තමන්ට අපහාස කළ බවට චෝදනා කරමින් විදුහල්පතිවරයෙක් පාසල් ළමුන් 05 දෙනෙකුට දරුණු ලෙස පහර දෙයි

(24.10.2017 – 07:18 +0530 – hirunews.lk/sinhala)

දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයාට අපහාසාත්මක ලෙස ආමන්ත්‍රණය කළ බව පවසමින්, විදුහල්පතිවරයා තමන්ට පහරදුන් බවට සිසුන් පිරිසක් පවසනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දරුවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලේ විශේෂ ඒකකයක් වෙත යොමු කර ඇත බවයි.

දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සිසුවියන් 04 දෙනෙකු සහ සිසුවෙකු මෙලෙස විදුහල්පතිවරයාගේ පහර කෑමට ලක්වූ බව කියන සිද්ධිය වාර්තා වන්නේ පසුගිය 17 වැනිදායි.

ඒ පාසල් බස් රථයෙන් ගමන් කරමින් සිටියදී, විදුහල්පතිවරයාට අපහාස වන ලෙස ආමන්ත්‍රණය කළ බවට එම පාසලේම ගුරුවරියක විසින් විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවයි.

***************************************

අයි.එස්. සංවිධානයට ප්‍රතිකාර කරන්න, ශ්‍රී ලංකාවෙනුත් වෛද්‍යවරුන් – ප්‍රචාරක වීඩියෝපටයකින් හෙළිවේ
(23.10.2017 – 20:41 +0530 – hirunews.lk/sinhala)

සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් වෛද්‍යවරුන් යොදාගෙන ඇති බව අයි.එස්. ප්‍රචාරක වීඩියෝපටයකින් හෙළි වනවා.

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකු ද මෙම වීඩියෝපටයේ පෙනී සිටින බව ඉන්දියා ටුඩේ පුවත්පත සඳහන් කළා.

ශ්‍රී ලංකාව මෙන්ම ඕස්ට්‍රේලියාව, ටියුනීසියාව ඇතුළු රටවල් කිහිපයක වෛද්‍යවරුන් තමන්ට සෞඛ්‍ය සේවා සපයන බවත්, කාන්තාවන් සහ ළමයින් සඳහා වෛද්‍යවරියන් ද සිටින බවත් අයි.එස්. ප්‍රචාරක වීඩියෝ පටයේ දැක්වෙනවා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සඳහන් කර ඇත්තේ මෙය ඉන්දියාවෙන් අයි.එස්. අනුගාමිකයන් බදවා ගැනීම සඳහා දරණ උත්සාහයක් බවයි.

පසුගිය කාලය තුළ ඉන්දීය කේරළ ප්‍රාන්තයෙන් පුද්ගලයන් 21 දෙනෙකු ඇෆ්ගනිස්ථානය, ඉරානය හරහා සිරියාවේ අයි.එස්. කණ්ඩායම් සමඟ එක්වී ඇති බව ඉන්දියා ටුඬේ පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළා.

rn

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *