ෂාෆිට එරෙහි පැමිණිලි 800 ඉක්මවයි

(07.06.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි භාරගැනීම ආරම්භ කර අදට දින 14 කි.

මේ වන විට මව්වරුන් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 837 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

මොහෙමඩ් ෂාෆි වෛද්‍යවරයා මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ, අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා මතයි.

සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කමින් පසු යළි පිළිසිඳ ගැනීමක් සිදුනොවූ බව පවසමින් අද 14 වැනි දිනටත් මව්වරු විශාල පිරිසක් කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කළේය.

සැත්කමෙන් පසු සංකූලතා ඇතිවූ බවද මව්වරුන්ගෙන් එල්ලවන තවත් චෝදනාවකි.

කුරුණෑගල ශික්ෂණ රෝහලට අද පැමිණිලි 27 ක් ඉදිරිපත් වී තිබේ.

ඒ සමග කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 711 කි.

වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරු 12 දෙනෙකු දඹුල්ල මහ රෝහලට අද පැමිණිලි ඉදිරිපත් කළේය.

මේවන විට එම රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 126 කි.

වෛද්‍ය ෂාෆි දඹුල්ල මහ රෝහලේ වසර දෙකහමාරක් සේවය කර ඇති අතර එම කාලය තුළ ඔහු සිසේරියන් සැත්කම් 1206 ක් සිදු කර ඇති බව රෝහල් වාර්තා හෙළි කරයි.

වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 837 කි.

මේ අතර වෛද්‍ය ෂාෆිට එරෙහිව ගාල්ල තෙල්වත්ත කාන්තා සංවිධාන එකමුතුව අද උදෑසන සීනිගම ශ්‍රී දෙවොල් මහ දේවාලයේ දී දේව කන්නලව්වක් සිදු කළේය.

+++++++++++++++++++++

CHAPA with Prof. Channa Jayasumana, June 6 2019, Episode 73

YouTube > nidahas නිදහස් free CHAPAbandara (05.06.2019)

වෛද්‍ය ෂාෆිට චෝදනා කෙරෙන ජාතිය වඳ කිරීම ගැන විද්‍යාත්මක විග්‍රහයක් කරන්න මහාචාර්‍ය චන්න ජයසුමන ට තියෙන වෘත්තීය සුදුසුකම මොකද්ද කියලා සමහරු අහනවා, මේ ඒ ගැනත් විස්තර කෙරෙන සාකච්චාවක්! CHAPA

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *