නායකත්වය දෙනවා වෙනුවට ව්‍යවස්ථාදායකයයි විධායකයයි එහෙට මෙහෙට අදිනවා – විමල් විරවංශ

(13.06.2019 – 18:35 +0530 – sinhala.adaderana.lk)

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළ පාලකයින් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද උදුරාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“දැන් මැතිවරණ කල් දාලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සිතියම අකුලලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාය තරු හතට දෙන බව කියු අය තිබු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් නැති කරලා තියෙන්නේ

ජනාධිපතිවරණය කල් දාන විදිහ කල්පනා කරමිනුයි මේ මේ පාලකයෝ ඉන්නේ.

තව සහරාන්ලාට පුපුරවාගැනීම් කරනවානම් ඒකටත් ඉඩ දීලා බලන් ඉන්න නඩයක් තමයි මේ ඉන්නේ.

මිනිස්සු බියෙන් ජීවත් වෙන කාලෙක මිනිස්සුන්ට ඕනෙ කරන නායකත්වය දෙනවා වෙනුවට ව්‍යවස්ථායකයයි විධායකයයි එහෙට මෙහෙට අදිනවා.” ඒ මහතා ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++

ජනපතිට ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටුවෙන් ඉල්ලීමක්

(13.06.2019 – 18:18 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට නොහැකි නම් වහාම ජනාධිපතිවරණයක් පවත්වා ශක්තිමත් නායකයෙක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා සිටියි.

අද (13) මාධ්‍ය හමුවන් අමතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා එහිදී අදහස් දැක්වීය.

“අපිට තියෙන්නේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. රටේ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් වෙලා ඒ වෙනුවෙන් මුදල් ලැබිලා පොලීසිය සාක්ෂි ගැන අපෙන් අහනවා. පොලිසිය අපෙන් අහනවා නම් මේ රටට පොලිසියක් අවශ්‍ය නැහැ. ඒකත් අපිටම කරන්න පුළුවන්.

ජනපතිට කටයුතු කරන ආකාරයෙන් බැරිවෙලාවත් කුමන්ත්‍රණයකින් රනිල් බලයට ආවොත් ජනපතිගේ පවුලම ඉවරයි. ජනපති ගැන වැඩිම වෛරය ඇත්තේ රනිල් ප්‍රමුඛ එ.ජා.ප.යට.

ජනපතිගෙන් අපි ඉල්ලනවා රට විනාශයකට ගෙනියන මේ නඩයෙන් රට විනාශ කිරීම බේරාගැනීමට රටට ආදරය කරන සෘජු නායකයෙක් පත්කිරීම සඳහා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයකට යෑම තමයි කාලෝචිත.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

***************************************

https://www.youtube.com/watch?v=fvKRduks54Y
13.06.2019

***************************************

අඩියක් පෙරට තැබූ බදුල්ල මහ රෝහලේ නැවුම් පිරිසිඳු පොල් වතුර …

(13.06.2019 – webgossip.lk)

මේ බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍ය ආපනශාලාවේ තබා ඇති පොල් වතුර කලයක් :

සැම දිනකම රෝහල් මුලුතැන්ගෙයි බිදිනු ලබන සිය ගණන් පොල් ගෙඩි වලින් මෙතෙක් කල් ඉවත දමන ලද ලීටර් ගනනාවක් පොල් වතුර දිනකට දෙවතාවක් මෙසේ එකතුකොට එය වෛද්‍යවරයින්ගේ පරිභෝජනය සදහා ලබාදී ඇත.

මෙලෙස ආපනශාලාවේ තබා ඇති නැවුම් පොල් වතුර වෛද්‍යවරුන්ගේ ප්‍රියතම පානයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

‘‘පොල් වතුර යනු ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිත ,පෝෂණ ගුණයෙන් අනූන පානයක් බව ඔබ දන්නවාද ?

මෙම ක්‍රියාකාරකම හරහා අප බලාපොරොත්තු වන්නේ ජනතාව තුල පොල් වතුර පානය කිරීමෙහිලා පවතින දුර්මතයන් සමනය කර නිකරුනේ ඉවතලන මේ අගනා පානය වෙත ඔබ සැම යොමු කිරීමයි..

පොල්වතුරෙහි අන්තර්ගතය ඔබ දන්නවාද ? එහි :

  • ජලය 93%-96% පමණ
  • අත්‍යවශ්‍ය ලවනවර්ග
  • අත්‍යවශ්‍ය විටමින් වර්ග..
  • අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ..
  • මේදය රහිත වීම.(0.1%)
  • ස්වාභාවික සිනී වර්ග ශරීරයට හිතකර මට්ටමින් පැවතීම.
  • සයිටොකයින් නම් ඉතාමත් වැදගත් රසායනිකයන් බහුල වීම.
  • ප්‍රති ඔක්ෂිකාරක බහුල වීම.

ඔබ නිතිපතා මේ අගනා පානය පුලුවන් ප්‍රමාණයෙන් පානය කිරීමෙන් –

  1. දියවැඩියාව, අධ්ක රැධිර පීඩනය, හෘදයාබාධ, පිලිකා වැනි රෝග වලින් ඔබ ආරක්ෂා වනු ඇත.
  2. මෙහි සමරැලි වැටීම,වයසට පත්වීම අඩුකරන රසායනිකයන් බහුලය එමගින් ඔබගේ තාරුණ්‍ය රැකෙනු ඇත .
  3. මූත්‍රා වල ගල් ඇතිවීම,විෂබීජ මර්ධනනය.
  4. රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය වීම
  5. නිසි සජලනය මගින් තෙහෙට්ටුව, මහන්සිය අඩුවීම
  6. දරුඵල ඇතිවීමේ හැකියාව වැඩිවීම..

ඇතුලු බොහොමයක් බෝ නොවන රෝගවලින් ඔබව ආරක්ෂා වනවා පමනක් නොව කෘත්‍රිම බීම වර්ග වෙනුවෙන් වැයවන මුදලත්, එමගින් සැදෙන රෝගී තත්වයන් ගෙනුත් රැකෙනු ඇත .

බොහොමයක් මව්වරුන් මේ සෞඛ්‍ය සම්පන්න පානය ඉවතලා කෘත්‍රිම බීම වර්ග (බඩී) වෙත ලමුන් යොමු කිරීමෙන් නියතවම ඔවුන් අවාසනාවන්තම දෙමාපියන් වනු ඇත.

බටහිර රටවල් ඔවුන්ගේ කෝලා වර්ග, පිටිකිරි අපිට විකුනා ඔවුන් පොල් වතුර පානය කිරීමට පෙලඹී ඇති‍ අතර අපේ කට්ටිය පොෂ් වෙන්න බඩී ගසා රෝගීන් බවට පත්වෙන කරුමය කුමක්ද ?

ඇමරිකන් Vita coco සමාගම පමණක් පොල් වතුර මගින් ඔවුනගේ ආදායම 2007- ඩොලර් මිලිය 4 සිට 2009 ඩොලර් මිලියන 20 දක්වා වැඩිකරගෙන ඇත.

දීර්ඝකාලීන වකුගඩු රෝගීන්ට හැර ඔනැම කෙනෙකුට මෙය ඉතාමත් ආරක්ෂිත පානයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

රටේ පාලකයෝ කළ යුත්තේ ජනතාව මෙවැනි දෙවල් පිලිබදව දැනුවත් කිරීමම නොවේද.. ?’’

***************************************

ජාවත්තේ සළුසල කෝටි 32 ක බදු ගෙවා නෑ

(13.06.2019 – 15:13 +0530 – lankadeepa.lk)

කොළඹ 7 – ජාවත්තේ පිහිටි ලංකා සළුසල ආයතනය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට රුපියල් කෝටි 32 හමාරක බදු මුදලක් ගෙවා නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු සමුපකාර සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ සමඟම ලක්ෂ 12 ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම මත එහි විදුලිය කපා හැර ඇති අතර මේ වනවිට ජනක යන්ත්‍රයක් මගින් විදුලිය සපයා ගන්නා බවද පැවසේ.

මෙම ආයතනය පිහිටි භූමිය අක්කර 3 ක් පමණ වන අතර එහි වත්මන් වෙළඳපළ වටිනාකම රුපියල් කෝටි 2500 කට අධික බවද දැනගන්නට තිබේ.

ආයතනය සතුව තිබූ ප්‍රදර්ශනාගාර 33 ක් අතරින් අද වනවිට ඉතිරිව ඇත්තේ ජාවත්ත හා නුගේගොඩ ප්‍රදර්ශනාගාර පමණක් බවද වාර්තාවේ.

මේ වනවිට ආයතන පරිශ්‍රයේ කොටසක ජනාධිපති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශය ස්ථානගතව සිටින අතර, සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ රජයේ කිසිදු මුදලක් ලබානොගෙන ආයතනය පවත්වාගෙන යන බවද සඳහන් වේ ෴

***************************************

What Happen To Sinhala People Explain By
Ven. Pathegama Ganissara Himi
(13.06.2019 – Apuru Gossip)

***************************************

සක්විති රණසිංහගේ පාපොච්චාරණය – Talk With Chatura (Full Episode)(13.06.2019)
සක්විති රණසිංහ සමග කරනලද මෙම වැඩසටහන TV දෙරණ ඔස්සේ හෝ අද දෙරණ ඔස්සේ විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න

https://www.youtube.com/watch?v=HzGQvgFR6-U#t=10
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *