්දි කටුගස්තොට පාලම අසළ ඇති ඝටිකාරාම මාර්ග බාධකය අසළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක නිළධාරියාගෙන් කළ ප්‍රශ්ණ කිරිම් වලදි පවසා ඇත්තේ තම ආයතනයේ ප්‍රධානියා මෙම අවි සැඟවීමට තමාට උපදෙස් ලබා දුන් බවයි

මේ වන විට සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම් සිදුවන බව කටුගස්තොට පොලීසිය සඳහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++++++++

ජපුර-රජරට සරසවි අධ්‍යන කටයුතු සඳහා විවෘත කිරීමට තීරණයක්

(03.05.2019 – 17:21 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ජයවර්ධනපුර හා රජරට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සඳහා විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

රටතුළ පවතින තත්වය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව පියවර ගත්තේය.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල වල ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව ඒවා විවෘත කිරීමේ බලය උපකුළපතිවරුන් වෙත ලබා දී ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිශන් සභාව පැවසුවේය.

ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ලබන 08 වනදා ආරම්භ කෙරෙන අතර ඉංජිනේරු පිඨයේ අධ්‍යයන කටයුතු ලබන 20 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

සෙසු සියලු පීඨවල අධ්‍යයන කටයුතු ලබන 13 වනදා ආරම්භ කෙරෙන බව ශ්‍රි ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුළපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසුවේ.

අධ්‍යයන කටයුතු සඳහා ලබන 6 වනදා විවෘත කරන බව එම විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය පවසයි.

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ලබන 6 වැනිදා ආරම්භ කරන බව එහි උපකුලපති ආචාර්ය බී.ඒ.කරුණාරත්න මහතා පැවසුවේය.

සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ලබන 8 වැනිදා ආරම්භ කෙරෙන අතර ව්‍යාවහාරික විද්‍යා, තාක්ෂණ, කළමනාකරණ හා කෘෂිකර්ම යන පීඨවල අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාව තුල මද්‍රසා හා අරාබි පාසල් 1986 ක් : නියාමනයට නව කෙටුම්පතක් ගෙන ඒමේ සුදානම්

(03.05.2019 – nethnews.lk)

ශ්‍රී ලංකාව තුල මද්‍රසා පාසල් 1669 ක් සහ අරාබි පාසල් 317 ක් ලියාපදිංචි කර ඇති බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්.ආර්.එම්. මලික් සදහන් කර සිටිනවා. මෙම සියලු පාසල් සිය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිකර ඇති බව nethnews.lk සිදුකළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියා.

මද්‍රසා පාසල් 1669 මෙරට පිහිටි මුස්ලිම් දේවස්ථාන හා සම්බන්ධව පිහිටුවා ඇති බවත් එමගින් කුරානය සහ ඉස්ලාමිය ආගම සම්බන්ධව සිදුකරනු ලබන මුලික අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සිදු කරන බවත් අරාබි පාසල් මගින් ඉස්ලාම් ආගමේ ගැඹුරත්වය සහ ඒ හරහා ඉස්ලාමිය පුජකයින් බිහි කිරීමේ කටයුතු සිදුකරන බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ.

ඉස්ලාම් අන්තවාදී මතවාදයන්ට පුද්ගලයින් නැඹුරු කරවීමට අවශ්‍ය වන ඉගැන්වීම් මෙම පාසල් හරහා සිදුවී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගෙන් අප විමසා සිටි අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ වර්තමානය වන විට දැඩි ඉස්ලාම් මතවාදය සම්බන්ධයෙන් වන ඉගැන්වීම් ලොවපුරා ප්‍රචාරය වන බවත් එයට කැමැත්තක් දක්වන පුද්ගලයින් සිරියාව වැනි විදෙස් රටවලට ගොස් හදාරන බවයි. එමෙන්ම මෙරට දැනට පිහිටා තිබෙන මද්‍රසා සහ අරාබි පාසල් තුල සිදුකරනු ලබන විෂය කරුණු ඇතුලත් පොත් සිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් වන බවද ඔහු සඳහන් කර සිටියා.

නමුත් මෙම මද්‍රසා සහ අරාබි පාසල් තුල සිදුවන කටයුතු සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ නියාමනයක් සිදුවන්නේද යන්න පිළිබද ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ මේ දක්වා එවැනි දෙයක් මේ දක්වා සිදුනොවූ බවයි. එමෙන්ම අගමැතිවරයාගේ උපදෙස් මත මේ වන විට එවැනි කටයුතු සම්බන්ධයෙන් නව නීති ගෙන ඒමේ කෙටුම්පතක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බවත් අද (03) දින ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙරට පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් නැමැත්තාද කාත්තන්කුඩි හි පිහිටි ජමිල් අල්ෆාලා නම් අරාබි පාසලේ අධ්‍යාපනය හදාරා ඇති බවත් එහිදී ඔහුගේ දැඩි මතදාරී අදහස් දැක්වීම හේතුවෙන් එම පාසලෙන් නෙරපා හැරීමට අදාළ පාසලේ බලධාරීන් පියවර ගත් බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්.ආර්.එම්. මලික් ප්‍රකාශ කර සිටියා ෴

*****************************************

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවකට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.. කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා ..

(03.05.2019 – 15:00 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (CCO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (Chief Executive Officer – CEO) ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය දක්ෂතාවය මත එය 2016 වසරේදී අධික ලෙස ණය වීම හේතුවෙන් එරට රජය විසින් වසා දමා ඇත.

තවද ඉන් අනතුරුව මෙහොමඩ් ඔමාර් ලෙස නම වෙනස් කර ගනිමින් ඔහු ඉස්ලාම් ආගම වැළඳගෙන ඇත්තේ ඇෆ්ගන් ජාතික කාන්තාවක් සමගද විවාහ වෙමිනි.

මෙම පුද්ගලයා සභාපතීත්වය දරන බස්ටොස් සමාගම් ජාලයට එවකදී ඇමරිකානු ඩොලර් මිලියන 11 ක සන්නිවේදින උපාංග හා සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම හේතුවෙන් චෝදනා ලබා ඇත.

ඔහු තමාගේ සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචිකොට ඇත්තේ කොන්ත්‍රාත්තුව ලැබී දිනකට පසුවීම විහිලු සහගතය. ඒ හා සම්බන්ධ අනාවරණය කිරීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් සිදුකොට ඇත.

එවන් තත්වයකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජෝෂුවා බස්ටොස්ව පසුගිය අප්‍රේල් 23 දා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට පත්කොට ඇත්තේ අබමල් රේණුවක හෝ මොළය පාවිච්චි කරමින්ද යන්න සේවකයෝ ප්‍රශ්න කරති.

ශ්‍රීලංකන් ගුවන්සේවය වලපල්ලට යාම කෙසේවෙතත් අවම වශයෙන් ශ්‍රීලංකාවේ පවතින වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව හෝ සැලකිල්ලට ගෙන මෙම චෝදනා ලැබූ පුද්ගලයාගේ පත්වීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රීලංකන් සේවකයින් ඉල්ලයි.

– Ktg

*****************************************

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

ජා ඇල කර්මාන්ත ශාලාවෙන් හෙළිවන තවත් රහස්

(03.05.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ජාඇල – ඒකල යකඩ කර්මාන්ත ශාලාවෙන් සොයාගත්, යුද හමුදා බර අවි උණ්ඩ අතර, ජීව උණ්ඩ 409 ක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ජාඇල – ඒකල – උදම්මිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික යකඩ උණුකරන කර්මාන්ත ශාලාවක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ පස්වරුවේ විශේෂ පරීක්ෂාවකට ලක්කළේ ලද තොරතුරකට අනුවයි.

එහිදී කම්හලේ ගබඩාවක තිබූ යුද හමුදාවේ බර අවි සඳහා භාවිත කරන උණ්ඩ තොගයක් සොයාගැණුනා.

පොලිසිය පැවසුවේ ඒ අතර, මිලිමීටර් 50 සහ 80 වර්ගයේ මෝටාර් උණ්ඩ මිලිමීටර් 130 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ සහ නාවික හමුදාව භාවිත කරන මුහුදු බෝම්බ තොගයක් සොයාගත් බවයි.

එමෙන්ම ටී. 56 පතරොම් හිස්කොපු 100 ක් සහ වෙඩි බෙහෙත්වලට සමාන පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන තිබෙනවා.

කර්මාන්ත ශාලාවේ සේවකයෙකු පැවසුවේ මීට පෙර අවස්ථා කිහිපයකදී මෙහි පිපිරීම් කිහිපයක්ද ඇතිවූ බවයි.

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

29.04.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Sri Lankan Airlines is following the example set by RW in appointing his friend, a foreigner and a bank robber, as the Head of Central bank. These corrupt management people never ever learn any lessons, because corruption and endemic criminal activities are part of their make up. So do not expect Executives of airlines or prime Ministers of the country do anything good for the country. God help SLK airlines, that one time the pride of the nation, but now a den of thieves.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *