ඇමති රාජිතට විරුද්ධව වහාම පියවර නොගන්නේ නම් වැඩවර්ජනයකට සූදානම් – GMOA

(17.06.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව වහා පියවරක් නොගන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

17.06.2019

***************************************

සෙල්ෆි මරණ 2 ක් : පොසොන් පෝදා රූමස්සල මුහුදේ සෙල්ෆි ගැනීමට ගිය හමුදා සෙබළෙකු සහ කාන්තාවක් මුහුදට බිළි වෙයි

(17.06.2019 – nethnews.lk)

උණවටුන රූමස්සල ජපන් සාම චෛත්‍ය අසල මුහුදේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය හමුදා සෙබළෙක් සහ කාන්තාවක් ඊයේ දහවල් (16 දා) මුහුදට වැටී මියගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ මහරගම – දෙහිවල පාරේ පදිංචි හසිනි ෆොන්සේකා නමැති 29 හැවිරිදි කාන්තාවක් සහ උණවටුන රූමස්සල පදිංචි උමගිලියගේ බර්නාඩ් නමැති 39 හැවිරිදි පානදුර යුද හමුදා කඳවුරේ හමුදා සෙබළෙකි.

කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඊයේ මහරගම සිට උණවටුන ප්‍රදේශයේ පිහිටි හමුදා නිළධාරියාගේ නිවසට ගොස් ඇති අතර එහිදී ඔවුන් (පස් දෙනෙකු) රූමස්සල සාම චෛත්‍ය අසල මුහුදට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් එහි ගල්පරයක් මතට නැඟී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර ඇති අතර එක් වරම රළ පහරක් වැදී පස් දෙනාම මුහුදට වැටී තිබෙනවා. එහිදී මහරගම සිට පැමිණි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයා දිවි බේරාගෙන ගොඩට පැමිණ ඇති අතර එක් කාන්තාවකට සහ හමුදා සෙබළාට දිවි බේරා ගැනීමට නොහැකිවීම නිසා දියේ ගිලී තිබෙනවා.

හබරාදුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබනවා ෴

+++++++++++++++++++++

රූමස්සල දී මුහුදට වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුරත් හමුවෙයි

(18.06.2019 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගොස් මුහුදට වැටී අතුරුදන් වූ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර දින දෙකකට පසු අද උදෑසන සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ රූමස්සල – දෙවට ප්‍රදේශයේ මුහුදු තීරයේ පාවෙමින් තිබියදී මළ සිරුර සොයා ගත් බවයි.

මොහු ගාල්ල – පිලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි යුද හමුදා සාමාජිකයෙක්.

පසුගිය ඉරිදා දහවල් ගාල්ල – රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගිය පුද්ගලයින් පස්දෙනෙකු කඳු පාමුල පර්වතකයක නැගී ඡායාරූප ගනිමින් සිටියදී එක් වරම පැමිණි සැඬ රළ පහරකට හසුවී මුහුදට වැටී තිබුණා.

එහිදී තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබූ අතර, අනෙක් දෙදෙනා දියේ ගිලී අතුරුදන් වුණා.

පසුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී මුහුදට වැටුණු 29 හැවිරිදි මහරගම – දෙහිවල පාර ප්‍රදේශයේ පදිංචි තරුණියගේ සිරුර සොයා ගත්තා ෴

***************************************

රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් ආණ්ඩුවේ පැවැත්ම ගැන අනතුරු ඇගවීමක්

(17.06.2019 – nethnews.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සිදුකරන පරීක්ෂණ නිසි ක්‍රමවේදයකට අනුව සාධාරණව සිදු නොවුනහොත් ආණ්ඩුවේ පැවැත්ම පිළිබද ගැටලු ඇති වියහැකි බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ ප්‍රහාරය පිළිබද සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ජනතාව දැඩි අවධානයෙන් බලා සිටින බවයි. මුස්ලිම් ජනතාවගේ ආරක්ෂව සහ ත්‍රස්තප්‍රහාරය පිළිබද සිදුකරන පරීක්ෂණ මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් පටලවා ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයේදී හෝ වෙනත් ජාතික මැතිවරණයකදී තමන්ට ලැබෙන ඡන්ද ආරක්ෂා කර ගැනීමට යාමෙන් සිදුවන්නේ රට අස්ථාවර වීමයි. දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සිදු කරන ක්‍රියාවලිය හේතුවෙන් අත්විය හැකි ඉරණම පිළිබද මේ වනවිටත් ඉඟි පලවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. පසුගිය සමයේ රටපුරා සිදුකළ සෝදිසි මෙහෙයුම්වල සක්‍රියභාවයක් මේ වනවිට දක්නට නොලැබෙන බවයි ඔහු පැවසුවේ. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මෙම අදහස් පළකලේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දකවමින් ෴

+++++++++++++++++++++++++++++++++++

නිළ ඇඳුම් චක්‍රලේඛය වෙනස් කරන්න එපා – ජාතික සංඝ සම්මේලනය

(18.06.2019 – 07:34 +0530 – hirunews.lk/sinhala)

රජයේ සේවකයන්ගේ නිළ ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය වෙනස් නොකළ යුතු බව ජාතික සංඝ සම්මේලනය පවසනවා.

රාජ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයින්ගේ නිළ ඇඳුම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ගැටළුකාරී තත්ත්වය පිළිබදව මහනුවර දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් මේ බව කියා සිටියා ෴

***************************************

බණ්ඩාරවෙල නගරයේ පිහිටි ජංගම දුරකථන අලෙවිසැලක දී …(18.06.2019)

***************************************

ටාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බය පුපුරුවා නොගත් හේතුව දයාසිරි හෙළිකරයි

(18.06.2019 – 09:24 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස කිසියම් විදෙස් බලවේගයක් පවතින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ටි.වි.දෙරණ ඔස්සේ ඊයේ (17) රාත්‍රියේ විකාශය වු 360 කාලීන සජීවි සංවාදය සමග එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

පාසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ටාජ් සමුද්‍රා හෝටලය තුළදී බෝම්බකරු විසින් එය පුපුරාව නොගත්තේ එම හෝටලය තුළ කිසියම් පිරිසක් සිටි නිසා බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

එමෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස කිසියම් විදෙස් බලවේගයක් සිටි බවත් එය අනාගතයේදී හෙළිකරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

මිනිත්තු 53 යි

+++++++++++++++++++++++++++++++++++

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද? නැත්නම් පැමිණිලි කාරයන්ටද? – උදය ගම්මන්පිල

(17.06.2019 – 22:32 +0530 – sinhala.adaderana.lk)

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද යන්න ගැටළුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

හිටපු අමත්‍ය රිෂාඩ් බදියුඩීන් මහතාට එරෙහිව ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගය සඳහා අද (17) මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට එරෙහිව තිබෙන චෝදනා පොලිසියට ගොනු කරන ලෙස දැන්වූ බැවින් සාක්ෂි 80 ක් සහිත චෝදනා 16 ක් පොලිසියට ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වෙතත් මේ වන තෙක් තමන් කළ පැමිණි සම්බන්ධයෙන් ප්‍රකාශ දීමට සිදු වී ඇති බව මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

මේ සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති වී ඇති බවත් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද යන්න ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා :

“ඒ වගේම පසුගිය සති අන්තයේ මාධ්‍ය වල පට්ටපල් බොරු දෙකක් වාර්තා වුණා. පළවෙනි බොරුව තමයි – ‘අනාගතයේ බිහිවෙන ජනාධිපතිට වත්මන් ජනාධිපතිට තියෙන බලතල වලින් සාතිශය බහුතරයක් නෑ; ඒ නිසා නිකමෙක් පත් කරගන්නට මෙතරම් මුදලක් වැය කරන්නේ ඇයි’ කියලා මාධ්‍ය සාතිශ්‍ය බහුතරයක් ප්‍රශ්න කරලා තිබුණා. මේකපට්ටපල් බොරුවක්.

වත්මන් ජනාධිපතිතුමාට තිබෙන සියලුම බලතල අනාගත ජනාධිපතිතුමාටත් ඒ ආකාරයෙන්ම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන සමහරු කියනවා ඇමතිධූර දරන්න බෑ කියලා. මම ප්‍රශ්න කරන්න කැමතියි අනාගත ජනාධිපතිතුමාට ආරක්ෂක අමත්‍යධුරය හැරුණු කොට වෙනත් අමත්‍යධුරයක් දරන්න බැහැ කියලා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නෙ කියලා.

වත්මන් ජනාධිපතිතුමාට එතුමා ධුරයේ සිටින තෙක් මහවැලි සංවර්ධන විෂය සහ පරිසර විෂය තිබිය යුතුයි කියලා තිබුනාට ඊළඟ ජනාධිපතිට කිසිම විෂයක් දරන්න බෑ කියලා සඳහන් වෙන්නේ කොතැනද? ඒ වගේම කලින් හිටපු ජනාධිපති – ඒ කියන්නේ 19 වැනි සංශෝධනයට කලින් හිටපු ජනාධිපති දැන් ඉන්න ජනාධිපති අතර මහ බරපතල වෙනසක් නෑ. ජනාධිපතිවරයාට තිබුණු බලතල තුනක් පමණයි 19 වැනිසංශෝධනයෙන් අයින් කළේ.”

‘ Talk with Chathura ‘ Video => (See Rightbar) =>
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *