හලාවතට පොලිස් ඇඳිරි නීතිය : හෙට (13) උදේ 4 දක්වා

(12.05.2019 – 12:43 +0530 – sinhala.adaderana.lk)
(12.05.2019 – 16:40 +0530 – sinhala.adaderana.lk)

හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.

පොලිසීය පැවසුවේ මේ හේතුවෙන් හලාවත නගරයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවු බවයි.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ හෙට (13) පෙරවරු 4 දක්වා එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි ෴


හලාවත අවුල දුර දිග යයි

(12.05.2019 – 11:57 +0530 – lankadeepa.lk)

මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති සටහනකින් පසු හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.

මුහුණු පොතේ දමා තිබූ සටහන අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අද තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී මෙලෙස කළහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

එමෙන්ම පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරණ බව කියමින් පසුව යතුරු පැදි හා ත්‍රිවිල් රථවල නැග හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් මුහුණු පොතේ යොදා ඇති සටහන පිළිබදව ප්‍රශ්න කරමින් ඇවිද ගියහ.

ඒ අතර පිරිසක් කඩ විදියේ වෙලද සැල් වසා දැමීමට උපදෙස් දුන් අතර ඒ අවස්ථාවේදී ඒ අසළට පැමිණි යුද හමුදා නිලධාරීහු අහසට වෙඩි තබා ඔවුන් පළවා හැරිමට කටයුතු කළහ.

පසුව පැයක පමණ කාලයක් ගත වන විට කලහාකාරින් විසිර ගිය අතර පසුව හලාවත පොලිසිය ද පැමිණ කලහකාරිව හැසිරුන පිරිස විසුරුවා හුරීමට යුද හමුදාවට සහය දුන්හ.

කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු අතර වෙළද සැල්හිමියන් සිය වෙළ‍ෙසැල් අගුල් දමා නිවෙස් වෙත යනු ද දැක ගත හැකි විය. මේ වන විටත් නගරය තුළ යුද, පොලිස් නිලධාරීහු ආරක්ෂක රාජකාරිවල නිරතව සිටිති.


පස්වරු 01:00 :

ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙන ගිය නිවසට හා එහි තාප්පයකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි.

සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන්ම නිවසේ තාප්පය පෙරලා බිම දැමු අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනේලවල වීදුරු වලට පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති.

පසුව හලාවත පොලිසිය හා යුද හමුදා භට පිරිස් පැමිණි කළහකාරීන් සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද පලවා හැරියහ.

මේ වන විට ප්‍රදේශය පුරා සාමය රැකීමට යුද හමුදාව හා පොලිසිය කටයුතු යොදා ඇත ෴

++++++++++++++++++++++++

රෙදි වෙළෙන්දෙකුගේ FB පෝස්ටුවක් නිසා හලාවතට ඇඳිරි නිතිය

(12.05.2019 – gossiplankanews.com)

ප.ව.1:15 :

අද 12 ඉරිදා උදෑසන හලාවත නගරයේ නොසන්සුන් වූ පිරිස විසුරුවන්න අහසට වෙඩි තැබීමට හමුදාවට සිදුවූ අතර හෙට උදෑසන දක්වා අඳිරි නීතිය පනවන්නට මේ වනවිට කටයුතු කර තිබේ.

වාර්තාවන ආකාරයට හලාවත බසාර් වීදියේ පිහිටි හස්මාර්ස් නමැති මුස්ලිම් ව්‍යාපාරික රෙදි වෙළෙඳ සැලේ හිමිකරු බව පැවසෙන හස්මාර් හමීඩ් නමැති පුද්ගලයෙකු සිය මුහුනු පොතේ තැබූ සටහනකින් ‘‘උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි. හෙට අඬන්න වෙනවා’’ ලෙස දන්වා තිබේ.

එයට විශාල වශයෙන් විරුද්ධ කොමෙන්ටු පළව ඇති බවත් අනතුරුව ඔහු ඊට දැක්වූ අයහපත් ප්‍රතිචාර නිසා කෝපය මතුකර පිරිස් ඇවිස්සී ඇත.

පසුව මුහුණු පොතේ සටහනට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් මෙම පිරිස එක්වී හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී ඉල්ලීමටද ගොස් තිබේ. නමුත් පොලිසිය හරියාකාරව ක්‍රියා නොකරන බව දක්වමින් කුපිතවූ තරුණ පිරිස් එකතුවී හලාවත නගරයට පැමිණ හස්මාර් හමීඩ්ගේ කඩසාප්පුව සොයාගොස් නොසන්සුන්කාරී ලෙස හැසිරුණ බව කියැවේ. ඔහුට පහරදී ඇති බවත් ඒ සමගම අවට මුස්ලිම් වෙළෙඳ සල්වලටද තර්ජනාත්මක තත්වයක් මතුවූ බවත් වාර්තාවේ.

පිරිස පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.

කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු බවත් වාර්තා විය.

තරුණයන් පිරිස සමග කතෝලික පියතුමෙකුද මෙම විරෝධයට එකතුවී තිබී ඇත.

හස්මාර්ට අයත් රෙදි කඩයට අලාභ හානි සිදුව ඇත. පොලිස් ඇදිරි නීතිය සමග නගරය ජන ශුන්‍යවී ඇත ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ස්ථානයකට මුහුණ වසාගෙන පැමිණි කාන්තාවක් අත්අඩංගුවට

(12.05.2019 – nethnews.lk)

හලාවත ජයබිම ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍ය ස්ථානයකට මුහුණ වසා ගෙන පැමිණි මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ප‍්‍රදේශවාසීන් හලාවත පොලීසියට කළ දැනුම් දීමකට අනුවයි.

ඇගේ සැමියාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

23 හැවිරිදි මෙම කාන්තාව එම ප‍්‍රදේශයේම පදිංචිකාරියක්. 26 හැවිරිදි ඇගේ සැමියා පුත්තලමේ පදිංචිකරුවෙකු වන අතර විවාහයෙන් පසු ඔහු ද එම ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා. සැකකරු සහ සැකකාරිය හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජූඩ් සමන්ත

+++++++++++++++++++++++++++++++++++++

මචං උඹලගේ අන්තවාදී සෙට් එක මරාගෙන මැරෙන්නේ ගෑනු හින්දා – තාත්තට කියලා දීපං – BBC මාධ්‍යවේදී අසාම් අමීන්ට පේෂල කියයි
(12.05.2019 – colombotoday.com)

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

අමෙරිකානු අධිරාජ්‍යවාදයට අනුව ආණ්ඩු ගොඩනැගීමට ඉඩ දෙන්න බෑ

(12.05.2019 – 11:56 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකානු අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට අනුව ආණ්ඩු ගොඩනැගීමට ඉඩදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මීරිගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය චීනයට බදු දීමත් සමඟ ඉන්දියාව සහ අමෙරිකාව ශ්‍රී ලංකාව සමඟ විරසක වු බවත් පසුව ඔවුන්ද මත්තල ගුවන්තොටුපල සහ ත්‍රීකුණාමලය වාරය ඔවුන්ගේ පාලනයට ඉල්ලු බවත් මන්ත්‍රීවරයා පවයි.

මෙය අධිරාජ්‍යවාදින් අතර පවතින ගැටුමක් බවත් ශ්‍රී ලංකාව එහි ගොදුරක් වී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආරාබී වසන්තය නමින් ගෙන ආ වැඩ පිලිවේල තුලින් සියළු රාජ්‍යයන් අකර්මන්‍ය කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *