සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්; කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ විමර්ශන කමිටුව හමුවේ කියති

(19.06.2019 – divaina.com)

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත.

ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛද්‍යවරයාගේ මෙම සැක කටයුතු කි‍්‍රයාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් තවත් හෙදි නිලධාරිනියන් 30 දෙනකුගෙන් ඉදිරි දිනවලදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල මවුවරුන් වඳ භාවයට ලක්වන ආකාරයෙන් විවිධ කි‍්‍රයාවන්වල නිරත වූ බවට දැඩි සැකයක් මතුව තිබූ බවද එම හෙදි නිලධාරිනියන් රෝහල් කමිටුව හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කරද්දී වෛද්‍ය ෂාෆි අනවශ්‍ය කලබලයක් ඇති කරන බවත් ඒ අතරතුරදී ඔහු මෙවැනි කි‍්‍රයාවල නිරතවන්නට ඇති බවට සැකකරන බවත් එම හෙදියන් ප‍්‍රකාශ කර තිබේ.

ෂාෆි වෛද්‍යවරයා මෙසේ කලබලකාරී ලෙස සිසේරියන් සැත්කම් කරද්දී තමන්ද දැඩි අපහසුතාවට පත්වූ බව ඇතැම් හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

සිංහල මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා ෂාෆි වෛද්‍යවරයා විනාඩි 13-15 ක් අතර ඉතාම කෙටි කාලයක් වැයකරන අතර මුස්ලිම් මවක් එම ශල්‍යකර්මය සඳහා භාජනය කිරීමට විනාඩි 35-40 ක් අතර කාලයක් වැය කරමින් ඉතාම ක‍්‍රමානුකූලව එම සැත්කම් කර ඇති බව හෙදි නිලධාරිනියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි කුරුණෑගල රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා භාජනය කරද්දී ශල්‍යාගාරය මුස්ලිම් දේවස්ථානයක ස්වරූපය ගන්නා බවද එම ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

මුස්ලිම් මවකට දරුවකු උපදින අවස්ථාවේ ෂාෆි වෛද්‍යවරයා එම දරුවා දෑතින්ම ඔසවාගෙන ආගම සිහි කරමින් යාඤා කරන බවද කුරුණෑගල රෝහල විසින් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත්කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

රෝහල් කාර්ය මණ්ඩලය මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ එම විශේෂ කමිටුව හමුවේය.

ෂාෆි වෛද්‍යවරයාගේ මෙම කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එම විශේෂ කමිටුව කුරුණෑගල රෝහලේ තවත් වෛද්‍යවරුන් හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ඉදිරියේදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

කුරුණෑගල රෝහලේ ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනකු පොලිසිය හමුවේ ප‍්‍රකාශ ලබාදෙමින් ෂාෆි වෛද්‍යවරයා නිවැරදි බව පැවසූ බවට ඇතැම් මාධ්‍යවල පළවූ ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල රෝහලේ බලධාරීන් පවසන්නේ ෂාෆි වෛද්‍යවරයා බේරා ගැනීම සඳහා කැපවී සිටින ඇතැම් පුද්ගලයන් මෙවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති විවිධ මාධ්‍යවල පළ කරන බවයි. ෂාෆි වෛද්‍යවරයාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව නියම සත්‍ය තවත් දින කීපයකින් රටටම හෙළි කරන බවද රෝහල් බලධාරීහු කියා සිටිති.

– හේමන්ත රන්දුණු

+++++++++++++++++++++

වෛද්‍ය සාෆිට එරෙහි පැමිණිලි ගැන පරීක්ෂණ කාසල් සහ සොයිසා රෝහල්වල

(19.06.2019 – 15:42 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහි මව්වරුන්ගේ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කොළඹ කාසල් වීථියේ කාන්තා රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ එම පරීක්ෂණ සඳහා සියලු පහසුකම් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට කුරුණෑගල අධිකරණයෙන් නියෝගයක් ලබාදී ඇති බවයි.

ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් යටතේ අදාළ විමර්ශන සිදු කෙරෙනු ඇති.

මේ අතර වෛද්‍ය සාෆිට එරෙහිව කාන්තාවන් 601 දෙනෙකු ඇතුලූ 758 දෙනෙකුගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සටහන් කරගෙන තිබෙනවා.

සිසේරියන් සැත්කම් සිදුකළ අවස්ථාවේ එහි සිටි හෙද නිලධාරීන් 70 ක්, ප්‍රධාන හෙද නිලධාරිනියක්, සැත්කමට සහයවන උපස්ථායකයින් 18 දෙනෙකුගේ ප්‍රකාශද ඊට ඇතුළත්.

+++++++++++++++++++++

19.06.2019

+++++++++++++++++++++

තවත් රෝහල් 9 ක ‍දොස්තරවරුන් 13 ක් සංවිධානාත්මකව වඳ සැත්කම් කරලා

(21.06.2019 – mawbima.lk)

කුරුණෑගල රෝහලට අමතරව රජයේ රෝහල් 9 ක ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් 13 දෙනකු සංවිධානාත්මකව වඳ සැත්කම් සිදු කළ බවට සාධක ලැබී ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (19 දා) ‘ජාතික සමඟි බලවේගය’ සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.

මෙම සම්මන්ත්‍රණය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට ඇමැතිවරුන් දෙදෙනකු කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *