‘‘පරිඝණක දත්ත මකා දමා ලිපි ලේඛණ විනාශ කරන්න – දේවස්ථාන ආදිය හැකිතාක් මග හරින’’ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලංකාවේ සෞදි තානාපතිට ලැබූ රහස් ලිපිය

(05.05.2019 – nethgossip.lk)

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල්-අසාෆ් ගේ අත්සනින් යුතුව මෙරටසෞදි තානාපතිවරයා වෙත එවන ලද රහස්‍ය ලිපියක් සම්බන්ධයෙන් අල්අහඩ් වෙබ් අඩවිය අනාරවරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට දින 05 කට පෙර අදාල ලිපිය මෙරට සෞදි තානාපතිවරයා වෙත එවා ඇති අතර හදිසි කටයුත්තක් සේ සලකා සිදුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ එම ලිපියෙහි දක්වා තිබෙනවා.

ඒ අනුව පහත සදහන් කරුණු සම්බන්ධයෙන් මෙරට සිටින සෞදි තානාපතිවරයාට සිය අවධානය වහා යොමු කරන ලෙසයි එහි දක්වා තිබෙන්නේ.

1) ඔබ සතු දේශීය සහ විදේශීය කණ්ඩාම් වලට අදාළ සියළුම පරිඝණක දත්ත මකා දැමීමට හා ලිපි ලේඛණ විනාශ කිරීමට පියවර ගන්න. අවශ්‍ය නම් තානාපති පරිශ්‍රය තුල ඇදිරි නිතිය පැනවීමට පියවර ගන්න.

2) ඉදිරියේදී පැවැත්වීමට නියමිත කතෝලික ආගමේ පාස්කු සමය එළඹෙන බැවින් ඉදිරි දින කිහිපයේදී මහජනයා බහුල වශයෙන් රැස්වෙන ස්ථාන, දේවස්ථාන ආදිය හැකිතාක් මග හරින ලෙසට තානාපති කාර්යාලයේ සේවකයින්ට, තානාපති උපදේශකයින්ට, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සාමාජිකයින් දැනුවත් කරන්න.

3) ශ්‍රී ලංකා බලධාරීන්ට මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් හෝ සදහනක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයට වහා දැනුම් දෙන ලෙස සෞදි විදේශ කටයුතු ඇමතිවරයා තනාපතිවරයාට සිය ලිපියෙන් දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ ලිපිය එවීමෙන් දින 05 කට පසු ආගමික සිද්ධස්ථාන තුනක්, ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන 08 ක් ඉළක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් දින 05 කට පසුව මෙරට සිටින සියළුම අරාබි පුරවැසියන්ට රටින් පිටවන ලෙස මෙරට සෞදි තානාපති කාර්යාලය නිවේදනය කළා.

+++++++++++++++++++++++++++++++++++++

පිටකොටුවෙන් සොයාගත් කඩු 300 මෙරට ප්‍රධාන සමාගමක හිමිකරුවෙකුගේ බවට තොරතුරු – බළධාරීන්ගේ ඇස් වසා තවත් විශාල ආයුධ තොගයක් ගෙනත්…?

(05.05.2019 – nethgossip.lk)

පිටකොටුව, 3 වන හරස් වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැලක තිබී ඊයේ (04) දිනයේදී සොයා ගත් කඩු 300 මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ජාලයක හිමිකරුවෙකු විසින් ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. එසේම අදාල සමාගමේ හිමිකරු සතුව තවත් මෙවැනි ආයුධ විශාල ප්‍රමාණයක් ඇති බවටද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාල සමාගම හරහා කෘෂිකාර්මික උපකරණ (විසිකැති) බව සඳහන් කරමින් මෙම කඩු තොගය ලංකාවට ආනයනය කර ඇති බවද වාර්තා වන අතර මේ තරම් විශාල ආයුධ තොගයක් ලංකාවට ගෙන එන තුරු වගකිව යුතු බලධාරීන් නිහඬව සිටීම පිළිබඳ මෙරට ජනතාවට පැන නගින විශාල ගැටළුවක්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශව ආරම්භ කර තිබුණද එය නමට පමණක් සීමා නොවී මෙහි සුලමුළ මෙරට ජනතාවට අනාවරණය කිරීම වගකිව යුතු නිළධාරීන්ගේ වගකීමයි ෴

+++++++++++++++++++++++++++++++++++++

බෝම්බකරුවන් රැඳී සිටි නිවස ගැන හෙළි කළ පොලිස් ප‍්‍රධානියෙකුට ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර ස්ථාන මාරුවක්

(05.05.2019 – nethnews.lk)

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර පොලිස් විශේෂ කාර්යංශ ස්ථානාධිපතිවරුන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව පානදුර, විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ටී. එල්. එස්. කේ. සේනාධිරත්න, තී‍්‍රකුණාමලය විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර තිබෙනවා.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් බෝම්බ සැකසූ බවට සැකකෙරෙන කෙසෙල්වත්ත පරත්ත පාර ශෙරීෆ් මාවතේ නිවස සම්බන්ධයෙන් ද මෙම නිලධාරියා ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර පොලිස් ප‍්‍රධානීන්ට කරුණු වාර්තා කර තිබුණා.

එවන් පසුබිමක පානදුර විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ටී. එල්. එස්. කේ. සේනාධිරත්න, තී‍්‍රකුණාමලය විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස අපේ‍්‍රල් 18 වැනිදා මාරු කර යැවීම පිළිබඳ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානය, මහනුවර, කැගල්ල, ඇල්පිටිය, කලූතර, ගම්පහ, මීගමුව, පානදුර සහ ගල්කිස්ස යන පොලිස් විශේෂ කාර්යාංශ ස්ථානාධිපතිවරුන් මෙලෙස මාරු කර ඇත්තේ අනිවාර්යය නිවාඩු යැවුණු පොලිස්පති ජූජිත් ජයසුන්දර විසින් ෴

+++++++++++++++++++++++++++++++++++++

සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුණයක් හිස්බුල්ලා ලඟ – හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි

(04.05.2019 – nethgossip.lk)

නැගෙනහිර ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා සතුව දැනට අත්අඩංගුවට ගෙන තිබෙන ආයුධ මෙන් තුන් ගුණයක් ආයුධ තිබිය හැකි බවත්, ඔහු දරණ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කර අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා.ටී.අරුන්කාන් මහතා පවසනවා. පසුගිය සිකුරාදා (27) මහනුවරදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ රහස් වීඩියෝවක්ද මාධ්‍යයට අනාවරණය කරමින්.

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා උලමා සභාවට කතා කරන අදාල වීඩියෝව මාධ්‍ය හමුවේ අනාවරණය කළ සභාපතිවරයා මෙලස කරුණු පැහැදිළි කළා.

‘‘මෙතුමා මෙතන දෙමළෙන් කථා කරනවා. මම ආයුධ නැගෙනහිරට ගෙනල්ල මගේ තරුණ තරුණියන්ට දීලා, මේ යුද්ධයට ඒ කට්ටිය යොමු කරයි කියලා. ඒ තරුණ තරුණියන් ග්‍රාමාරක්ෂක භටයෝ. ඒ කට්ටියගේ පක්ෂයේ අය. මුස්ලිම් තරුණයන් යුද්දේ ඉවරවෙලා මෙච්චර කල් වෙලත් ඒ ආයුධ ආරක්ෂක අමාත්‍යාංශයට ආපහු දීපු බවට කියලා කිසිම තොරතුරක් නැහැ.”

‘‘ඒත් එක්කම ඒ ග්‍රාම ආරක්ෂක භටයන් කවුරුවත් ඒ තනතුරු වල දැන් නැහැ. අපි දන්නවා මුස්ලිම් තරුණ තරුණියන් ඒ වගේ පොඩි පඩියකට ඉන්නේ නැහැ. යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ කට්ටිය ගිහිල්ලා. නමුත් ඒ ආයුධ කෝ..? ඒ ආයුධ නැවත බාර දීලා නෑ. එතුමා ඒ කට්ටියගේ උලමා සභාවට කතා කරන වීඩියෝවක් මේක.’’

‘‘ලඟදි මට මඩකලපුවේ ඉඳලා තරුණයෙක් කෝල් කරලා කිව්වා සර් මම දෙමළ එක්කෙනෙක් දැන් මුස්ලිම් වෙලා ඉන්නෙ. මම හිස්බුල්ලා මැතිතුමා ළඟ අවුරුදු පහක් වැඩ කරා. දැන් මම හිර ගතවෙලා ඉන්නේ පොඩි සිද්දියක් වෙලා. මඩකලපුව හිරගෙදර. මම දන්නවා ඒ ආයුධ තියන තැන්, කියලා.’’

‘‘මම ඒ විස්තරත් බුද්ධි අංශවලට ලබා දුන්නා. කිසිම ‘රියැක්ෂන්’ එකත් නැහැ. දැන්වත් එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නේ නැතුව හොයන්න පුළුවන්.’’

‘‘මම රජයෙන් ඉල්ලා සිටිනවා, මේ හිස්බුල්ලා ඔහුගේ තනතුරෙන් අයින් කරල අත්අඩංගුවට අරගෙන පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. හොයාගත්ත ආයුධ තොගයට වඩා තුන්ගුණයක් ආයුධ මෙතුමා ළඟ තියෙන්න පුළුවන්. එතුමා ළඟ හෝ මෙතුමාට හිතවත් වෙන පුද්ගලයන් ළඟ.’’

+++++++++++++++++++++++++++++++++++++

ත්‍රස්ථ ක්‍රියා සඳහා භාවිතා කළ අක්කර 10 ක් කාන්තන්කුඩිවල – ඉඩමේ හිමිකරු අත්අඩංගුවට

(05.05.2019 – 18:59 +0530 – sinhala.adaderana.lk)

බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව ත්‍රස්තවාදීන් ඔවුන්ගේ කටයුතු සඳහා භාවිත කළ බවට සැකකෙරෙන අක්කර 10 ක පමණ භූමියක් අද (05) කාත්තන්කුඩි ඔල්ලික්කුලම් ප්‍රදේශයේදී සොයා ගැණුනි.

කාත්තන්කුඩි පොලිසීය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය මෙම වැටලීමට එක්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ ඉඩමේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් බේරුවල මරදාන ප්‍රෙද්ශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු සඳහන් කර ඇත්තේ කඩු 50 ක් කොළඹ සිට බේරුවල ප්‍රදේශයට ප්‍රවාහනය කර විවිධ පුද්ගලයින්ට බෙදාහැරී බවයි.

එම තොරතුරුවලට අනුව පුද්ගලයින් 4 දෙනකු සතුව තිබී කඩු 16 ක් පොලීසිය සිය භාරයට ගත්තේය.

ගාල්ලේ තැන් 4 ක් සෝදිසි කර ත්‍රිවිධ හමුදාවට අයත් ඇඳුම් කට්ටල 456 ක් සොයා ගනී

(05.05.2019 – 20:23 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල නගරයේ අද කළ සෝදිසි මෙහෙයුමකදී ස්ථාන 04 ක සඟවා තිබියදී ත්‍රිවිධ හමුදාවට අයත් ඇඳුම් කට්ටල 456 ක් පොලිසිය විසින් සොයා ගනු ලැබීම.

ගාල්ල සමුද්‍ර වීදියේ වෙළෙඳ සලක තිබී යුද හමුදාව භාවිතා කරන ඇඳුම් තොගයක් සහ හමුදා ඇඳුම්වලට භාවිතා කරන නිල ලාංඡන ගාල්ල පොලීසිය මඟින් අද (05) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ සොදිසි මෙහෙයුමකදි මෙම ඇඳුම් සොයාගෙන තිබේ.

එහිදී යුද හමුදා නිල ඇඳුම් 250 ක් සහ හමුදා ඇඳුම්වලට ගන්නා රෙදි සහ නිල ලාංඡන විශාල තොගයක් මේ අතර තිබු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සිද්ධිය සම්බන්ධව සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

++++++++++++++++++++++++

කාත්තන්කුඩි ප්‍රදේශයෙන් පිහි 200 ක් සොයා ගනී

(05.05.2019 – 17:07 +0530 – sinhala.adaderana.lk)

කාත්තන්කුඩි නගරයේ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිහි 200 ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ කාත්තන්කුඩි නගරයේ ඩීන් පාර ප්‍රදේශයේ ඇලක් සැක කටයුතු බෑගයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව අදාළ පිහි තොගය සොයාගෙන ඇති බවයි.

පිහිතොගය කාත්තන්කුඩි පොලීසිය බාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++++

කොළඹ-ජාවත්ත අහසේ සැරි සැරූ සැක කටයුතු ඩ්‍රෝන යානය

(05.05.2019 – 18:15 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ජාවත්ත ප්‍රදේශයට ඉහළින් ඊයේ (04) රාත්‍රී අනවසරෙන් පියාසර කළ ඩ්‍රෝන යානාව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ රාත්‍රී ඩ්‍රෝන යානාවක් ජාවත්ත ප්‍රදේශය ආශ්‍රිත ගුවනේ සැරිසරන බවට ලද තොරතුරක් මත නාරාහේන්පිට පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර එම අවස්ථාවේ පොලීසිය විසින් එම ඩ්‍රෝන යානාවට වෙඩි තබා ඇති බව සඳහන්ය.

එහිදී එම ඩ්‍රෝන යානය නොනවත්වා මුහුද දෙසට ගමන් කර ඇති ගමන් කර ඇති අතර පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාව ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත් මේ වන තුරු අදාළ ඩ්‍රෝන යානය සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ගුවන් හමුදාව සහ පොලීසිය එක්ව ඒ පිළිබද තවදුරටත් විමර්ශන සිදුකරන බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කළේය.

පසුගියදා සිදුවූ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම නැවැත දැනුම්දෙන තුරු අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගත්තේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Ministers that were in charge of Customs & Excise, and Police affairs are directly responsible for either complicity or neglect of their duties while these terrorist weapons caches and armouries were being stockpiled. The Prime Minister and even the President are also responsible for their failure to do regular checks and balances over the activities of their ministers and heads of departments. There is a clear case of dereliction of duties by politicians in charge of these responsibilities. Meanwhile political leaders like “kalae pattara” (poison-pen letters) kiriella and their staffs that were spreading ethnic conflicts, and terrorist supporting ministers like Rishard, Haleem, Sally, Hesbulla etc etc must be arrested and charged for protecting and encouraging terrorists , and for sedition and activities against the state. No excuses!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *