ඇමති රිෂාඩ්ගේ වත්කම් ගැන වහා විමර්ශනයක් කරන්න – එස්.බී. දිසානායකගෙන් ඉල්ලීමක්

(09.05.2019 – newsfirst.lk/sinhala)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රිෂාඩ් බදියුදීන් මහතා සිදු කළ ගනුදෙනු හා ඇතැම් අපරාධ පිළිබඳව ද වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව ය.

එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය.

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ රිෂාඩ් අලව්දීන් නමැති ව්‍යාපාරිකයා බදියුදීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික ධූරය හෙබවූ බවත් එම ව්‍යාපාරිකයාගේ දියණියක සිය දරුවන් දෙදෙනාත් සමග බෝම්බයක් පුපුරුවාගෙන මිය ගිය බවත් එස්.බී. දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ ය.

මේ අතර මන්නාරමේ අක්කර 3550 ක දූපතක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මිලදී ගෙන ඇති බව ද දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ ය.

අද පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පළ කළ අදහස් පහතින් දැක්වේ.

සිංහල :

https://www.facebook.com/NewsfirstSL/videos/317418348936807/

++++++++++++++++++++++++

English Translation :

https://www.facebook.com/NewsfirstSL/videos/309040656682412/

+++++++++++++++++++++++++++++++++++++

Hiru TV > Balaya > Episode 292 (2019-05-09) (119 min.s)

+++++++++++++++++++++++++++++++++++++

අගමැති ගෙන ආ නව විදේශ විනිමය පනත ත්‍රස්ත මුදල් ගනුදෙනුවලට පහසුවක් වුණා ද?

(09.05.2019 – newsfirst.lk/sinhala)

රුපියල් මිලියන 140 ක මුදල් සහ තවත් රුපියල් බිලියන 7 ක වත්කම් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම සතුව තිබී ආරක්ෂක අංශ මේ වන විට සොයා ගෙන තිබේ.

මෙතරම් විශාල වත්කම් හා විනිමය රට තුළට රැගෙන ආවේ කෙසේ ද?

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, මෙවැනි ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා රටේ විදේශ විනිමය නීති නැවත දැඩි කළ යුතු බව ය.

අප මේ අනතුරු ඇඟවීම කළේ මීට බොහෝ කලකට පෙර ය.

පැවති විදේශ විනිමය නීති රීති අහෝසි කර නව විදේශ විනිමය පනතක් ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයායි.

2017 අංක 12 දරණ විදේශ විනිමය හුවමාරු පනත් කෙටුම්පත 2017 අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරයා ජුලි 25 වන දා එය සම්මත කර ගත්තේ ය.

ඒ, අප මෙන්ම ආර්ථික විද්වතුන්ගේ ද අනතුරු ඇඟවීම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා එම අවස්ථාවේ මෙම පනත නිසා ඇති වන අහිතකර තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවමින් කියා සිටියේ, රට තුළට විදේශ මුදල් රැගෙන එන විට කරුණු විමසීමකින් තොරව ගෙන ඒමට මේ මගින් ඉඩ සලසා ඇති බව ය.

මෙරටට රැගෙන එන ඩොලර් මිලියනයක් සඳහා 1% ක ඉතා කුඩා බද්දක් පනතින් පනවා තිබූ අතර ඩොලර් මිලියනය ඉක්මවූ විට එම බද්දෙන් ද නිදහස් කෙරිණි.

මෙවැනි ලිහිල් නීති නිසා විදේශ රටවල ඇති කළු සල්ලි සුදු කිරීමේ පහසුම මාර්ගයක් බවට ශ්‍රී ලංකාව පත් වීමේ අවදානම ගැන චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු විද්වත්හු අවස්ථා ගණනාවකදීම අනතුරු ඇඟවීම් කළහ.

එම අනතුරු ඇඟවීම් තහවුරු වූ පළමු අවස්ථාව වූයේ, 2017 දෙසැම්බර් මාසයේදී එෆ්.ඒ.ටී.එෆ් හෙවත් මූල්‍ය කටයුතු කාර්ය බලකාය නමැති ජාත්‍යන්තර සංවිධානය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් සැපයීම සම්බන්ධයෙන් දැඩි අවදානමක් ඇති රටවල් අතරට ලැයිස්තුගත කිරීමයි.

ශ්‍රී ලංකාව සමග එම ලැයිස්තුවේ සිටි සෙසු රටවල් වූයේ බොස්නියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ටියුනීසියා, වනවාටු හා යේමනයයි.

2018 පෙබරවාරි මාසයේදී යුරෝපා සංගමය ද ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණ රටවල් ලැයිස්තුවට ඇතුළත් කළේ යුරෝපා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවකිනි.

මේ අනුව ටියුනීසියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල් සමග ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ ලැයිස්තුවට ඇතුළත් විය.

https://www.facebook.com/NewsfirstSL/videos/414743282441328/

+++++++++++++++++++++++++++++++++++++

Plato says: May 10, 2019 at 11:43 am – from lankacnews.com

The Yahapalana logic :

1. When an elephant is kept in a temple it is an unbailable offence.
2. Working in a bomb factory is a bailable offence.

3.When Jihadists say that non believer must be killed, it is a religious concept.
4. When the Buddhists say that they should not be killed it is racism.

5. When weapons are found in the mosques they should not be shown in the public media to maintain reconciliation.

6. When the terrorists are appointed as the Governors, it is the responsibility of the ISIS.

7. When more than 300 people are killed, the IGP and the defense secretory should take the responsibility and resign.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *