ඇමරිකා හමුදාව 6500 ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරි දියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..

(21.05.2019 – 00:02 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි :

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ගිවිසුම් ත්‍රිත්වයක් සහ බෝම්බ බිය හෙවත් ‘අතිකම්පන ප්‍රතිකාරය’ හරහා සිදු කෙරෙන ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව

ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි මේ වන විට අගමැති කාර්යාලයේ පිහිටුවා ඇති ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නම් වූ ඇමරිකානු රාජ්‍ය සමාගමේ කාර්යාලයේ මෙහෙයවීමෙන් සකස් කළ ව්‍යාපෘති යෝජනාවක් සහ ගිවිසුමක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. ඔබතුමා විසින් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා, අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කිරීමෙන් වැළකී එය කල් තැබූ බව වාර්තා විය. නමුත් එය අනුමත කර ගැනීම සඳහා අගමැතිවරයා විසින් ප්‍රබල උත්සාහයක් දරන බව ද වාර්තා වේ.

ඒ අනුව මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ විධිමත් අනුමැතිය නොමැතිව කූඨ ක්‍රියාවලියක් හරහා අනුමැතිය ලැබුණු බව පෙන්වා අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා ගැනීමේ අනතුරක් පවතින බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් මේ වනතුරු ඔබතුමා විසින් එම බරපතළ ශ්‍රී ලංකා – ඇමෙරිකානු ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා දෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීම පිළිබඳව ජාතියේ ගෞරවය ඔබතුමාට හිමි වේ. නමුත් එම ගෞරවය දීර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා ඔබතුමා අසමත් වුවහොත් එමගින් රටේ ස්වාධිපත්‍යය බරපතළ අනතුරකට ලක්වන බව ඉතා ඕනෑකමින් ඔබතුමා වෙත දන්වනු කැමැත්තෙමු.

එසේම එම ශ්‍රී ලංකා – ඇමෙරිකානු ගිවිසුම එනම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය මගින් දියත් කෙරෙන ආයෝජන සංවර්ධන කලාප පිහිටුවීම, ඉඩම් ප්‍රතිසංස්කරණ සහ මහාමාර්ග ආදී ව්‍යාපෘති ආවරණය වන ගිවිසුම අත්සන් කළහොත් එය ක්‍රියාත්මක වන්නේ තවත් ආරක්‍ෂක ගිවිසුම් දෙකක ආවරණය යටතේ ය. ඒවා Status of Forces Agreement (SOFA) සහ Aquisitaion and Cross Services Agreement (ACSA) ලෙස හැඳින්වෙන බව ද ඔබතුමා දන්නවා ඇත. එම ආරක්‍ෂක ගිවිසුම් දෙක ඔබතුමාගේ අනුමැතිය ඇතිව හෝ නැතිව මේ වන විට අත්සන්කොට අවසන් බව ද වාර්තා වේ. මෙම ගිවිසුම් ත්‍රිත්වයේ බරපතළකම සැලකිල්ලට ගත යුත්තේ පාස්කු ඉරිදා ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ජ ප්‍රහාරයෙන් පසුව සමාජය තුළ ඇති වූ කම්පනය ඊට කුමන ආකාරයට බලපානු ඇත් ද, යන කරුණ ද සැලකිල්ලට ගනිමිනි.

  1. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් රටේ ඉඩම් අයිතිය විදේශීය සමාගම් සතු කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට සහ පවතින පනත් දෙකක් සංශෝධනය කිරීමට යෝජනා කරයි. ‘ඉඩම් බැංකු පනත’ මගින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් සහ රජයට අයත් සෙසු ඉඩම් පෞද්ගලික අංශයට විකිණීම සඳහා ප්‍රතිපාදන සලසයි. ඉඩම් විශේෂ විධිවිධාන (සංශෝධන) පනත මගින් ගොවීන්ට ලබා දී ඇති විවිධ බලපත්‍ර යටතේ පවතින ඉඩම්වලට වෙළඳපලේ විකිණිය හැකි අයිතිය ලබාදීම හරහා ඒවා පුද්ගලික සමාගම්වලට විකිණීම සඳහා පෙළඹවීම් ඇති කරයි. තෙවන පනත වන ඉඩම් අයිතිය සීමා කිරීමේ (සංශෝධන) පනත මගින් දැනට පවතින අයිතිය සීමා කිරීමේ බාධක ඉවත් කෙරේ. ඒ අනුව අක්කර දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් මහා සමාගම් සතු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. ආයෝජන කලාප 4 ක් යටතේ ඇමරිකානු, ඉන්දියානු සහ ජපන් සමාගම් සතු කිරීම සඳහා නියමිත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12 කි. (අක්කර ලක්ෂ 30 කි)
  2. ACSA නැමති ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ වරායන් සහ ගුවන් තොටුපළ පමණක් නොව අභ්‍යන්තර කඳවුරු පිහිටුවීම සඳහා ද අමෙරිකානු හමුදාවට බලය ලැබේ. දැනට ත්‍රිකුණාමල වරාය පිටත සැපයුම් කේන්ද්‍රයක් ලෙස නවතා ඇති ජෝන් සී. ස්ටෙනින්ස් නම් යුද නෞකාවේ හමුදා භටයින් 6500 ක් රැඳවිය හැකි අතර යුද ගුවන් යානා 100 ක් රැඳවිය හැක. ඒ අනුව ලෝකයේ විශාලතම හමුදා අනුඛණ්ඩය වන ඇමරිකානු ‘7 වන ඉන්දු – පැසිෆික් කොමාන්ඩ්’ වශයෙන් හැඳින්වෙන හමුදාවේ ප්‍රධාන සැපයුම් කේන්ද්‍රය ශ්‍රී ලංකාව බවට පත් වේ. ඊට පහසුකම් සැලසීම සඳහා ත්‍රිකුණාමල සහ කොළඹ වරායන් සහ කටුනායක ගුවන් ගුවන්තොටුපළ යා කෙරෙන ආයෝජන කලාපයක් පිහිටුවීම ආවරණය වන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ය.
  3. SOFA නම් වූ තුන්වන ගිවිසුම අත්සන් කිරීම සඳහා විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට ගොස් සිටින බව වාර්තා වේ. එම ගිවිසුම මගින් අනෙක් ගිවිසුම දෙක හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට අවශ්‍ය ඇමෙරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට තානාපති මුක්තිය ලබා දේ. එම නිලධාරීන්ට නිල ඇඳුම් සහිතව සහ ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ක්‍රියාත්මක වීමට අවසරය ලැබේ. ඊට අමතරව ඔවුන්ගේ භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී බදු අය කිරීම හෝ පරීක්‍ෂා කිරීම සිදු කළ නොහැකි අතර ඔවුන් අපරාධ වරදක් සිදුකළහොත් ඔවුන්ට ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ දඬුවම් කළ නොහැක. එම ප්‍රතිපාදන සියල්ල මගින් ඇමෙරිකානු හෝ නේටෝ හමුදා කඳවුරු ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය සියලු නීතිමය තත්වයන් නිර්මාණය වේ.
  4. මෙම සියලු ගිවිසුම් මගින් නිර්මාණය කරන තත්වය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව තුළ ඍජු හමුදාමය මැදිහත්වීමක් සහ ක්‍රියාකාරීත්වයක් ආරම්භ කිරීම සඳහා සමාජය තුළ එවැනි අවශ්‍යතාවක් සහ පිළිගැනීමක් ඇති කළ යුතු ය. එය මූලික මානසික යුද උපක්‍රමයකි. ඒ සඳහා සමාජයක් පෙළඹවීම මුල්කරගෙන ප්‍රචණ්ඩත්වය යොදාගැනීම පිළිබඳව ලෝකය පුරා බොහෝ සාක්ෂි ඇත. ඊට අදාළ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමේ ක්‍රියාවලිය මනෝ විද්‍යාත්මක යුද උපක්‍රම අනුව තාක්ෂණිකව හැඳින්වෙන්නේ ‘අතිකම්පන ප්‍රතිකාරය’ හෙවත් Shock Treatment ලෙස ය. ඊට අදාළ න්‍යාය හැඳින්වෙන්නේ ‘අතිකම්පන න්‍යාය’ හෙවත් Shock Doctrine ලෙස ය. මේ පිළිබඳව නයෝමි ක්ලේන් (Niomi Klain) නම් වූ පර්යේෂණ මාධ්‍යවේදිනිය විසින් වටිනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කොට ඇත. The Shock Doctrine නමින් ප්‍රකාශයට පත්කොට ඇති එම වටිනා ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කිරීමට අපි කටයුතු කරමින් සිටිමු. අප සමාජය වෙත එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය විග්‍රහකරගත යුත්තේ මෙම න්‍යායාත්මක පසුබිම තුළ ය.

මෙම බරපතළ තත්වය රටේ උත්තරීතර නායකයා වන ඔබතුමා ඇතුළු සෙසු සියලුම දේශපාලන පක්‍ෂ නායකයින් සහ පොදු ජනතාව විසින් නිසි බරින් වටහා ගැනීමට අසමත් වුවහොත් ලිබියාව සහ සිරියාව වැනි රටවලට අත් වූ ඉරණම අපට ද අත්විය හැකි බව කිව යුතු ය. එම නිසා එම අභියෝගයට මුහුණ දීමේ පළමු පියවර ලෙස දැනට ඔබතුමා සතුව ඇති බලතල පාව්චිචි කරමින් ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුවත්-බදියුදීනුත් එකවර බේරා දෙන්න ජවිපෙ රටේම ඇස් වසා දැමූ වෙට්ටුව මෙන්න..

(21.05.2019 – 03:24 +0530 – lankacnews.com)

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ කඩිමුඩියේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ ආණ්ඩුවත් සහ දැනටමත් විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇති රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා රැකගැනීමටත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බදුයිදීන් ඇමතිවරයාට එරෙහිව දැනටමත් ආණ්ඩුව තුළ සිටින කතෝලික මන්ත‍්‍රීවරුන් හා අන්තවාදය ප්‍රතික්ෂේප කරන මැති ඇමතිවරුන් ගණනාවක් එකතු වී සිටින බවයි.

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමෙන් සිදු වන්නේ එම සියලු දෙනා එක්ව බදියුදීන් අමතක කර නැවතත් ආණ්ඩුව රැක ගැනීම සඳහා කටයුතු කිරීම බවද මුසම්මිල් මහතා කියා සිටියේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මේ සිදුකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවන් අනුව ආණ්ඩුව රැක ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීම බවද ඔහු කියා සිටී.

මේ මොහොතේ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇමති බදියුදීන් බේරා ගැනීමට වඩා ආණ්ඩුව බේරා ගැනීම පහසු බවත් අනුර දිසානායක මහතා දැනුවත්ව මේ කරමින් සිටින්නේ එම පහසුකම සැලසීම බවත් ඔහු තව දුරටත් පැවසීය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

විශ්වාසභංගයේදී රිෂාඩ්ට එරෙහි වෙනවා

(20.05.2019 – 22:07 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විස්වාසභංගයෙදී තමන් ඊට පක්‍ෂව ඡන්දය ලබා දීමට තීරණය කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

අද (20) පස්වරුවේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,

‘‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් පිලිබදව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුධ හමුදාපතිවරයට බලපෑම් කළ බව මේ වන විට සනාථ වී තිබෙනවා.

යුධ හමුදාපති ප්‍රකාශ කර තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බව, ඒ වගේම අමාත්‍යවරයාත් ඇමතුම් ලබා දුන් බව පිළිගෙන තිබෙනවා.

මෙම තත්ත්වය මත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලට අමාත්‍යවරයාගේ හැසිරීමෙන් බලපෑමක් සිදුවන බවට ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා.

මේ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමට පෙර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සියධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

එසේ නොවුනොත් විශ්වාසභංග යෝජනාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව තමන් ඡන්දය ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.

ඒ වගේම මැයි මස 13 වනදා නාත්තන්ඩිය, හෙට්ටිපොල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් දැඩි ලෙස හෙලා දකිනවා.

මෙම පහරදීම් පිටුපස සිටියේ සාමාන්‍ය මිනිසුන් නොවෙයි.

පොහොට්ටුවේ සාමාජිකයන්විසින් කල ප්‍රකෝප කිරීම් නිසා ඇති වූ දෙයක්, මෙයින් පැහැදිලි වෙන්නේ මේ සිද්ධියෙන් ඔවුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බවයි.

මේ ප්‍රහාර වලදී ගුටිකෑවේ වඩේ විකුණන, බත්පැකට් විකුණන අහිංසක සාමාන්‍ය මිනිස්සු.

ත්‍රස්තවාදීන් මෙහිදී ගුටි කෑවේ නැහැ. අපි කියන්නේ CCTV දර්ශන ඇතුළු වෙනත් සාධක උපයෝගීකරගෙන මෙම සිද්ධි පිලිබඳ කඩිනම් පරීක්ෂණයක් කල යුතුයි.

පසුගියදා ඇති වූ සිද්ධි නැවත මෙරටේ ඇති නොවන්නට ඒ පිලිබඳ දැඩි අවධානයකින් යුතුව ආරක්ෂක විධිවිදාන තර කළ යුතුයි.’’

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් පොලීසියට කොටු වෙයි

(20.05.2019 – 20:37 +0530 – sinhala.adaderana.lk)

ප්‍රධාන බෝම්බකරු සහරාන්ගේ, අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් ඇතුල තවත් සැකකරුවන් හතර දෙනෙකු රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයේ නිළධාරින් විසින් ඊයේ (19) අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් පසුව අම්පාර රාජ්‍ය බුද්ධි සේවාව මගින් විශාල තොරතුරැ රැසක් එකතු කර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වමින් යන අතර තුර ඊයේ සවස කල්මුනේ සියාම් නැමැත්තා අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදි සහාරන් සමඟ කටයුතු කළ තවත් හතර දෙනෙකු ඊයේ දහවල් කල්මුණේ ප්‍රදේශයේදි අත් අඩංගුවට ගනු ලැබිය.

මෙයට අමතරව පාලමුනේ ප්‍රදේශයේ වලලා දමා තිබු සි.ඩි. තැටි 31 ක් ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත් විය.

සහාරන් ගේ ප්‍රධාන අනුගාමියෙක් වන කල්මුනේ සියාම් සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනිමට සමන්තුරේ , නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනිමට සහාරන් ගේ ප්‍රධාන අධාරකරුවෙක් වන නියාස්ට සහය දි ඇති බවට කරන ලද විමර්ශණ වලදි අනාවරණය කරගෙන තිබේ.

ඉකුත් 26 වෙනි දින සයින්දමර්දු බොලිවියානු සුනාමි ගම්මනායේ බෝම්බ පිපිරීමට පෙර බෝම්බ පුපුරැවා ගත් නියාස් , රිල්වාන් ඇතුලු කණ්ඩායම නින්දවුර් නිවසේ සිට මුහුදු බඩ මාර්ගයක් ඔස්සේ සයින්දමර්දු නිවාසයට ගෙන ඒමට සහය දි ඇත්තේද කල්මුනේ සියාම් බවට රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරින් තහවුරැ කරගෙන ඇත.

නියාස් ඇතුලු පිරිස වෑන් රථයෙන් ගමන් කරන විට කල්මුනේ සියාම් විසින් තවත් වාහනයකින් ඉදිරියෙන් ගමන් කර මුහුදු බඩ මාර්ගයේ සිටින නාවික නිළධාරින් මග හරිමින් සයින්දමර්දු වෙත ගෙනවිත් තිබේ.

සහාරන් ගේ සමිපතම හිතවතෙක් වන කල්මුනේ සියාම් හම්බන්තොට ප්‍රදේශයේදි පුහුණුවීම් කටයුතු වල නිරති වි ඇති අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජීකයෙක් බවද ආරක්ෂක අංශ කරුණු තහවුරැ කරගෙන ඇති අතර තවදුරටත් ඔවුන් ගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බවද පැවසේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I think wimal werawansa should get people on to the street and demonstrate in front of temple trees and presidents house, wherever he lives, to protest against this secret agreement with americans. i.e. if it is true. Not just one or two people but millions. That will teach these traitors that their days are numbered also. Sri Lanka is an independent country. After Mr Bandaranayaka became the PM in 1956. he got rid of the last British forces presence from SLK, and declared that SLK was a non-aligned country. Now after 63 years the present day US slave government in SLK is trying to bring these vultures back and letting these foreigners destroy our country as they have done it in Libya, Iraq and Syria, as well as in Palestine.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *