ශී‍්‍ර ලංකා ටෙලිකොම් “SLT Voice App” හඳුන්වා දෙයි

(09.05.2019 – nethnews.lk)

ශී‍්‍ර ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් (SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා ‘Voice connection’ සේවාව නව මානයකට රැගෙන යමින් සහ පාරිභෝගිකයා හට ඇමතුම් සන්නිවේදනයේ නවතම අත්දැකීමක් ලබාදෙමින් “SLT Voice App” හඳුන්වාදීමට සැදී පැහැදී සිටියි.

මෙම “SLT Voice App” සමඟ ප‍්‍රතිලාභ රාශියක් හිමිවන අතර පාරිභෝගිකයාගේ මනාපය අනුව රැහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතාවයට තමන් කැමති Smart Phone 4ක් සම්බන්ධ කිරීමට හැකියාව තිබෙනවා. ලියාපදිංචි වීම සඳහා www.slt.lk/voice වෙත පිවිස දුරකථන අංක 4ක් ලියාපදිංචි කළ යුතුයි. “SLT Voice App” යෙදුම Android භාවිත කරන්නන්ට Play store හරහාද Apple භාවිත කරන්නන්ට Apple store හරහාද බාගත කරගැනීමට හැකියාව තිබෙනවා. ලියාපදිංචි වූ පාරිභෝගිකයන්ට SLT Wifi ජාලය හරහා නොබිඳුනු සුපැහැදිලි ඇමතුම් පහසුවෙන් ලබාගැනීමට හැකිවෙනවා.

WhatsApp හා Viber වැනි OTT දුරකථන සේවා සමග සංසන්දනය කිරීමේදී අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවක් සමඟින් අදාළ දෙපාර්ශ්වයම සතුව එම යෙදුම පැවතිය යුතුයි. නමුත් “SLT Voice App” ඇමතුම් ලබාගැනීමේදී ඇමතුම ලබාගන්නා පාර්ශ්වය SLT Wifi ජාලයට සම්බන්ධ වී ඇත්නම් ඕනෑම තැනක සිට ඕනෑම දුරකථනයක් සඳහා ඇමතුම ලබාදීමට හැකිවන අතර ඇමතුම ලැබෙන පාර්ශ්වයට එම App එක හෝ අන්තර්ජාල සබඳතාවක් තිබීම අවශ්‍ය නොවේ.

*****************************************

1990 සුවසැරිය කාර්යක්ෂම කිරීමට අලුත් පියවරයන් දෙකක්

(09.05.2019 – nethnews.lk)

1990 සුවසැරිය ගිලන්රථ සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ ‘‘මේ එළිදැක්වූයේ හදිසි මේහෙයුම් කළමණාකරන පද්ධතිය සහ 1990 ඇප් එක. පළවෙනි එකෙන් කරන්නේ එදාට වඩා වේගයෙන් ගිලන් රථය පිටත්කර හරින්න හැකියාව ලැබෙනවා. කොහෙද මේ පාර තියෙන්නේ කියන එක අලුතෙන් දාන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ සියලුම දත්ත කෝල් එකත් එක්කම අපිට එනවා. එතකොට ටයිප් කරන්න තියෙන වෙලාව ඒ එක්කම අයින් වෙනවා. ඊට පස්සේ අපිට දාන්න තියෙන්නේ අවශ්‍ය කරන හේතුව පමණයි.’’ යනුවෙනි.

මෙම නව ජංගම දුරකතන යෙදවුම නිසා 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් ජීවිත බේරා ගැනීමේ හැකියාව සියයට 10 කින් පමණ වැඩිවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ස්මාර්ට් සහ ඇන්ඩ්‍රොයිඞ් දුරකතනවලින් මෙම ජංගම දුරකතන යෙදවුම භාගත කරගත හැකියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *