වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..

(09.05.2019 – 00:02 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාද් බදුයුදීන් මහතා අතර පාර්ලිමේන්තුවේදී වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වූ විවාදයේ දී මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සිටියදී මෙම තත්වය ඇතිවිය.

මන්ත්‍රීවරයා එක් අවස්ථාවක කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මරාගෙන මැරෙන බෝම්බයක් ලෙසයි.

+++++++++++++++++++++++++++++++++++++

‘ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ විමල් කළ සම්පූර්ණ හෙළිදරව්ව (05.05.2019)

+++++++++++++++++++++++++++++++++++++

13 වැනිදා පස් තැනක බෝම්බ පුපුරනවා.. – ෆොන්සේකා කියයි…

(08.05.2019 – 22:36 +0530 – lankacnews.com)

මෙම 13 වැනිදා නාවල පංචිකාවත්ත ඇතුළු ස්ථාන 05 ක බෝම්බ පුපුරන්න ඇති බව තම ආරක්‍ෂක අංශ විසින් තමනට දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

ජනාධිපතිවරයා විසින් ඊයේ (07) දිනයේ සිදුකරන ලද විශේෂ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් කළ සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙම ප්‍රශ්නය මුළුමනින්ම විසඳීම සඳහා අවම වශයෙන් වසර දෙකක් වත් ගතවනු ඇති බවයි.

සාමාන්‍ය ලෙස හැසිරෙන්නැයි කියා සිටියද තැනින් තැන බෝම්බ පිපිරීමේ අනතුරු ඇඟවීම් ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති බවත් එසේ තියෙද්දි සාමාන්‍ය ලෙසින් ජීවත් වෙන්නේ කෙසේදැයි මන්ත‍්‍රීවරයා ප්‍රශ්න කළේය.

ඇමැති රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා දැඩි විවේචනාත්මකව අදහස් පලකලේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *