ත්‍රස්ථ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක් අත්හිටුවයි

(24.05.2019 – 16:28 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

අද (24) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ආරක්ෂක අංශ විසින් සිදු කරන මෙහෙයුම් පිළිබඳ නවතම තොරතුරුද අනාවරණ කළේය.

එම බැංකු ගිණුම්වල රුපියල් මිලියන 134 ක මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබේ.

ඊට අමතරව රුපියල් මිලියන 14 ක පමණ මුදලක් මේ වන විට සොයා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට අමතරව රුපියල් බිලියන 7 ක පමණ වෙනත් වත්කම් ගැන සිදු කරන විමර්ශනත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතියි.

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන් ගෙන් ලක්‍ෂ 05 බැගින් පඩි ගන්න මන්ත‍්‍රිවරුන් පාර්ලිමේන්තුවේ..

(24.05.2019 – 15:50 +0530 – lankacnews.com)

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ රුපියල් ලක්ෂ 5 බැගින් ලබා ගන්නා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මෙම මුදල් සතොස ආයතනය හරහා ලබා දී තිබෙන බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය.

බදියුදීන්ගේ සහාය ඇතිව ගම්මිරිස් ආනායනයෙන් පොහොසතුන් බවට පත්වූ මන්ත්‍රීවරුන් ද සිටින බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මුස්ලිම් ඇමැතිවරුන් අතර කබීර් හෂීම්, රවුෆ් හකීම් වැනි වැදගත් අයද සිටින්නේ යැයි ඔහු සඳහන් කළේය.

බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය යට ගැසීමට ආණ්ඩුවට උවමනාවක් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

මහේස්ත්‍රාත්වරයෙකු සහ දෙමව්පියන් රාජකීය විද්‍යාලය අසල උණුසුම් වචන හුවමාරුවක

(24.05.2019 – 20:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ මේ වන විට රට පුරා පාසල්වල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, ආරක්ෂක අංශ සහ මව්පියන්ගේ සහභාගීත්වයෙන්.

කොළඹ රාජකීය විද්‍යාලයේ එලෙස ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ අතරතුරදී අද යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

කොළඹ රාජකීය විද්‍යාලයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ පාසල ආරම්භ වන හා අවසන් වන කාලය තුළදී ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

මව්පියන්ට සහ පාසල් වෑන් රථ රියදුරන් පෙර තියා දැනුවත් කර ඇත්තේ දරුවන් බැස්සවීමේ කටයුතු කඩිනමින් කළ යුතු බවටයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ සිය දරුවා පාසලට රැගෙන පැමිණි මහේස්ත්‍රාත්වරයෙකු එම ස්ථානයේ වැඩි වේලාවක් ගත කිරීම හේතුවෙන් ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසල් ආරක්ෂක කමිටුව මෙන්ම මහේස්ත්‍රාත්වරයාද කුරුදුවත්ත පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

+++++++++++++++++++++

https://www.facebook.com/ColomboTodayOfficial/videos/360859364559603/

***************************************

බදියුදීන් FCIDයෙන් පිටව යයි

(25.05.2019 – 16:44 +0530 – sinhala.adaderana.lk)

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා මේ වන විට එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

ලංකා සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය.

අමාත්‍යවරයා අද උදෑසන 10 ට පමණ එම ස්ථානයට වෙත පැමිණ ඇති බව වාර්තා විය.

2014 – 2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් 257,000 ක් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි ලැබී තිබු අතර ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට අමාත්‍යවරයා එහි කැඳවා තිබුණි.

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තොරතුරු දෙන්නැයි ජනතාවට ඉල්ලීමක්

(25.05.2019 – 12:35 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තොරතුරු ලබාදෙන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම තොරතුරු අදාළ කාරක සභාවේ ලේකම්වරයා වෙත ලබන මස 7 වන දා හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමේ හැකියාව ජනතාවට පවතින බවයි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 23 වන දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ කරනු ලැබුවා.

එම ප්‍රහාරවලට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබුණේ ද යන්න සහ එවැනි ප්‍රහාර වැළැක්වීමට හෝ අවම කිරීමට අදාළ බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් එහිදී සොයා බැලෙනු ඇති.

එමෙන්ම, එවැනි ප්‍රහාරවල බලපෑම වැළැක්වීමට හෝ අවම කිරීමට නොහැකිවීමට පාදක වූ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු පැවතියේ ද යන්න ඇතුළු කරුණු රැසක් පිළිබදව මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සොයා බලන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා ෴

+++++++++++++++++++++++++++++++++++

රියර් අද්මිරාල් සරත් වීරසේකර විශ්වකර්ම සමග කළ හෙළිදරව්ව (24.05.2019)

https://www.youtube.com/watch?v=FQBnElHZx9c

+++++++++++++++++++++++++++++++++++

මාදම්පේ අරාබි ජාතික විදුහලේ භාරකරුගේ ලැප් ටොප් පරිඝණකයේ සහරාන් දේශන හමු වෙයි

(25.05.2019 – 19:21 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක යුද හමුදාව සිදකළ සෝදිසි කිරීම්වලදී පුත්තලම මාදම්පේ අරාබි ජාතික විදුහලේ භාරකරු අත්අඩංගුවට ගැනුණේය.

ඒ සහරාන් හෂීම්ගේ දේශන ඔහුගේ ලැප් ටොප් පරිඝණකයේ තිබීම හේතුවෙන්.

යුද හමුදාව ගෙයින් ගෙට ගොස් සිදුකරන සෝදිසි කිරීම් අද (25) දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක සිදු කළේය.

යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙම සෝදිසි කිරීම් සිදුකෙරුණු බවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ අවිස්සාවේල්ල පුවක්පිටිය, තල්දූව සහ කොස්ගම යන ප්‍රදේශවල සියලුම නිවාස, වෙළදසැල් හා ගබඩා අද විශේෂ පරීක්ෂාවකට ලක්කෙරුණි.

එසේම මත්තෙගොඩ , මාකුඹුර හා කහතුඩුව යන ප්‍රදේශවලත් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී යුදහමුදා නිලඇදුමට සමාන ඇදුමක් සහ යුද හමුදාව භාවිත කරන හිස්වැසුමකට සමාන හිස් වැසුමක් හමුවී තිබේ.

එසේම එම ප්‍රදේශවල මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනද අද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණී.

මේ අතර බත්තරමුල්ල කොස්වත්ත පයිප්ප මාර්ගයේ දමා ගොස් තිබී ජීව අත්බෝම්බයක් අද දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය නිෂ්ක්‍රීය කිරීම සඳහා රැගෙන ගියේය.

එමෙන්ම , කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරුණු සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර කඩු 20 කට ආසන්න ප්‍රමාණයක්ද එහිදී සොයා ගැණුනි.

පුත්තලම මාදම්පේ පරණ නගරය, මිරිස්වත්ත හා මහවැව නගරයේත් අද සෝදිසි කිරීම් සිදුකෙරුණි.

මේ අතර මාතර නගරයේ බසූතා මාර්ගය හා ඒ අවට සිදුකල විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.

ඒ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ලග තබාගැනීම සහ නීතිවිරෝධී සීඩී පට ලග තබා ගැනීම හේතුවෙන්.

බදුරලිය ප්‍රදේශයේ පාසලක අත්බෝම්බයක් තබා යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බදුරලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 32 හැවිරිදි පවිත්‍ර මධුසංක නැමැත්තා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.‍

***************************************

වෛද්‍යවරයෙකුගේ නොසැළකිල්ල නිසා අවසන් ගමන් ගිය පුංචි මධුසංඛ

(25.05.2019 – 19:10 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරයෙකුගේ නොසැළකිල්ල නිසා දරුවෙකුගේ ජීවිතයක් අහිමිවීමේ පුවතක් කොස්ගම අකරවිට ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ 11 හැවිරිදි පසිඳු මධුසංඛ නැමැති දරුවෙක්.

සිරුරේ රතු රුධිරානු නිපදවීම අඩුවීම හේතුවෙන් පසිඳු මධුසංඛ කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ගනු ලබන්නේ වසරක පමණ කලක සිටයි.

උපතේ සිටම මධුසංක මෙම රෝගි තත්ත්වයෙන් පීඩාවිඳින අතර මෙම වසර තුළ රුධිර පට්ටිකා ප්‍රමාණය තවදුරටත් අඩුවීම මත ඔහු අඛණ්ඩව වෛද්‍ය සායනයට සහභාගී වි තිබේ.

මියගිය මධුසංකගේ මව පැවසුවේ ඔක්සිමැතලෝන් නැමැති ඖෂධය දරුවාට ලබා දෙන ලෙස නියම කළ බවයි.

නමුත් එම ඖෂධය අඛණ්ඩව ලබා දීමට නොහැකි වු බව ඇය පැවසීය.

ඒ අනුව වෛද්‍යවරුන්ට සිදුවන්නේ නිර්දේශ කළ ඖෂධය වෙනුවට ආදේශයක් ලබා දීමටයි.

ඇය පැවසුවේ වෛද්‍යවරුන් ඩැප්සෝන් නැමැති ඖෂධය ආදේශකයක් ලෙස දරුවට ලබා දුන් බවයි .

නමුත් පසුව එම ඖෂධය දබා දීමත් සමඟ දරුවාට අසාත්මික තාවයක් ඇතිවු බවත් පසුව දරුවා මිය ගිය බවත් ඇය පැවසීය.

ඇය පැවසුවේ තම දරුවාට ලාදුරු රෝගයට ලබා දෙන ඖෂධය වෛද්‍යවරුන් ලබා දී ඇති බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතාගෙන් අප විමසීමක් කළේය.

ඔහු පැවසුවේ ඖෂධවල ගැටළුවත් ඇති වි ඇති බව කිව නොහැකි බවයි.

නමුත් වැරදි ඖෂධයක් මදුසංකට ශරීර ගත වී ඇති බවට හදිසි මරණ පරික්ෂණයෙන් තහවුරු වී ඇත.

+++++++++++++++++++++

25.05.2019

***************************************

පිලියන්දලින් අත්අඩංගුවට ගත් පිරිස කොන්ත්‍රාත්තුවට මිනී මැරූ අය බව හෙළි වෙයි

(25.05.2019 – 11:41 +0530 – sinhala.adaderana.lk)

පිලියන්දල දම්පේ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකටයුතු පිරිසක් සුදු පැහැති සුඛෝපබෝගී මෝටර් රථයකින් පිළියන්දල දම්පේ ප්‍රදේශයේ සැරිසරන බවට පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ අනුව පසුගිය 23 වනදා අලුයම එම මෝටර් රථය සමඟ එහි සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔවුන් සතුව තිබී විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩ 12 ක්, ජීව අත් බෝම්බයක්, කිනිසි 02 ක් සහ වෙඩි බෙහෙත් ග්‍රෑම් 200 ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් පසුගිය ජනවාරි මාසයේ පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් වන බවට තොරතුරු අනාවරණ වී ඇත.

ඝාතනය සිදු කිරීමෙන් පසු විදෙස්ගතව සැඟව සිටි අදාල සැකකරුවන් දෙදෙනා දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය සදහන් කළේය.

පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් කොන්ත්‍රාත් පදනම මත පුද්ගල ඝාතන සිදු කිරීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවට පොලිස් මූලික පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම සැකකරුවන් රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සහයකයින් වන බවට තොරතුරු අනාවරණ වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් මාතර, වැලිගම, පෑලියගොඩ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

එමෙන්ම මෙම සැකකරුවන් අතර හිටපු යුධ හමුදා නිලධාරියෙක් සිටින බව වාර්තා වෙයි.

පිළියන්දල පොලීසිය පැවසුවේ ඔවුන් පුද්ගල ඝාතනයක් සිදු කිරීමට දම්පේ ප්‍රදේශයට පැමිණෙන්නට ඇති බවට සැක පලකරන බවයි.

සැකකරුවන් ලබන සඳුදා දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

25.05.2019

+++++++++++++++++++++++++++++++++++

25.05.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *