හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහරාන් පිළිබඳව දැනුවත් කළා – ජමෙයිතුල්උලමා

(11.06.2019 – 22:49 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් පිළිබඳව CD පටයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබාදුන් බව සමස්ත ලංකා ජමෙයිතුල්උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්.රිස්වි මවුලවිතුමන් ප්‍රකාශ කලා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් මවුලවිවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=WVqMssyjpus#t=5

+++++++++++++++++++++++++++++++++++

හිටපු තැපැල් ඇමතිගේ සොහොයුරා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන්ට සහයෝගය දුන්නා – අසාද් සාලි

(11.06.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට හිටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලැබී ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අමතරව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මව්ලවි තුමන් සහ කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති මුහම්මද් සුබෙයි ද කමිටුව හමුවේ අද සාක්ෂි ලබාදුන්නා.

+++++++++++++++++++++

තේරීම් කාරක සභාවේ සාමාජිකයින් අසාද් සලිට අවවාද කරයි

(11.06.2019 – 21:33 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට හිටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලැබී ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අමතරව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මව්ලවි තුමන් සහ කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති මුහම්මද් සුබෙයි ද කමිටුව හමුවේ අද සාක්ෂි ලබාදුන්නේය.

තව්හිද් ජමාත් සංවිධානය හා කාත්තාන්කුඩි පොලීසිය එකට එක්ව වැඩ කළ බව අසාද් සාලි මහතා එහිදි පැවසීය.

2017 වසරේ දී කාත්තාන්කුඩිවල දී සහරාන් නැමති පුද්ගලයා විසින් පාරම්පරික මුස්ලිම් ජනතාවගේ ගෙවල් 120 ක් ගිනි තැබු බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙවැනි තත්ත්වයක් තුළ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් පැවසු අසාද් සාලි මහතා, ජනතාව උද්ඝෝෂණ කළ බව ද කියා සිටියේය.

එම අවස්ථාවේ සිටි ස්ථානාධිපතිවරයා වහාම මාරු කර යැවු බවත් පැවසු අසාද් සාලි මහතා, තව්හිද් ජමාත් සංවිධානය හා එක්ව සිටි බවත් එනිසා පාරම්පරික මුස්ලිම් ජනතාවට කිසිදු පැමිණිල්ලක් දැමීමට අවස්ථාව හිමි නොවුන බවත් එවන් අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බවත් පැවසීය.

එහිදී විශේෂ කාරක සභාවේ සිටි සමාජිකයින් කියා සිටියේ මෙම චෝදනාව ඉදිරිපත් කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.

එහිදී අසාද් සාලි මහතා කියා සිටියේ, තමාට සාක්ෂි දෙන්න එන්න කියු බැවින් පැමිණි බවත්, සාක්ෂි රැගෙන ඒමට තරම් ප්‍රමාණවත් කාලයක් තමාට නොතිබුණ බවත්ය.

කෙසේ වෙතත් තමන් බෝම්බ ප්‍රහාරයන්ට සතියකට පෙර දීද සහරාන් නැමැත්තා ගැන පැවසු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++

https://www.facebook.com/headlinenewslk/videos/318266629105045/

+++++++++++++++++++++++++++++++++++

තේරීම් කාරක සභාව පිළිගත නොහැකි බව නිදහස් පක්ෂය කියයි

(11.06.2019 – 19:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිලිගත නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියේ කොළඹ පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිඳියාව ගැන කථා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා – මහින්ද රාජපක්ෂ

(11.06.2019 – 18:57 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථාකර දෙමළෙන් ජාතිවාදය වපුරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලනික පසු කම්පන යන නමින් විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“මුස්ලිම් ඇමති වරයෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුවාම ආණ්ඩුවේ ඉන්න සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලල අස්වුණා.

ඒක පාර්ලිමේන්තු සම්ප්රනදාය නොවෙයි. යූඑන්පී ආණ්ඩුව මේ අවස්ථාවේදී මුස්ලිම් දේශපාලනඥයෝ පෙල ගස්සගෙන ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද ගෙඩිය පිටින් ලබාගන්න උත්සාහ කරන බවක් මෙයින් පේනවා.

ඕවා තමයි මේ ඔක්කොම අස්සෙ සිදුවෙන සෙල්ලම්.

සාමුහිකව ඉල්ලා අස්වීමෙන් විපක්ෂ යේ විශ්වාස භංගයත් ආණ්ඩුව අහෝසි කර ගත්තා. වෙනත් ප්රඉශ්නත් අමතක කරවගන්නත් ආණ්ඩුව මේවා ඉවහල් කරගන්නවා.

දැන් බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා, ඒගොල්ලනුත් අමතකයි.

අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නෑ. සෝදිසි කිරීමුත් නැවතිලා, ආයුධ හමුබවෙන්නෙත් නෑ. අත්අඩංගුවට ගත්ත ත්ර්ස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැනත් මුකුත් කතාවක් නෑ.

ඇතිවූ මේ උණුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්නත් උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ සීයක් විතර මරලා.

යූඑන්පී එකට ඒ දක්ෂසතාවය තියෙනවා. තමන්ගෙ දේශපාලන ව්යා පෘතිය වෙනුවෙන් ඒගොල්ලො මේ රටේ මුස්ලිම් ප්ර්ජාවත් හොදට ප්රලයෝජනයට ගන්නවා. යූඑන්පී එකට මධ්‍යස්ථ මුස්ලිම් වගේම අන්තවාදී මුස්ලිම්වරුන්ගෙත් ඡන්ද අවශ්‍යයි.

ඡන්ද ලැබෙන්නෙ කාගෙන්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම මුස්ලිම් නායකයන්ට තමන්ට හීලෑ කරගන්න පුළුවන් ආන්ඩුවක් අවශ්‍යයි. නමුත් මේ සුසංයෝගයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අද මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නෑ.

මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය වෙන්නේ ආගම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගෙ ජීවිත බේරා ගැනීමටයි.

මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවශ්‍ය වෙන්නෙත් තම ප්‍රජාව තුළින් ත්‍රස්තවාදීන් ඉවත් කරගෙන සුපුරුදු දිවි පෙවෙතට නැවත අවතීර්ණ වීමයි.

අද වෙනකොට, අන්‍ය ආගමිකයන් ඝාතනය කරන මිලේච්ඡ ආගම්වාදී ත්‍රස්තවාදයක් බිහි වෙලයි තියෙන්නෙ.

බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සියලු ජනකොටස් තමන්ගේ ආරක්ෂාපව සඳහා ඒ ත්‍රස්තවාදයට විරුද්ධව පෙළ ගැසමෙනුයි ඉන්නෙ.

මේ වෙලාවේ මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධව ඇතිවෙමින් පවතින ඒ එකතුවෙන් කොන් විය යුතු නෑ.

අන්තවාදී අදහස් රට තුළට ආපු නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ක්‍රම ක්‍රමයෙන් සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විහින්ම ඈත් වුණු බව මුස්ලිම් ආගමික නායකයන් වගේම බුද්ධිමතුනුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පස්සෙ ස්වයං විවේචනාත්මකව පිළිගත්තා.

අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් රඳා පවතින නිසා ඒගොල්ලොන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි.

පසුගිය වකවානුව පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන්න දේශපාලන නායකත්වයට බැරි වුණ, බිය වුන නිසයි.

මුස්ලිම් දේශපාලනඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.

ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව තුළ අන්තවාදය ප්‍රචලිත වෙන එක අද ඊයෙ එකපාරට සිදුවෙච්ච දෙයක් නොවෙයි.

මේක අවුරුදු ගණනාවක් මුලුල්ලෙ වාද විවාද, තර්ජන, ගර්ජන, ගුටි බැට හුවමාරු, පල්ලි ගිනිබත් කිරීම්, ගෙවල් ගිනිබත් කිරීම්, මිනීමැරුම්, ඔක්කොමත් එක්ක සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක්.

ඒ සියල්ල සිදුවෙද්දිත් ලංකාවෙ මුස්ලිම් නායකයො තමන්ගෙ දේශපාලන පැවැත්ම සඳහා ඒ අන්තවාදීන්ටත් අනුග්‍රහය දක්වලා වැඩෙන්න ඉඩ දුන්න. පාස්කු ඉරිදා බෝම්බ පිපිරුනායින් පස්සෙ සමහර නායකයො කියන්න පටන් ගත්ත ‘අපි හිතුවෙ නෑ මෙච්චර දෙයක් සිද්ධවෙයි’ කියල.

නමුත් දැන් අපි සිද්ද වෙලා තියෙන දේට විසඳුමක් හොයන්න ඕන. ත්‍රස්තවාදය මේ රටේ සෙසු ජන කොටස් කිසිසේත්ම ඉවසන්නෙ නෑ.

මේ ත්‍රස්තවාදය අපි මොන ක්‍රමයකින් හෝ විනාශ කළයුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය නිසා සිංහල පුද්ගලයන් අත්අඩංගුවට ගැනුන, සිංහල නිවාස හා පන්සල් සෝදිසි කෙරුණා.

කොටි ත්‍රස්තවදය නිසා දෙමළ පුද්ගලයන් අත්අඩංගුවට ගැණුනා. දෙමළ නිවාස හා කෝවිල් සෝදිසි කෙරුණා.

මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවෙන ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න නම්, අනිවාර්යමයෙන්ම මුස්ලිම් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න වෙනවා.

මුස්ලිම් ගෙවල්, ව්‍යාපාරික ස්ථාන, පල්ලි සෝදිසි කරන්න වෙනවා. ඒවා කරන්නෙ නැතුව ඔඩු දුවපු අන්තවාදයක් තුළින් මතුවුණු ත්ර්ස්තවාදයක් මර්ධනය කරන්න පුලුවන් වෙයි කියලා කියන එක බොරුවක්.“

+++++++++++++++++++++

***************************************

ඉල්ලා අස්වු මුස්ලිම් මන්ත්‍රීවරුන් මල්වතු අස්ගිරි මහ නා හිමිවරු හමුවී හේතු කියයි

(11.06.2019 – 19:14 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ට වඩා මෙරට තුළ අරාබි මුස්ලිම්වරුන් ලෙස පෙනි සිටීමෙන් අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නා හිමියන් අවධාරණය කරයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද (11) අස්ගිරි මල්වතු හිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදියි.

පසුගියදා ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමිවරුන් බැහැදුටුවේ අස්ගිරි විහාරයේදීයී.

සාමුහිකව රජයේ තනතුරුවලින් ඉවත් වීම ගැන නොයෙක් මතිමතාන්දර ඇති බව ද මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මහනාහිමිවරුන් ඉදිරියේ කියා සිටියේය.

රට ජාතිය වෙනුවෙන් රටට වෙන හානිය වළක්වා ගැනීමට සාමුහික වශයෙන් ගන්නා ලද තිරණයක් ලෙස මෙය දක්වන බව ද හකීම් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් කියා සිටියේ, සාමුහික වශයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ තමන් ප්‍රබලව කථා නොකල බවත්, එය මාධ්‍ය තුළින් උලුප්පා දැක්වු බවත්ය.

මේ රටේ මුස්ලිම් ස්වභාවයට වඩා අරාබි මුස්ලිම් ස්වභාවයට යෑමට උත්සහ දරන පිරිසක් සිටින බවත්, ඔවුන් නිසා අවුලක් ආව බවත් ඒ වෙලාවේ චෝදනා එල්ල වු ඇමතිවරු පිරිසක් සිටින බවත් ඔවුන් නිර්භයට ඉදිරිපත් වෙලා අපි නිවැරදි කියලා රටට තහවුරු කල යුතු බවත් නැතිනම් මෙය විසදෙන්නේ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ලංකාවේ විදිහට ඉන්න; අරාබියක් කරන්න එන්න එපා.. – අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට අස්ගිරියෙන් කණේ පහරක්.. මාධ්‍යයටද කිසිත් නොකියා අස්ගිරියෙන් පැන යති..

(12.06.2019 – 00:02 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.

එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.

කණ්ඩායමක් ලෙස ඉල්ලා අස්වීම ගැන සැලකිය යුතු ලෙස තමන් වහන්සේලා අදහස් පල නොකල බවද කී නාහිමියන් එය මාධ්‍ය විසින් මතුකර පෙන්වූ බවත් සදහන් කලහ.

ටික වේලාවක් පැවති සාකච්චාව අවසානයේ හිටපු ඇමතිවරුන් පිරිස අස්ගිරි මාහා විහාරයෙන් ඉවත්ව ගිය අතර මාධ්‍ය වෙතද අදහස් පල කිරීම ප‍්‍රතික්‍ෂෙප කලේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *