ව්‍යවස්ථාව සම්මත කලොත් පාර්ලිමේන්තුවට බෝම්බ ප‍්‍රහාරයක්..

(23.10.2017 – 12:13 +0530 – lankacnews.com)

බුදුන් වහන්සේගේ පින්තූරයක් මාධ්‍යවල පල කිරීමට පලමුව අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් විමසිය යුතු වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අස්ගිරි මල්වතු නිකායන්හි කාරක සභාවන්හි තීරණය මාධ්‍යවල පල කිරීමේ මහනාහිමිවරුන්ගේ පින්තූර මාධ්‍යන්හි පල කලේ යයි අගමැතිවරයා විසින් මාධ්‍යවලට දොස් පැවරීම ගැන අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මහ නාහිමිවරුන්ගේ පින්තූරයන්ගෙන් නිරූපනය වන්නේ සමස්ථ නිකායම බවයි.

විමල් වීරවංශ මහතා විසින් සිය දින 87 ක සිරගත දිවියේදී රචනා කළ දෙවන කෘතිය කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එලි දැක්වීමේ උත්සවය අමතමින් මෙම අදහස් පල කරනු ලැබීය.

මෙතරම් භයානක ව්‍යවස්ථා කෙටුම්පතක් සම්මත කරන්නට යද්දී ඊට පක්‍ෂව අත ඔසවන්නේ නැතිව සිටින මන්ත‍්‍රීවරුන් 76 දෙනෙකු නැති පාර්ලිමේන්තුවකින් කොස් කොටන්නැදැයි විමසූ මන්ත‍්‍රීවරයා ඊට පසුවෙනිදා පාර්ලිමේන්තුවට බෝම්බයක් දමා ඉවර කර දැමිය යුතු බවද පැවසීය.

+++++++++++++++++++++++++++++++

“කතානායක ලෙස මා සිටින තුරු රටට අහිතකර ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවට සහතික වෙනවා” – දේශමාන්‍ය කරු ජයසූරියගෙන් ප්‍රතිඥාවක්
(22.10.2017 – 21:15 +0530 – lankaenews.com)

ව්‍යවස්ථාවක් පිළිබඳ ව විවිධ පාර්ශවයන්ගෙන් විවිධාකාර යෝජනා ඉදිරිපත්ව ඇති නමුත් මේ වන තෙක් කිසිදු අවසන් කෙටුම්පතක් සකස් කර නොමැති බවද එබැවින් පටු කෝණ වලින් බලා විවිධ අසමගිකම් පැතිරවීමට උත්සාහ නොකළ යුතු බවද කතානායකවරයා ලෙස තමා කටයුතු කරන තෙක් රටට ජනතාවට බුදු දහමට හෝ වෙනත් ආගමකට සුළු හෝ හානියක් වන කිසිදු ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොතබන බව ද කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කතානායකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවෙහි මීරිගම කතෝලික දේවස්ථාන (ජපමාල මෑණියන්ගේ දේවස්ථානය) සියවස් පූර්ණය වෙනුවෙන් පැවති සමරු උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මෙහිදී තවදුරටත් කතානායක වරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන ඕනෑම ව්‍යවස්ථාවක් අවසන් වශයෙන් බල ගැන්වෙන්නේ ස්වකීය අත්සනින් බවත් එහිදී ඉතා සුපරීක්ෂාකාරීව සහ වගකීමෙන් කටයුතු කිරීමට මුලු මහත් ජාතියටම තමා ප්‍රතිඥා දෙන බවත් ය. එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ව කිසිදු අවසන් කෙටුම්පතක් ඉදිරිපත්ව නැති මේ අවස්ථාවේ කලබල වීම අවශ්‍ය නොවන බව ද හෙතෙම සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *