කඩු-කිණිසි-අවි ආයුධ පිළිබඳව රූප රාමු මින් ඉදිරියට පෙන්නන්න බෑ

(09.05.2019 – 12:53 +0530 – sinhala.adaderana.lk)

රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද (09) උපදෙස් ලබා දී තිබේ.

එම උපදෙස්වලට අනුව අදාල වැටලීම්වල රූප රාමු රැසක් අප සතුව පැවතියද රජයේ ඉල්ලීම අනුව ඒවා විකාශනය කිරීමෙන් වළකින බව කරුණාවෙන් සළකන්න.

අද උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් කැඳවීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා පියවර ගෙන තිබුණි.

එහිදී රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගුනු ලබන කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද උපදෙස් ලබා දී ඇත.

++++++++++++++++++++++++

10.05.2019

+++++++++++++++++++++++++++++++++++++

කැකිරාව මඩාටුගම ගම්මානයේ ළිඳකින් ආයුධ මතුවෙයි

(09.05.2019 – 11:44 +0530 – hirunews.lk/sinhala)

යුධ හමුදාව විසින් ඊයෙ 08 සවස කැකිරාව මඩාටුගම ගම්මානයේ සිදු කළ විශේෂ සෝදිසියක දී ලිඳක සගවා තිබූ කඩුවක් හා පිහියක් සොයාගෙන තිබෙනවා.

මඩාටුගම සමගි මාවත ප්‍රදේශයේ ළිදක් තුළ ආයුධ සගවා ඇති බවට ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු විසින් යුධ හමුදාවට ලබා දී තිබූ තොරතුරක් අනුව එම ක්ෂණික සෝදිසි මෙහෙයුම යුධ හමුදාව මගින් සිදුකර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ආයුධ හමුවූ එම ළිද කිසියම් ඉස්ලාම් ආගමික සංවිධානයක් මගින්ම ඉදිකර ඇති එකක් බවයි වාර්තාවන්නේ.

වතුර මෝටර් ආධාරයෙන් ළිදෙහි ජලය ඉවත්කිරීමෙන් පසු සිදුකළ සෝදිසියකදී ළිං පතුලේ සගවා තිබූ කඩුව හා පිහිය සොයා ගැනීමට යුධ හමුදාව සමත්ව තිබුණා.

+++++++++++++++++++++++++++++++++++++

තියුණු ආයුධ සමග මුස්ලිම් ජාතිකයෙක් ගාල්ලේදී අත්අඩංගුවට…

(09.05.2019 – colombotoday.com)

ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු ඊයේ (08 දා) ගාල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශය මගින් අත්තඅඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පිහි අතර ඉතාලියේ නිෂිපාදිත පිහි දෙකක්ද තිබූ බවද පොලීසිය කියයි.

පිහි සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ ඇඳක් යට බෑගයක බහා තිබියදී මෙම පිහි සොයාගනු ලැබ තිබේ.

+++++++++++++++++++++++++++++++++++++

මාලිගාවත්ත ළිඳකින් තවත් පිහි 16 ක් සොයා ගනී

(09.05.2019 – 15:38 +0530 – lankadeepa.lk)

මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16 ක් හා කඩු දෙකක් අද (09) සොයාගත් බව පොලිසිය කියයි.

ඛෙත්තාරාම කී‍්‍රඩාංගනය අසළ පිහිටි ළිඳත් තුළ කඩු 58 ක්, පිහි 52 ක් සොයා ගත් අතර එම ළිඳ අද (09) සම්පුර්ණයෙන්ම ඉස පරීක්ෂා කිරිමේ දී පතුලේ තිබී තවත් පිහි 06 ක් හා වායු රයිෆල් උණ්ඩ තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++++

පඩිය 30,000 නවාතැන් කුලිය 30,000 රස්සාවට ඔත්තු බැලූ බවට කරුණු හෙළිවූ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇප

(09.05.2019 – gossiplankanews.com)

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ දෙමටගොඩ ඉන්ෂාෆ් ඊබ්‍රහීම්ට අයත් බව පැවසුණ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් අතුරින් 9 දෙනෙකු බෝම්බ ප්‍රහාරයට පසුදාම පොලිස් අත්අඩංගුවට පත්වූයේ සැකසහිත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට පොලිසියට ඒත්තුයාම නිසාය.

මෙම කර්මාන්ත ශාලාවේදී මරාගෙන මැරෙන බෝම්බ සකස් කළ බවට පොලිසියට මුලදී සැක මතුවූ අතර තඹ ආශ්‍රිත ව්‍යාපාරයට අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් බොම්බ සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනෙන්නට ඇති බවටද සැක පහළවී තිබුණි.

අත්අඩංගුවට ගත් පසු මෙම 9 දෙනා ගැන පොලිසිය කළ විමර්ශනයේදී එක් සැකකරුවෙකුට තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරනවාට වැටුප ලෙස මාසිකව රුපියල් 30,000 ක් ලැබුණ බවට කරුණු සඳහන් කර තිබුණි. නමුත් ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම අනුව ඒ අය නවාතැන්ගෙන සිටි ස්ථාන වලට වෙන වෙනම රුපියල් 30,000 හෝ ආසන්න මාසික කුලී ගෙවා තිබූ බවටද කරුණු හෙළි විය.

පොලිසියට මෙහිදී සැක මතුවූයේ එතරම් මිලක් ගෙවා නවාතැන්ගෙන සිටින ඔවුනට වියදම පියවාගන්නට හැකිවූයේ කෙසේද යන්නයි.

වැඩිදුර විමර්ශනයේදී ඔවුන් වැඩි දෙනෙකු අදාළ කර්මාන්ත ශාලාවේ පැමිණිමේ ලේඛනයේ නැති අය බවටද කරුණු හෙළි විය. එසේ නම් ඔවුන් එහි සේවය කරන බව කියා ඇත්තේ ව්‍යාජ ලෙස බවත් නාමිකව අදාළ කර්මාන්ත ශාලාවට සම්බන්ධවී වෙනත් වැඩ කර තිබෙන බවත් සැක ඇති විය.

ඔවුන්ගේ දුරකථන දත්ත විහ්ලේෂණයේදී සිම්පත් කිහිපයක් භාවිත කරමින් ඔවුන් කටයුතු කරන අයුරුත් ඒවායෙහි දත්ත අනුව දවස පුරා කොළඹ විවිධ ස්තානවල ගැවසුණ බවට කරුණු හෙළිවූ බවත් පොලිසිය දන්වා ඇත. ඔවුන් ඔත්තු කරුවන් ලෙස භාවිත කර ඇති බවට පොලිසිය සැක කලේ ඒ නිසාය.

ඒ අනුව පසුගිය 6 වනදා ඔවුන් නැවත උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිසිය මේ කරුණු උසාවියට වාර්තා කර තවදුරටත් රඳවා ගන්නට ඉල්ලා සිටින ලදි.

නමුත් විනිසුරු ලෙස කටයුතු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඔවුන් 9 දෙනා ඇප මත මුදාහරින ලදි. ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ බවට ඔවුන්ට කරුණු නැතැයි විනිසුරු දන්වා එලෙස ඇප ලබාදී තිබුණි. නමුත් එම ඇප ලබාදීම ගැටලුකාරී බවට දැන් කථාබහක් මතුව තිබේ.

වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සේවකයන් 9 දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඊයේ දැනුම් දුන්නේය.

ඔවුන් මුදා හැරුණේ වැල්ලම්පිටිය පොලීසිය මගින් අධිකරණයට කරුණු දැක්වීමේදී සිදුවු යම් දෝෂයකින්ද නැතිනම් නිසි ආකාරව කරුණු නොදැක්වීමක්ද යන්න සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

අබායක් ඇදගත් මුස්ලිම් කාන්තාවකගේ බෑගයේ කිණිස්සක්… දෙහිවල සුපිරි වෙළදසැලකදී අද වෙච්ච දේ

(09.05.2019 – colombotoday.com)

දෙහිවල අත්තිඩියේ පිහිටි සුපිරි වෙළදසැලකදී අද දිනයේ තමන්ට අත්දැකීමට සිදුවූ සිදුවීමක් පිළිබදව රූපලාවන්‍ය ශිල්පිණියක් වන චතු සිල්වා මහත්මිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

එම සුපිරි වෙළදසැලට ඇය අද දහවල් ගිය අවස්ථාවේදී අබායකින් සැරසුණු කාන්තාවක් එහි පැමිණි බවත් ඇයව පරික්ෂා කිරීමේදී ඇයගේ අත් බෑගයේ කිණිස්සක් වැනි ආයුධයක් තිබී හමුවූ බවත් ඇය පවසයි.

පසුව අදාළ වෙලදසැලේ නිලධාරීය එම තැනැත්තිය හරවා යැවූ බවත්, එම ස්ථානයට පසුගිය දිනවලදී ‘රූපවාහිනියේ හඩා වැටුණු මව්ලවිවරයා’ පැමිණි බවත්, එම අවස්ථාවේ එහි කලබලකාරී තත්ත්වයක් ඇතිවූ බවත් ඇය කියා සිටී.

රටතුළ අර්බුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක් ඇතැම් මුස්ලිම් ජාතිකයන් මෙලෙස හැසිරීම පිළිබදව ප්‍රශ්න කරන ඇය, ත්‍රස්තවාදීන් කවුද, ත්‍රස්තවාදීන් නොවන්නේ කවුදැයි හදුනාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බවත් කියා සිටී.

+++++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි… අත්අඩංගුවට ගැනීම අසාධාරණයි

(09.05.2019 – colombotoday.com)

මුස්ලිම් ජාතිකයන් කඩු ළග තබා ගන්නේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

එහි සභාපති එන්.එම්.අමීන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන් මෙසේ තම ආත්මාරක්ෂාවට තබාගෙන සිටි කඩු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව ජනාධිපතිවරයාද පොලිස්පතිවරයාට දන්වා ඇති බවයි.

මෙම ප්‍රකාශය කරන එන්.එම්. අමීන් BBC ලෝක සේවයේ ශ්‍රී ලංකාවේ නියෝජිත අසාම් අමීන්ගේ පියා ය.

පාස්කු ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ දී එම ප්‍රහාරය එල්ල කළේ සිංහල බෞද්ධයන් බවට BBC නාළිකාව ඔස්සේ ප්‍රචාරය කර තිබුණු අතර අසාම් අමීන්ට ඒ පිළිබදව චෝදනා එල්ලවිය.

+++++++++++++++++++++++++++++++++++++

අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවියා පැය 24 න් නිදහස්…

(09.05.2019 – colombotoday.com ඇසුරෙන්)

අන්තවාදී ලිපියක් ප්‍රචාරය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් මොණරාගල ජුම්මා පල්ලියේ මව්ලවියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔහු බිබිල අධ්‍යාපන කළාපයේ සේවය කරන ගුරු උපදේශකයෙකුද වන අතර ඇපමත නිදහස්වීමන් අනතුරුව නැවත සේවයට වාර්තා කර ඇති අතර, එහිදී අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ 45 කට අධික පිරිසක් දැඩි විරෝධය පලකර තිබෙනවා.

ත්‍රස්තවාදීන් නිදැල්ලේ, දරුවන්ගේ අධ්‍යාපනය වැනසූ ත්‍රස්තවාදියා හෙළා දකිමු යැයි පවසමින් ඔවුන් විරෝධතාවයෙ නිරතව ඇති බවයි පැවසෙන්නේ.

පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ආයුධ සමග අත්අඩංගුවට ගන්න පුද්ගලයන් පොලිසිය විසින් ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත’ යටතේ උසාවියට ඉදිරිපත් නොකිරීම නිසා එම පුද්ගලයන්ට පහසුවෙන් ඇප ලබාගැනීමට හැකි වී තිබෙන බව පොලිසියට චෝදනා එල්ලවෙමින් පවතිනවා ෴

+++++++++++++++++++++++++++++++++++++

08.05.2019

++++++++++++++++++++++++

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගන්න. CID වෙත පැමිණිල්ලක්

(09.05.2019 – colombotoday.com)

ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයාට විරුද්දව අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල මගින් අපරාධ නීති සංග්‍රහයේ 353 සහ 357 යන වගන්ති යටතේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ [2/1/අ , 2/1/ඇ, සහ 2/1/ඌ] යන වගන්ති යටතේ වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර සිටි අතර, එහිදී අදහස් දැක්වූ ස්වාමීන් වහන්සේලා, රණවිරුවන් සිරගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට තිබුණු උනන්දුව ත්‍රස්තවාදී කල්ලි වලට ආධාර සහ අනුබල ලබාදුන් අබ්දුර් රාසික් අත්අඩංගුවට ගැනීමට තිබේදැයි ජනතාව විමසිල්ලෙන් සිටින බවත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙතැයි විශ්වාසයක් තමන්ට නොමැති බවත් සඳහන් කර සිටියා.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වූ පැමිණිල්ල පහතින්…

ස්ථානාධිපති තුමා,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව කරනු ලබන පැමිණිල්ලයි.

අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාළාවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල “මොහොම්මදු හස්තුන්” නැමැති පුද්ගලයාගේ බිරිද ලෙස හඳුනාගෙන ඇති “පුලස්තිනී මහෙන්ද්‍රන්” නොහොත් “සාරා” ගේ මව ලෙස සැලකෙන “කවීතා මහේන්ද්‍රන්” යන අය විසින් IBC ප්‍රවෘත්ති නාලිකාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්, කාලයක් ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානය ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයා විසින් තම දියණිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටි බවට ප්‍රකාශයක් සිදු කර ඇත.(එම ප්‍රකාශය ඇතුළත් සංයුක්ත තැටියක් E1 ලෙස පැමිණිල්ල සමඟ ඉදිරිපත් කරමි)

“කවීතා මහේන්ද්‍රන්” යන අයගේ ප්‍රකාශයට අනුව “අබ්දුල් රාසික්” යන අය,

දැරියක්ව නීත්‍යානුකූල භාරකාරීත්වයේ නිසි අවසරයකින් තොරව පැහැරගෙන යාම හෝ පැහැරගෙන යාමට අනුබල දීම,

පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම හෝ රඳවා තබා ගැනීමට අනුබල දීම,

යන කරුණු මත දණ්ඩ නීති සංග්‍රහයේ 353 වන වගන්තිය (පැහැරගෙන යෑම) සහ දණ්ඩ නීති සංග්‍රහයේ 357 වගන්තිය (ස්ත්‍රියක විවාහ කර ගැනීම ආදිය පිණිස ඇයව අපහරණය කිරීම හෝ පැහැරගෙන යෑම) යන වරදවල් සිදුකොට ඇත.

තවද අබ්දුර් රාසික් යන අය විසින්,

පුලස්තිනී මහෙන්ද්‍රන් නොහොත් සාරා යන තැනැත්තියව පැහැරගෙන ගොස් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොම්මදු හස්තුන් යන අයට ඇයව විවාහ කරදී ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ කරවීම හෝ සම්බන්ධ වීමට අනුබල දීම.

පුලස්තිනී මහෙන්ද්‍රන් නොහොත් සාරා යන හින්දු ජාතික තැනැත්තියව පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලෙස පුහුණු කිරීම හෝ පුහුණු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන, බෝම්බ විශේෂඥයකු ලෙස සැලකෙන මොහොම්මදු හස්තුන් යන තැනැත්තා සමග සමීප සබඳතා පැවැත්වීම සහ ඔහුට අනුබල දීම.

යන කරුණු මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2/1/අ වගන්තියට අනුව, 2/1/ඇ වගන්තියට අනුව සහ 2/1/ඌ වගන්තියට අනුව වැරැදි සිදු කොට ඇත.

මෙම අබ්දුර් රාසික් යන පුද්ගලයා විසින් මීට ඉහතදී ජාතීන් අතර අසමගිය ඇතිවීමේ අන්තවාදී ප්‍රකාශ සිදු කොට ඇත. ඒ පිළිබඳ ඉදිරිපත්වූ පැමිණිලි මත දෙවතාවක් අත්අඩංගුවට පත්වූ මොහුට විරුද්ධව නඩු දෙකක් අලුත්කඩේ අංක 1 අධිකරණයේ විභාගවෙමින් පවතී. මොහු දැනටමත් සිටින්නේ අධිකරණය විසින් ලබාදුන් ඇප මතය.

මෙම කරුණු සලකා බලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අබ්දුර් රාසික් යන පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

ඊට අමතරව මෙම පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරිය වන කවීතා මහේන්ද්‍රන් යන අයගේ ආරක්ෂාව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 3/1 වගන්තියට අනුව තහවුරු කිරීමට කටයුතු කරණ මෙන් ඉල්ලා සිටිමි.

E1 ලෙස “කවීතා මහේන්ද්‍රන්” යන අයගේ ප්‍රකාශය ඇතුලත් CD තැටියක් ඉදිරිපත් කරමි.

E2 ලෙස “කවීතා මහේන්ද්‍රන්” යන අයගේ ප්‍රකාශයේ පරිවර්තනයක් ඉදිරිපත් කරමි.

තෙරුවන් සරණයි,

මාගල්කන්දේ සුදත්ත හිමි.

E2

Words of the mother of Pulasthini Mahendran alias Sarah

Pulasthini is my daughter. My daughter Pulasthini is missing now. Previously those people have abducted my daughter and converted. My daughter is pure Hindu. A person named Hasthun abducted my daughter and converted her to Muslim (Islam). My child studied at Thettathivu Maha Vidyalaya up to O/L and obtained 8 As and a B in the examination. After that she entered Pattrup Maha Vidyalayam in Kaluvanchikudi. When my daughter went for classes in Kalmunai, he abducted my daughter.

After abducting my daughter, he had taken my daughter to Razeek of SLTJ, Tawheed Jama’at in Colombo. Then they had told Maligawatta Police and kept her like that. After one week, they telephoned us and told that the daughter has come there and staying with them in that place. At that time I was abroad. I came here to search my daughter. After coming here, I went to Razeek’s SLJT office. After going there I inquired about my daughter. He lied to me that “ your daughter has come here and is going to convert to Muslim (Islam)”. But, by that time they had already made my child chant the Quran and taken her (to their religion). Then I screamed, cried and begged for my child. But they didn’t give the child to me. After 15 days, two weeks, they gave the child to me. I told her “ come my darling!”, so she came. She came and stayed with me for 15 days.

Meanwhile, I fell ill and went to G.V. Hospital to take medicines. At the time of seeing the doctor, they had come to my house and abducted my daughter again.

When I came home after seeing the doctor, my child was not there at home. I started yelling and crying that my child is not there, my child is not there. I went around looking for my child. I asked from the three-wheeler drivers about my daughter. Then they said they had come and taken her. I hired an Auto (three-wheeler) and went to railway station to see if my daughter is there. She was not there at the railway station.

Then I went to Batticaloa Police. They scolded me in filth that my daughter has gone with that guy. After that I came. After a few days, they called again and told me that she has come there and is with them.

Razeek told me that they are going to give my daughter in marriage. When Razeek told like that, I told him, “ Please don’t get her married, she is still studying to become a doctor”. At that time also they didn’t listen to me. Then Razeek said, “ No, she is above 18 years and she is a major. We will get her married”. Then I told him, “ are you her father to get her married? I am her mother, without asking me how dare you are to get my daughter married?”

He didn’t take my scorns seriously. With the help of Maligawatta Police, they got my daughter married. But, we were not aware that she was married. I again went and asked for my child. Then I touched Razeek’s feet and cried, pleading him to give my daughter back to me. Then he said he can’t give the child because they already got her married. Then he said they will get a house in Malwana and keep the child there. We didn’t know where they got a house. After a few days, I got to know that my daughter is in a rented house in Madhuraimanai in Sammanthurai.

I told Razeek at the time they got my child married, “I am handing over my child to you. You failed to give any evidence to prove that my child is married. And you are also adamant that the child won’t be given back. I even touched your feet asking for my child. If anything happens to my child, you are responsible for that. I am handing my child over to you”.

After handing over my child, I went abroad. After some time, my daughter contacted me and said, “ we are living in Madhuraimanai in a rented house”. My child didn’t stay there for even one month. She stayed for just a few days. She had told our family and cried, “ I can’t stay with him. It is very hard to stay here. He has various affairs and I can’t stay anymore”.

I don’t know if my child faced an explosion or still alive. If my child is alive somewhere, please give her back to me”, (she cries)

++++++++++++++++++++++++

10.05.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • Sira is leading in sabotaging the work of security services. He is making excuses for the muslims for keeping swords in their possession, whereas the law would conveniently prosecute a sinhala for keepin a sword or a sharp knife in his possession. So who are our friends and who our enemies. It seems Sira has now sided with the terrorists. No wonder he does not want the general public to be made aware of the extent of weapons caches the muslims have been horading in their homes and chruches to be used against Sinhala and Tamil people. Yeah keep them in the dark so that terrorists could multiply in our country.

  • Ms Chatu Silva is absolutely correct in her video. We are infested with evil minded muslims but we do not know who is a good muslim and who is a bad one. The law in the country is also too lenient to muslims and harsh to sinhala. The tamil terrorists too are multiplying by the day in the north and yet the government is doing nothing but paying tamils terrorists and their supporting politikkos ransom. Our bloody poltiicians are only good as firewood, absolute rubbish.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *