අසාද්සාලිට – හිස්බුල්ලාට ආණ්ඩුකාර පට්ටම් දීම ජනාධිපති කළ බරපතල වරදක්

May 17, 2019 1:18 pm | Lanka Lead News

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රස්තවාදය පරාජය කරනවා කිව්වට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා කියනදේ නොකරන ජනාධිපතිවරයෙක් බවත් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ සදහන් කරයි. ජාතික හිමිකම් සංවිධානය විසින් ඊයේ (16) කැළණිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.

එමෙන්ම අග්‍රාමාත්‍යතුමන් සදහන් කරන ආකාරයට මෙම ත්‍රස්ථවාදීන්හට දඩුවම් ලබා දීමට ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් මේ වන විට තිබෙන ත්‍රස්ත පනත දඩුවම් ලබාදීමට හොදටම ප්‍රමාණවත් බව ද උන්වහන්සේ සදහන් කළහ.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ස්වාමීන්වහන්සේ :

‘‘රිෂාඩ් බදුර්දීන් හිස්බුල්ලා අසාද්සාලි රහුමාන් යන අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් බරපතල ලෙස අන්තවාදී ත්‍රස්තවාදයට උපදෙස් දෙන හා නායකත්වය දෙන හෝ සහයෝගය දක්වන පිරිසක් බව දැන් රටම පිලිගන්නවා. ඒ අයට විරුද්ධව කිසි දෙයක් කරනනේ නැහැ. මේ වෙලාවේ රිෂාඩ් බදුර්දීන්ට එරහිව විශ්වාසභංග යෝජනාවක් ‍ගෙනවිත් තිබෙනවා. බැරිවෙලාවත් එම විශ්වාසභංග යෝජනාව බදුර්දීන් ජයග්‍රහණය කලහොත් බදුර්දීන් තවත් උඩට යනවා.

එහෙම නොවෙයි මේ අය ගැන වෙනම පරීක්ෂණයක් පවත්වනන්න ඕන. පවත්වල ඒ අයට විරුද්ධව නීතිමය කටයුතු කරන්න ඕන.

ජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්. මේ දෙන්නම අන්තවාදයට එදා ඉදලම සහය දක්වනවා . ඒවගේ අන්තවාදීන්ට ආණ්ඩුකාරකම් ලාබදුන්හම මොනවද වෙන්නෙ.ඒ නිසා ජනාධිපති මම බය නැහැ කියලා කයිවාරු ගැහුවට වැඩක් නැහැ මේ වගේ පසුබිමක් හැදුවට මේ වගේ තත්වයකට රට ඇද දැමුවට ජනාධිපතිවරයා වගකියන්න ඕන.’’

මෙම මාධය හමුවේදී අදහස් දැක්වූ ජාතික හිමිකම් සංවිධානයේ නීති ලේකම් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා :

‘‘ඇමරිකාවේ ආරක්ෂක සහ දේශපාලන උවමනාවන් තමන් වෙත පැවරිලා තියෙන වගකීමක් ලෙස අද අග්‍රා‍මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ දොන් ජුවාන් ධර්මපාල ලෙස ඉටුකරමින් සිටින බව සදහන් කලේය.

අපි හිතාගෙන හිටියෙ පොලිසියේ සිටින්නේ එක ජෝකර් කෙනෙක් විතරයි කියල බලන කොට තව රොත්තක් ඉන්නවා. අද වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ලංකාවම බය කරමින් සිටිනවා. විවිධ සිද්ධීන් සදහා අත්අඩංගුවට ගන්නා පුද්ගයින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඒසේ එම පනත මගින් අධිකරණය ඉදිපත් කල විට ඇප ලබාදිය හැක්කේ මහාධිකරණයෙන් පමනක් බව සදහන් කරමින් මෙලෙස ජනතාව බිය වද්දමින් සිටි. අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමන්ගෙන් හා පොලිස්පති තුමාගෙන් අහනව දැන්ද මේ පනත මතක් උනේ කියල.

අද අමිත්, ඩෑන් සහ විවිද චෝදනා මත කිසිදු සාක්ෂියක් නොමැතිව තරුණ පිරිස් මෙම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද පනත හරහා අධිකරණයට ඉදිරිපත් කරන කොට අන්තවාදී ත්‍රස්ථවාදය සදහා උදව් කල සහයෝගය දැක්වීම නිසා අත්අඩංගුවට ගත් පිරිස් ඇයි මේ පනත හරහා ඉදිරිපත් කරන්නේ නැත්තෙ. මරාගෙන මැරුණ සහරානේගෙ ඥාතීන් වෙනුවෙන් මෙම පනත ක්‍රියත්මක නොවන්නෙ ඇයි. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරනවා කියා තෝරාගත් සිංහල මිනිස්සු ‍කොටසකට පමණක් නීතිය ක්‍රියාත්මක කරන්න එපා . එහෙම උනොත් වෙන්නෙ සිංහල බෞද්ධ ජනයා මීට වඩා දරුණු ප්‍රතිචාරයක් දක්වයි කියල මතක් කරන්න ඕන.’’

එම මාධ්‍ය හමුවට එක්වූ ජාතික හිමිකම් සංවිධානයේ ජාතික සංවිධායක කථිකාචාර්ය නෙම්සිරි ජයතිකල මහතා :

හිස්බුල්ලා විසින් ඉදිකරන ලද ශරියා විශ්වවිද්‍යාලයේ තමයි මේ අසියාවේ අන්තවාදී තරුණයින් බිහිකරන ආයතනය වන්නේ. අද වන විට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේ ඇති වූ ගැටුම් වලින් හානියට පත්වූ ප්‍රදේශ ඡායාරූප හා වීඩියෝගත කරමින් ජාත්‍යාන්තරයට යවලා හමුදාව බලා සිටියේදී මුස්ලිම් ජනයාට ප්‍රහාර එල්ලකරන බවට චෝදනා කරමින් අපේ යුධ හමුදාවට අපහාස කරමින් සිටිනවා. ඒ නිසා මේ අන්තවාදයට උඩගෙඩි දෙන බදුර්දීන්, අසාද් සාලි, මුජුබුර් රහුමාන්, හලීම් වැනි දේශපාලකයන් වහාම දේශපාලනයෙන් ඉවත් කරන්න ඕන. එහෙම නැතුව මේ ප්‍රශ්ණය ඉවර කරන්න බැහැ.’’

+++++++++++++++++++++++++++++++++++++

ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් කැකිරාවෙන් සොයා ගනී…

(17.05.2019 – colombotoday.com)

කැකිරාව, මඩාටුගම හැවැන්තැන්නේගම ප‍්‍රදේශයේ පාලමක් අසළ සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් සහ යුද හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමක් ආරක්ෂකඅංශ විසින් අද (17) සොයා ගෙන ඇත.

සොයාගත් උණ්ඩ අතර ගුවන්යානා නාශක උණ්ඩ 04 ක්, එම්පීඑම්ජී උණ්ඩ 05 ක්, මිලි මීටර් 9 පිස්තොල උණ්ඩ හා ගලවා වෙන්කළ උණ්ඩ කොටස් කිහිපයක්ද, තිබී සොයාගෙන ඇත.

ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදී එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.

පුපුරණද්‍රව්‍ය තොගය සොයාගත් ස්ථානයට මීටර් 700 ක් පමණ දුරකින් හැවැන්තැන්නේගම විද්‍යාලය පිහිටා තිබේ.

උණ්ඩ තොගය ඉදිරි කටයුතු සඳහා කැකිරාව පොලිස්ස්ථානය වෙත භාරදී තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++++

ෂරියා විශ්ව විද්‍යාලයෙන් විශාල මුදලක් ප‍්‍රධාන නායකයෙකුට.. GMOA, NUTA හිස්බුල්ලාගේ අන්තවාදී උපාධි කඩය වහන්න පුනානි යයි ?

(16.05.2019 – 12:00 +0530 – lankacnews.com)

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා අරඹා ඇති ෂරියා උපාධි දෙන ව්‍යාජ විශ්ව විද්‍යාලය අන්තවාදීන් බිහිකරන තිඹිරි ගෙයක් බව කරුණු සහිතව පෙන්වුව ද ඒ ගැන වගකිවයුත්තන් නිහඬ බවත් කාට අමතක වුවද, අමතක කරන්නට පෙළඹුවද මේ ආයතනය වසා දමන තෙක් තම සටන අත් නොහරින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ බෞද්ධ සම්මේලනයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අන්තවාදී අධ්‍යාපනය පිටු දැකීමේ ජාතික එකමුතුව මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

කරුණු දැන දැනම රජයේ නියෝජිතයන් පසුගිය සතියේ නැගෙනහිර පළාතට ගොස් හිස්බුල්ලා හමු වී මේ ආයතනය සඳහා ආශිර්වාදය ලබා දීම ගැන ලැජ්ජා විය යුතු බව ද ඒ මහතා පැවසීය.

“අද මේ ආණ්ඩුව, මුස්ලිම් නායකයන් සිංහල ජන සමාජය විහිලුවට අරන්. ඕනෑම දෙයක් කියල රවටන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නවා. කඩු තියෙන්නේ දැරිවියෝ රකින්නලු, එතකොට වැල්ලවායේ ස්නයිපර් තිබුනේ නැන්දම්මලා රකින්නද? මේ විහිලු ඇති දැන්. ජන්ද ගැන විතරක් හිතන පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ගැන අද සිංහල සමාජයේ විශ්වාසය සීග්‍ර ලෙස බිඳ වැටෙමින් තියෙනවා.

සමාජ මාධ්‍ය වාරණය කරලා මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බෑ. මිනිස්සු VPN දාගෙන ෆේස් බුක් යනවා. ගිහිල්ල කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න කියලද? පල්ලි කුඩු කරපිය කියලද? නෑ. අපට ආරක්ෂාව දෙන්න; විශ්වාසය තහවුරු කරන්න කියල.

එදා JVP කලබල කාලේ පන්සල් පරීක්ෂා කළා; හාමුදුරුවෝ එපා කිව්වද? කොටි ත්‍රස්තවාදී කාලේ කෝවිල් පරීක්ෂා කළා; කුරුක්කල්ලා, පුසාරිලා කිව්වද එපා කියල; ඇයි දැන් අමුතුද? තවත් විහිළු කරන්න එපා. රටට සතියක් ඇඳිරි නීතිය දාල හැම ගෙයකම, ආයතනයක්ම, සිද්ධස්ථානයක්ම පරීක්ෂා කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න නිදහස, විශ්වාසය ලබල දෙන්න.

හිස්බුල්ල මේ හොර උපාධි කඩේට කෝටි 1400 ක් වියදම් කරනවා කිව්වා. එත් වියදම් කරලා තියෙන්නේ කෝටි 700. ඉතිරි 700 ට මොකද උනේ. අනිත් පැත්තෙන් ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් කියනවා ත්‍රස්තවාදීන්ගේ කෝටි 700 දේපල රාජ සන්තක කරාලු. මේවා කාගේ දේපලද? ඉතින් අපට හිතන්න සිද්ධ වෙන්නේ මොකක්ද? අපි තීරණාත්මක ලෙස කියනවා. මේ රටේ මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ හොර ගුහාව වහන්න නැත්නම් අපි වහන හැටි දන්නවා. අපට පුනානී එන්න ඉඩ තියන්න එපා”.

මෙහිදී මාධ්‍ය ඇමතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව ඇරඹු සැක සහිත මේ ආයතනය වසා දැමීමට වහා ක්‍රියා කල යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊලග විධායක සභාවේදී හිස්බුල්ලාගේ ආයතනයට එරෙහිව දැඩි තීරණයක් ගනු ඇති බවත් විශ්වාසය පළ කළේය. සයිටම් පන්නයේ පුනානි හොර උපාධි කඩයට එරෙහිව කටයුතු කිරීමට සයිටම් සටනේදී ලැබුණු අත්දැකීම් ඉවහල්වනු ඇති බවද ඒ මහතා ප්‍රකශ කළේය.

සුරකිමු ලංකා පදනමේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි පැවසුවේ හිස්බුල්ලාගේ හොර උපාධි කඩය ඔස්සේ රටට පැමිණි විශාල ධනස්කන්ධයක් 2015 අගෝස්තු මහමැතිවරනයේ දී ප්‍රධාන පක්ෂයක නායකයකුට ලබා දී ඇති බවත් ඒ ගැන තොරතුරු නුදුරේම රටට හෙළි වනු ඇති බවත්ය. පසුගියදා වයඹ පළාතේ ඇති වූ නොසන්සුන්තාව රනිල්-මංගල-රාජිත ව්‍යාපෘතියක් බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.

හින්දු පුජක දර්ශක ශර්මා, ආචාර්ය ලලිතසිරි ගුණරුවන්, වෛද්‍ය චන්දික එපිටකදුව, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වුහ.

– විදර්ශක කරුණාතිලක

+++++++++++++++++++++++++++++++++++++

Talk With Chatura : ඉස්ලාම් අන්තවාදය ගොඩනැගුණු හැටි (13.05.2019) (102 min.s)

නාරා ටී අරුණ්කාන්තන් සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපතිවරයායි.
අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රාහාරය එල්ලවීමට ප්‍රථම එම ත්‍රස්ත ක්‍රියා සම්බන්දව හින්දු ජනතාව බොහෝ තොරතුරු ලබා දී ඇත.
ඔවුන්ට එහීදී තොරතුරු සන්නිවේදනය සදහා ඔවුන් කතාකරන දමිළ බස ඉවහල් වී ඇත.
ඔවුන් කියන්නේ රටේ වෙනදේවල් ඇත්තටම දනගන්න දමිළ බස ඉගෙනගත යුතු බවයි.
නැගෙනහිර පලාතේ සිදුවන අන්තවාදී ආක්‍රමණය නිසාවෙන් දැනටමත් කෝවිල් 18 කට වැඩි ප්‍රමාණයක් මෙම ආක්‍රමණයට නතුව ඇති බව පවසයි.

https://www.youtube.com/watch?v=TbCtY1uGKHQ

+++++++++++++++++++++++++++++++++++++

ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගන්නැයි එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස කියයි

(17.05.2019 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රති ත්‍රස්ත පනත අත්හිටුවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර පැවති තත්ත්වයට වඩා ශක්තිමත් කළ යුතු බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අම්පාර – උහන – මහකන්ඩිය ප්‍රදේශයේ ඉදිකළ දිගාවැව්පුර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

ඔහු තවදුරටත් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් ශක්තිමත් කළ යුතු බවයි.

+++++++++++++++++++++++++++++++++++++

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව, පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

(18.05.2019 – 07:11 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිව කතානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා මෙතෙක් දිනයක් නියම කර නැහැ. මේ අතර, ඊට අදාළ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා ලබන අඟහරුවාදා පස්වරු 3 ට කතානායක කරූ ජයසූරිය විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද කැඳවා තිබෙනවා.

විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත භාර දී එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින 5 ක් ගත වූ පසු ඊට අදාළ විවාදය සිදුකළ හැකි වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි.

චෝදනා 10 කින් යුතු මෙම විශ්වාසභංග යෝජනාව, ඒකාබද්ධ විපක්ෂය විසින් පෙරේදා කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.

ඊට මන්ත්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් තබා තිබූ අතර, තවත් දෙදෙනෙකු විදෙස් රටවල සිට ඊට කැමැත්ත පළ කර තිබුණා.

පසුව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එය පාර්ලිමේන්තුවේ පිහිටි කතානායක කාර්යාලයේදී, කතානායක කරූ ජයසූරියට භාර දෙනු ලැබුවා.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන ලෙස යුද හමුදාපතිවරයාට, බලපෑම් කළ බව හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කිරීම මෙන්ම, කොළඹ – සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්තශාලාවට වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශය මගින් සම්මත පටිපාටියෙන් බැහැරව හිස් පතොරම් කොපු සැපයීම, ඇතුළු චෝදනා 10 ක් ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ මෙම විශ්වාසභංගයට ඇතුළත්.

+++++++++++++++++++++++++++++++++++++

මංගලයාගේ අවමංගල කථාවට දැක්වෙන විරෝධය …

17.05.2019

+++++++++++++++++++++++++++++++++++++

වෙසක් පෝයට වෙන්න යන දේ මෙන්න – හිටපු බුද්ධි අංශ ප්‍රධානියාගෙ කථාවට සුජිත් නිශාන්තයන් ගෙන් අභියෝගයක් (14.05.2019)

https://www.youtube.com/watch?v=tFARD9kMumg
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *