ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් ලබාදුන් බියකරු පණිවුඩ දෙක මෙන්න..

(04.06.2019 – 15:50 +0530 – lankacnews.com)

වෛද්‍ය සාෆි සිහාබ්ඩීන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය :

මුස්ලිම් අමාත්‍යවරුන් ලබාදුන් පණිවුඩ දෙක මෙන්න

ඊයෙ (03) අපි දැක්කා ලස්සන නාට්‍යයක්. රජයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන් සියලු දෙනාම සිය ඉල්ලා අස්වීම් ලබා දුන්නා. මේ හරහා ප්‍රබල පණිවුඩ දෙකක් මුස්ලිම් අමාත්‍යවරුන් මෙරටට ලබා දීලා තියෙනවා. පළවෙනි පණිවුඩය තමයි සිංහලයන් වෙත ලබා දුන් පාඩම. මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රිවරුන් සිය පක්ෂ භේද පසෙකින් තබා පක්ෂ හතරක මන්ත්‍රිවරුන් එකට එකතුවෙලා සාමූහික තීන්දුවක් ගත්තා. ඔවුන් පෙන්වා දුන්නා ඔවුන්ට පක්ෂයට වඩා ජාතිය ආගම ලොකුයි කියන එක. විශේෂයෙන්ම හැමවෙලේම කුලල් කා ගනිමින් ජාතිය අමතක කර දමා බලය ගැන පමණක් සිතමින් කටයුතු කරන ඡන්ද කුට්ටි ගැන පමණක් සිතා දේශපාලනය කරන සිංහල දේශපාලකයන්ට මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් ඉගෙනගනිල්ලා යයි අපි ඉල්ලීමක් කරනවා.

දෙවනුව ඔවුන් ලබාදුන් පණිවුඩය සිංහල සමාජයට හා මුස්ලිම් සමාජයටත් ඉතාම ව්‍යාකූල වූ පණිවුඩයක්. මේ ප්‍රශ්නයේදී අපි දිගින් දිගටම කියූ දේ තමයි මේ මුස්ලිම් අන්තවාදීන් සිටින්නේ අතලොස්සයි, බහුතර මුස්ලිම් ජනතාව අහිංසකයි කියන එක. පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රිවරුන් විසි එක් දෙනෙක් හිටියාට, අමාත්‍යවරුන් නව දෙනෙක් හිටියාට, අප දින වකවානු නම් ගම් සහිත නිශ්චිත චෝදනා නගා විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පමණයි. අපි අන්තවාදියා ඉලක්ක කරලයි එහෙම කළේ. කබීර් හෂීම් අමාත්‍යවරයාට අප චෝදනා කළේ නැහැ. රවුෆ් හකීම් අමාත්‍යවරයාට අප චෝදනා එල්ල කළේ නැහැ. අන්තවාදියා සහ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතර ඉරක් ඇඳලා වෙන් කරලා කටයුතු කරන්න අප උත්සාහ කළා. හැබැයි රිෂාඩ් බදුර්දීන් කියන තමන්ගේ සගයාට අන්තවාදය පිළිබඳ චෝදනා එල්ල වෙද්දී ‘ඔබ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී නම පිරිසිදු කර ගෙන එන්නැයි’ උපදෙස් දෙනවා වෙනුවට ‘අපේ එකෙක් මොනතරම් වැරදි කළත් ඔහුට අත තියන්නට අප ඉඩ දෙන්නේ නැහැ, ඔහු ඉවත් වෙනවා නම් අපද ඉවත් වෙනවා’ කියලා ඊයේ ඔවුන් රටට දුන්න පණිවුඩය තමයි, මුස්ලිම් මන්ත්‍රිවරුන් අතර අන්තවාදීන් සහ සාමාන්‍ය මුස්ලීම් මන්ත්‍රිවරුන් වශයෙන් වෙන් කර හඳුනා ගැනීමට හැකියාවක් නැහැ කියන එක.

මේ මුස්ලිම් මන්ත්‍රිවරු ඊයේ කළ ක්‍රියාව හරහා අන්තවාදීන් රැකගැනීම වෙනුවෙන් පෙනී සිටීම හරහා ඔවුන් අසරණ කලේ මෙරට අහිංසක මුස්ලිම් ජනතාව යි. මෙතෙක් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට සහාය දෙමින් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව අනෙකුත් ජනතාව හා එක්ව උද්ඝෝෂණය කරපු කටයුතු කරපු මුස්ලිම් ජනතාව අන්ත අසරණ තත්වයට මුස්ලිම් දේශපාලඥයන් විසින් ඊයේ ඇද දමා තියෙනවා. ‘අපි ඔක්කොම එකයි’ කියන පණිවුඩය යි ඊයේ මුස්ලිම් අමාත්‍යවරුන් රටට දුන්නෙ. ඒ පණිවුඩය නිසා මේ රටේ ජාතිවාදී ආගම්වාදී කල කෝලාහල ඇතිවීමට ඉඩ තියෙනවා. එවැනි දෙයක් වුනොත්, මුස්ලිම් අන්තවාදයයි මුස්ලිම් ජනතාවයි අතර ඉරක් ගහල වෙන් කරන්න හදපු අපේ වෑයම වෙනස් කරලා සියලු දෙනාම එකයි කියන පණිවුඩය රටට දුන් මුස්ලිම් ඇමැතිවරුන් අනාගතයේ ඇතිවන කලබල පිළිබඳ වගකීම බාරගත යුතුයි.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුව නාටකයක් රඟ දැක්වීම රටේ දේශපාලනයේ අඳුරු වළාකුලක්

(04.06.2019 – 16:23 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුව විසින් පරික්ෂණ කිරීම වෙනුවට තමන්ගෙ පිරිස් එකතු කරගෙන අමාත්‍යධුරවලින් ඉවත් කර නාටකයක් රඟ දැක්වීම අපේ රටේ දේශපාලනයේ අඳුරු වළාකුලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය :

“බෞද්ධාගම නිරහන්කාර ගෞරවාන්විත ආගමක් බව අපි විශ්වාස කරනවා. බුදුන් වහන්සේගේ දේශනාවේ කියන්නේ මෛත්‍රී කරන්නයි. ඒ අනුව අපේ රටේ ප්‍රධාන ආගමත් එක්ක හැදුනු මහා සංස්කෘතිය ඇතුලේ ඕනෑම ආගමක් අදහන කෙනෙකුට සාධාරණ නිදහසක් තිබෙනවා.

ඒ නිදහස ඔවුන් භුක්ති විදිනවා. සහරාන් හෝ වෙනත් කෙනෙකුට අහිංසක මිනිස්සු එල්ල කරගෙන බෝම්බයක් පුපුරවා ගන්න කිසිම සාධකයක් තිබුනේ නැහැ.

නොමැති සාධකයක් නිර්මාණය වුනේ කොහොමද කියලා අපි හොයන්න ඕනේ. ඒකට මේ විදියේ නාටකයක් රඟ දක්වලා හරි යන්නේ නැහැ. ප්‍රශ්නය නිවැරදිව තේරුම් අරන් නිවැරදිව උත්තරයක් හොයලා අන්තවාදය ඇතිවිම වැලැක්වීමත් සෑම කෙනෙකුට සාධාරණව ජිවත්වීමට පරිසරය සකස් කිරීමයි තමයි සිද්ධ වෙන්න ඕනේ.

ඒ තුළයි එක රටක් විදියට වැඩ කරන්න පුලුවන් වෙන්නේ. මේ ආන්ඩුව ප්‍රශ්නය විසදනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

ආණ්ඩුව කරන්නේ වැරදිකරපු අය පවා ආරක්ෂා කරමින් ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් සෙවීමෙන් වැලකී සිටිමයි. එජාපයට එල්. ටි. ටී. ඊ යුද්ධය අවසන් කිරීමේ සැබෑ උවමානවක් තිබුනේ නැහැ.

ඔවුන් ආරක්ෂක අංශ මෙහෙයුම් අවඥාවට ලක්කළා. ත්‍රස්තවාදය පරාජය කළාට පස්සේ ඒක පිළිගන්නවත් ඔවුන්ගේ සූදානමක් නැහැ. පරික්ෂණ කිරීම වෙනුවට තමන්ගෙ පිරිස් එකතු කරගෙන ඇමැතිකම්වලින් අස්කරලා නාටකයක් රඟ දැක්වීම අපේ රටේ දේශපාලනයේ අදුරු වළාකුලක්.

දේශපාලකයා මහජනයාට නායකත්වය දෙන පුද්ගලයෙක් විය යුතුයි. එජාපයේ කිසිවෙක් එතැන නැහැ. ජනතාව නිවැරදි තත්ත්වය තේරුම් අරන් එක කඳවුරක ඉදලා මේ මිථ්‍යෘව, අන්තවාදය, ත්‍රස්තවාදය පරාජය කරලා සාමකාමි රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි.”

+++++++++++++++++++++++++++++++++++

රිෂාඩ්-අසාද්-හිස්බුල්ලා ගැන පැමිණිලි කරන්න කමිටුවක්

(04.06.2019 – 14:41 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන අය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊට අද (04) සිට ලබන 12 වනදා දක්වා ජනතාවට ලිඛිතව පැමිණිලි ලබාදිය හැකි බවයි.

පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා අදාළ කමිටුවට පැමිණිලි ලබාදිය හැකියි.

+++++++++++++++++++++++++++++++++++

රතන හිමි ප්‍රශ්නය සංකීරණ කලා – මීට පස්සේ කිසිවෙකුට මේක හසුරුවන්න දෙන්නේ නෑ

(04.06.2019 – 18:26 +0530 – sinhala.adaderana.lk)

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය.

සහරාන්ගේ අන්තවාදය පරාජය කරන්න සිංහල මිනිසුන්ට වඩා උදව් කළේ මුස්ලිම් මිනිසුන් බව ද පැවසු උන්වහන්සේ, අද වන විට මේ සිදුවන වැඩවලින් එවැනි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු විය හැකි බව ද පැවසීය.

ඇමති මංගල සමරවීර මහතා බෝම්බයක් ගසමින් මේ රට සිංහල, බෞද්ධ රටක් නොවන බව පැවසූ බවත් කියා සිටි ඥානසාර හිමියන් ඒ තුළින් අවධානය වෙනත් අතකට හැරවු බව ද කියා සිටියේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹු බව ද පැවසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණ බව ද පැවසීය.

මුස්ලිම් සමාජයම ඔවුන්ගේ අතට ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබූ බවත් ඒ සියල්ල රතන හිමිගේ උපවාසය නිසා සිදු වු බවත් පැවසු ඥානසාර හිමි පුද්ගලයින් තිදෙනෙකුට පමණක් ප්‍රහාර එල්ල කිරීම නිසා මහමොළකරුවන්ගේ සම්බන්ධතා ගැන කථා කළේ නැති බවද සඳහන් කළේය.

මේ වන විට ‘චම්පිකගේ ගේමක්ද? ගෝඨා ගේන වැඩක්ද?’ යනුවෙන් ප්‍රශ්න කරන නමුත් ඇත්ත ප්‍රශ්නය යට ගිය බවත් පැවසු උන්වහන්සේ උපවාසයට නොගියේ නම් ඊයේ කොතැනක හෝ යම් ගැටුමක් ඇති වුයේ නම් ‘සියලු දේට තමා වගකිව යුතු’ බව පවසන බව ද ඥානසාර හිමියන් පැවසීය.

ජාතික ව්‍යාපාරයේ ගුරුහරුකම් දුන් අයෙකු බැවින් රතන හිමියන් බැහැ දැකීමට ගොස් පුද්ගලයින් 3 ක් නිසා දුර්වල වීමට ඉඩ දිය නොහැකි බැවින් මේ දේ කළ බවත් පසුව නොසිතු දෙයක් සිදු වු බව ද පැවසු ඥානසාර හිමියන් මේ මොහොතේ තිබිය යුත්තේ එක න්‍යාය පත්‍රයක් බවත් පැවසීය.

මේ වෙලාවේ හාමුදුරුවන්ට තියෙන්න ඕනේ ජාතික න්‍යාය පත්‍රයක් බවත් මීට පසුව කිසි කෙනෙකුට මෙය අතට ගැනීමට ඉඩ නොදී තමා මෙය පාලනය කරන බවත්, ප්‍රශ්නය රතන හිමියන් විසින් සංකීර්ණ කල බවත් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහව ගේන්න රතන හිමියන් කැපවී වැඩ කල බවත් පැවසු උන්වහන්සේ ඔවුන් මේ මොහොතේ මුස්ලිම් ඡන්ද රැක ගන්න ආකාරය ගැන කල්පනා කරන බව ද සඳහන් කළේය.

ප්‍රශ්නය 1 : එක්කෙනෙකුට අයින් වෙන්න කිව්වාහම ඇයි සියලු දෙනා ඉවත් වුණේ? යනුවෙන් මාධ්‍යවේදීන් මෙහිදී ඥානසාර හිමිගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ, එය සමඟිය බවත්, සිංහල නායකයින්ට නැති සමඟිය ඔවුන්ගෙන් බලා හෝ ඉගෙන ගත යුතු බවයි.

ප්‍රශ්නය 2 : ඉදිරියේදි මැතිවරණයකුත් එනවා. ඔබවහන්සේ බලාපොරොත්තු වෙනවද ඉදිරියේදි ඇතිවන දේශපාලන විපර්යාසයකින් අනතුරුව ඔබ වහන්සේගේ මතවාදය මගින් මෙම ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න පුළුවන් වෙයිද?

ඓතිහාසික තින්දුව ජූලි මස 7 වන දින ගන්නා බවත්, රටට ඇත්තේ එක මඟක් බවත් එයින් ජයග්‍රහණය කරන්නේ රට ජාතිය බව ද ඥානසාර හිමි පැවසීය.

+++++++++++++++++++++

04.06.2019

+++++++++++++++++++++++++++++++++++

විල්පත්තුව වන රක්ෂිතයට මොකද වෙන්නේ – උකුස්සා සීරුවෙන්

(01.06.2019 – 19:55 +0530 – sinhala.adaderana.lk)

විල්පත්තුව වන රක්ෂිතය යළි විනාශ කරමින් නිවාස ඉදිකිරීම සඳහා කිසියම් පිරිසක් කල්ලාරු රක්ෂිත ප්‍රදේශය ආශ්‍රිතව එළිපෙහෙලි කරන බවට අද දෙරණ උකුස්සාට පසුගිය විසිහය වෙනිදා අනාවරණය කළේය.

එය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශ අනුදැනුම මත සිදුවන්නක් බව සුරකිමු ලංකා සංවිධානයේ සභාපති ජුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසයි.

පසුගිය විසිහය වෙනිදා විල්පත්තුව රක්ෂිතය මායිමේ පිහිටි කල්ලාරු රක්ෂිත ප්‍රදේශය එළිපෙහෙලි කර නිවාස ගොඩනැගීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කරන බවට අද දෙරණ උකුස්සා අනාවරණය කළේය.

එහිදි අද දෙරණ උකුස්සා අනාවරණය කළේ ඉකුත් මැයි 23 සහ 24 දෙදින රාත්‍රි කාලයේදී විශාල පස්කපන යන්ත්‍ර යොදා කල්ලාරු වන රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රමනයක් එළිකර ඇති බවයි.

එහිදි බැලූ බැල්මට නිවාස 25කට අධික ප්‍රමාණයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික බිම් සකස්කර ඇති ආකාරය සහ තැනින් තැන නිවාස තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගොඩගසා ඇති ආකාරය දක්නට ලැබුණි.

අද දෙරණ උකුස්සාගේ අනාවරණයත් සමඟ කල්ලාරු රක්ෂිත ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මන්නාරම දිසා නිලධාරි කුමාර ඒකනායක මහතාගේ නිරික්ෂනයට ලක් විය.

මේ අතර පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළ සුරකිමු ලංකා සංවිධානයේ සමාජිකයන් පරිසක් ඊයේ (31) නිවාස සහ ඉදිකිරිම් අමාක්‍යංශයට පැමිණ නිවාස සැලසුම් අධ්‍යක්ෂක සම්පත් මල්ලවආරච්චි මහතාව දැනුවත් කළේය.

විල්පත්තු රක්ෂිතයේ වන මේ ක්‍රියාකාරකම් සිදුවන්නේ නීතිමය අනුමැතිය මතද ? නැතිනම් කුමන හෝ බලධාරියකුගේ ආශිර්වාදයෙන්ද?

වගකිවයුත්තන්ගේ අවධානය මේ වෙත යොමුවනතෙක් උකුස්සා සීරුවෙන් !

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I think Ven Gnanasara should stop making public announcements blaming Ven Ratana etc acting on his own. The day before he was out there fully supporting Ven Ratana. If he wants unity among sinhala buddhists, then go and talk with Ven Ratana privately and do not spill venom out into public. He states that Muslims are united as shown by all ministers resigning, and blames sinhalese for not being united. But his accusations levelled against other Sangha in public would not unite, would they? So kindly please control your tongue and work together in the background, negotiate and agree, and only then come out and tell the public what the solution is. Please do not fight verbal battles and bad language in public, because you owuld lose credibility. It is your job Ven Gnanasara to quietly work behind the scenes and come out with the solutions and strategy. Please take a leaf out of Hisbullah and Saali, and Rishard the way they work, like very innocent and babies but doing all the drastic and anti-sri lankan operations and converting the East and North West into muslim kingdoms under the nose of UNP yahapalu government.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *