සාෆිට එරෙහිව පැමිණිලි සංඛ්‍යාව 1000 ඉක්මවයි

(17.06.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කර දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට අද වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 827 ක් වන අතර, දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 164 ක්.

එමෙන්ම දඹුල්ල පොලිස් ස්ථානයට මේ වන විට වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි 69 ක් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1060 ක් වනවා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ වද සැත්කම් සිදුකර ඇති බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

https://www.youtube.com/watch?v=XJgzCgRKWlw

+++++++++++++++++++++

+++++++++++++++++++++

වෛද්‍ය සාෆි පැලෝපීය නාල කපා සැත්කම් සිදුකළ බවට මෙතෙක් තහවුරු නොවේ – නියපොතු මාර්ගයෙන් පැලෝපීය නාල තද කිරීමක් ගැන සැකයක් මතුවේ

(18.06.2019 – nethnews.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි, සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණයට ලක්කර ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සංඛ්‍යානමය පරීක්ෂණයක් සිදු කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඔහු විසින් සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරුන් 3900 ක් ඊයේ (17) දිනය වනවිට හඳුනාගෙන ඇති බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසුවේ. ඒ, 2007-2013 කාලයේදී සහ 2017 න් පසු යළි ඔහු සේවයට වාර්තා කිරීමෙන් අනතුරුවයි.

එම මව්වරුන් 3900 දෙනාගෙන් 690 දෙනෙකු මුස්ලිම් මව්වරුන්. වෛද්‍යවරයා එම මව්වරුන්ට සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු දරුවන් ලැබී ඇත්දැයි යන්න පිළිබඳ එහිදී ප්‍රතිශතයක් වශයෙන් සලකා බලනු ඇති. කෙසේවෙතත් අදාල මුස්ලිම් මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කිරීමක් සිදුකර නොමැති බවද වාර්තා වනවා.

සැකකාර වෛද්‍යවරයා පැලෝපීය නාල කපා සැත්කම් සිදුකර ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ. ඒ අනුව දැනට සැක කෙරෙන්නේ ඔහු සිසේරියන් සැත්කම් අතරතුර අත් ආවරණ සහිතව නියපොතු මාර්ගයෙන් පැලෝපීය නාල තදකර රුධිර සංසරණය අවහිර කර මව්වරුන් වන්ද්‍යකරණයට ලක්කර ඇති බවයි.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ එවකට නිර්වින්දන වෛද්‍යවරිය විසින්, කිසිදු මවකට පූර්ව දැනුම් දීමකින් තොරව එල්. ආර්. ටී. (LRT) සැත්කම් සිදු නොකරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබූ බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

එම දැනුම් දීමෙන් පසුව සැකකාර සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයා විසින් අදාළ නිර්වින්දන වෛද්‍යවරියට තර්ජනය කර ඇතැයි සඳහන්. රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරිය මරා දමන බවයි. එම කාලයේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට වාචිකව පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට මතුව ඇති තත්ත්වයත් සමග රෝහල් කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරියට ලිඛිතවද පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකක 3 ක් පවතින අතර ඒවා ඒ, බී, සී (A,B,C) ලෙස වෙන්කර තිබෙනවා. වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි කටයුතු කර ඇත්තේ සී (C) ලෙස නම්කර තිබූ වෛද්‍ය ඒකකයේයි. එහෙත් ඔහු අනෙක් ඒකකවල කටයුතු සදහාද මැදිහත් වී ඇති බව වාර්තා වුණා. එය නීති විරෝධි කටයුත්තක් බවයි හෙලිවී ඇත්තේ.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව ඊයේ (17) දිනය වනවිට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබුණා. ඉන් පැමිණිලි 839 ක් ලැබී ඇත්තේ කුරුණෑගල රෝහලටයි. දඹුල්ල රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 164 ක්. ඒ අනුව වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1003 ක්.

මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නිවැරදි බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ප‍්‍රකාශ කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු තහවුරු කළා ෴

+++++++++++++++++++++

සාෆිට එරෙහි පැමිණිලි 1008 ක්

(19.06.2019 – 07:25 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 1008 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කුරුණෑගල රෝහලට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 853 ක්. දඹුල්ල රෝහලට පැමිණිලි 155 ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලිවලට අදාළ විමර්ශන කඩිනම් කරන්නැයි ඉල්ලා අක්මීමන ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊයේ (18) විරෝධතාවක නිරතවුණා.

මාසික සභා වාරය ආරම්භ කිරීමට පෙර ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූ අතර එහිදී සාෆි වෛද්‍යවරයාගේ අනුරුවකට ගිනි තබා පොල් ගැසීමක ද නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *