සහරාන්ලාට මුදල් ලැබී ඇත්තේ ලංකාවෙන්මයි

(19.05.2019 – divaina.com)

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලු මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගත් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් විසින් බව පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

Suicide bomber brother Inshaf Ibrahim

මහා පරිමාණ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ රුපියල් බිලියන ගණනක මුදලක් ඉන්සාෆ් අහමඩ් මෙම ත‍්‍රස්ත සංවිධානය දියුණු කිරීම සඳහා යොදවා ඇති බව බුද්ධි අංශ පවසයි.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරු 17 ක් පවත්වාගෙන යෑමට සහ ආරක්‍ෂිත නිල නිවස්න මිලදී ගැනීමට, යාන වාහන මිලට ගැනීමට මෙන්ම ආධුනික ත‍්‍රස්තවාදීන් පුහුණු කිරීම සඳහා මූල්‍ය පහසුකම් ඉන්සාෆ් අහමඩ් විසින් ලබා දී ඇති බව අනාවරණය වී ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කිරීමට දින 4 කට පෙර එනම් අපේ‍්‍රල් මස 17 වැනිදා ඉන්සාෆ් අහමඩ් පෞද්ගලික බැංකුවක සිය ගිණුමෙන් රුපියල් ලක්‍ෂ 340 ක මුදලක් ලබාගෙන එය තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ ඉදිරි කටයුතු සඳහා පාවිචිච් කිරීමට සහරාන්ගේ සොහොයුරා වූ රිල්වාන්ට ලබා දී ඇති බව බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබේ.

National Thawheed Jam’aat (NTJ) leader Mohamad Cassim Mohomad Zahran (Right) standing next to his brother Mohomad Rilwan Mohamad Hashim (Left) just before they set off a series of bomb blasts on Easter Sunday.

සමන්තුරේ සයින්දමරුදු ප‍්‍රදේශයේදී මොහොමඩ් රිල්වාන් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයන් බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කර ගත් අවස්ථාවේ එම නිවසේ තිබී සොයාගත් මුදල් ඉන්සාෆ් අහමඩ් ලබාදුන් මුදල් බව ද අනාවරණය වී ඇත.

– හේමන්ත රන්දුණු

(ඉහත සේයාරූ divaina.com වෙබ් අඩවියෙන් නොවේ – අමරසර)

+++++++++++++++++++++++++++++++++++++

යළි යළිත් හෙළාදකින මංගලගේ ප්‍රකාශය

(19.05.2019 – 21:22 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා.

++++++++++++++++++++++++

මංගලමාල

+++++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් තරුණයකු මහණ කරවා දුම්රියෙන් අනුරාධපුරයට ගෙන යද්දී චීවරධාරීහු 2 ක් දැලේ

(20.05.2019 – divaina.com)

මුස්ලිම් තරුණයකු මහණ කර සිවුරු අන්දවා දුම්රියෙන් අනුරාධපුරයට රැගෙන යමින් සිටි සැකකටයුතු චීවරධාරීන් දෙදෙනකු පොල්ගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙසක් පොහොයට දින හතරකට පෙර එනම් ඉකුත් 14 වැනිදා ය. අනුරාධපුර වන්දනාකරුවන් භීතියට පත් කිරීමට ඉඩ තිබූ නිසා මෙම චීවරධාරීන් අත්අඩංගුවට ගැනීම හෙළි නොකර ඔවුන් පිළිබඳව රහසිගතව විමර්ශන පැවැත්වූ බව පොලිසිය පවසයි.

මෙම චීවරධාරීන් දෙදෙනා මුස්ලිම් තරුණයා මහණ කර අනුරාධපුරයට රැගෙන යන්න උත්සාහ දරා ඇත්තේ උත්සව සමයේ කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදු කරන්නට බවට පොලිසිය සැක කරයි.

මුස්ලිම් තරුණයා රැගෙන යමින් සිටි චීවරධාරීන් දෙදෙනා සතුව තිබී ඇමරිකන් ඩොලර් ඇතුළු රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක් මිල අධික ජංගම දුරකථන තුනක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් ගත් මෙම චීවරධාරීන් තිදෙනා පිළිබඳව සැක පහළ කළ දුම්රිය මගීන් ඒ පිළිබඳව පොල්ගහවෙල පොලිසියට ජංගම දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ආර්. ඒ. එච්. සිරිල් මහතා ඇතුළු නිලධාරීන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත පැමිණ යාපනය බලා ධාවනය වෙමින් තිබූ රාත‍්‍රී දුම්රියේ සිටි මෙම සැකකටයුතු චීවරධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම චීවරධාරීන් තිදෙනා අතර සිටි වැඩිමහල් චීවරධාරියා කතරගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක ලෙස කටයුතු කළ අයෙකි. විහාරස්ථානයේ ඇති වූ ගැටුමකින් පසු එම චීවරධාරියා කතරගම ප‍්‍රදේශයෙන් එලවා දමා ඇති අතර, මාස කිහිපයක් තිස්සේ මෙම චීවරධාරියා රටපුරා සැරිසරමින් සිට ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. හෙතෙම රාජ්‍ය නොවන සංවිධානයක්ද පවත්වාගෙන යන බව ද අනාවරණය වී ඇත.

ප‍්‍රශ්න කිරීම්වලදී සැකකාර චීවරධාරියා පවසා ඇත්තේ මෙම මුස්ලිම් තරුණයා මුණගැසී ඇත්තේ කොටුව දුම්රිය ස්ථානය අසලදී බවයි. පස්සර පාර, බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඩ් ඉර්ෂාඞ් නමැති 16 හැවිරිදි තරුණයා කොළඹට පැමිණ ඇත්තේ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙනි. කොටුව දුම්රිය ස්ථානය අසලදී චීවරධාරියාට හමු වූ මුස්ලිම් තරුණයා තමන්ට මහණවීමට අවශ්‍ය බව පවසා ඇත. පසුව මොහු මුස්ලිම් තරුණයා පිටකොටුවේ සැලූන් එකකට රැගෙන ගොස් හිස මුඩුකර වෙළෙඳ සැලකින් සිවුරක් මිලදී ගෙන පිටකොටුව බෝධිය ඉදිරිපිටදී එය අන්දවා මහණ කර ඇත.

පසුව මෙම මුස්ලිම් තරුණයා ද කැඳවාගෙන චීවරධාරීන් දෙදෙනා අනුරාධපුරය බලා යමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මෙම චීවරධාරීන් සිදුකළ ප‍්‍රකාශ පරස්පර බව පවසන පොලිසිය මොවුන් කිසියම් සංවිධානයක් සමග සම්බන්ධතා පවත්වමින් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුකිරීමට සැලසුම් කරන්නට ඇති බව සැක කරයි. මෙම චීවරධාරීන් තිදෙනා පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත ද දැනුම් දී ඇත.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරි ජයසිංංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ආර්. ඒ. එච්. සිරිල් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

– හේමන්ත රන්දුණු

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *