‘STOP USA – මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා’ මංගල මාධ්‍ය හමුව (25.06.2019)

ලෝකයේ මෙවැනි තකතීරු වැඩ කරපු වෙනත් රටක් නෑ – ගම්මන්පිල

(25.06.2019 – 18:25 +0530 – sinhala.adaderana.lk)

රටේ ස්වාධිපත්‍යයට වඩා තමාට ලැබෙන ඩොලර් නෝට්ටු පිළිබඳ සැලකිලිමත්වන පාලකයින් සිටින වෙනත් රටක් ලොවේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ‘මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා ස්ටොප් යූ.එස්.ඒ. සංවිධානය’ අද (25) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා :

“ඇමරිකාව රට ඇතුළට ආවොත් මොකද වෙන්නේ. මතකතබාගන්න, ලෝක බලවතුන් මව්බිම තුලට රැගෙන ඒම ලේසියි. හැබැයි ඔවුන් ආපසු එළවා ගැනීම නම් කිසිදාක පුළුවන් වන්නේ නැහැ.

පැනමා වැනි රටවල් කඳුලින් ලෝකයට කියන කථාව එයයි. අපට පැහැදිලි වුණා ලංකාව හරි මැදින් දෙපලු කරන ආර්ථික කොරිඩෝවක් බිහි කරනවා කියන එක.

මේ සමස්ත ලෝකයේ මෙවැනි තකතීරු වැඩක් කරපු තවත් කිසිම රටක් නැහැ. රටේ ස්වාධිපත්‍යයට වඩා තමන්ගේ සාක්කුවට වැටෙන ඩොලර් ටික ලොකු යැයි හිතපු පාලකයන් ලෝකයේ කිසිම රටක ඉතිහාසයේ කිසිම තැනක වාර්තා වෙලා නැහැ.

ඒ අතින් බැලුවාම නම් අපේ පාලකයෝ හරිම සුවිශේෂී. ගිවිසුම් මගින් ලංකාව අපේ රට තුළට ගෙන්න ගන්න හදන්නේ කෙතරම් කාලයකට දැයි අප දන්නේ නැහැ. අපි හිතමු ඒ වසර 99 යකට කියා.

ඒ වසර 99 අවසන් වුණාම අපි ‘කාලේ හමාරයි දැන් ගෙදර යන්න’ යැයි කිව්වම ඇමරිකාව ‘මට බැහැ’ යැයි කිව්වොත් අපි මොකද කරන්නේ. අපිට ගහල එලවන්න පුලුවන්ද ?.

ඔය බද්දට දෙන්නේ මාලදිවයිනට නම් නේපාලයට නම් බංගලිදේශයට නම් අපේ රණවිරුවන්ට යන්න බැහැ කිව්වොත් ගහල එලවන්න හරි පුළුවන් වේවි.

නමුත් මේ එන්නේ ලෝකයේ ප්‍රබලම හමුදාව තියෙන ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාව නම්, ඒවගේම ඔවුන් අවි දරා අප රට තුල ඔබ මොබ සැරි සරනව නම් ඔවුන් ආපසු යන දවසක් උදාවන්නේ නැහැ.”

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන්ද එහිදී අදහස් පළ කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහින්න සූදානම්.. ආපසු යවනු බෑ..

(30.06.2019 – 10:40 +0530 – lankacnews.com)

STOP USA සංවිධානයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

“ඇමරිකාව රට ඇතුලට ආවොත් මොකද වෙන්නේ. මතකතබාගන්න, ලෝක බලවතුන් මව්බිම තුලට රැගෙන ඒම ලේසියි. හැබැයි ඔවුන් ආපසු එළවා ගැනීම නම් කිසිදාක පුළුවන් වන්නේ නැහැ. පැනමා වැනි රටවල් කඳුලින් ලෝකයට කියන කතාව එයයි. අපට පැහැදිලි වුණා ලංකාව හරි මැදින් දෙපලු කරන ආර්ථික කොරිඩෝවක් බිහි කරනවා කියන එක. මේ සමස්ත ලෝකයේ මෙවැනි තකතීරු වැඩක් කරපු තවත් කිසිම රටක් නැහැ. රටේ ස්වාධිපත්‍යයට වඩා තමන්ගේ සාක්කුවට වැටෙන ඩොලර් ටික ලොකු යැයි හිතපු පාලකයන් ලෝකයේ කිසිම රටක ඉතිහාසයේ කිසිම තැනක වාර්තා වෙලා නැහැ. ඒ අතින් බැලුවාම නම් අපේ පාලකයෝ හරිම සුවිශේෂී. ගිවිසුම් මගින් ලංකාව අපේ රට තුළට ගෙන්න ගන්න හදන්නේ කෙතරම් කාලයකට දැයි අප දන්නේ නැහැ. අපි හිතමු ඒ වසර 99 යකට කියා. ඒ වසර 99 අවසන් වුණාම අපි ‘කාලේ හමාරයි දැන් ගෙදර යන්න’ යැයි කිව්වම ඇමරිකාව ‘මට බැහැ’ යැයි කිව්වොත් අපි මොකද කරන්නේ. අපිට ගහල එලවන්න පුලුවන්ද. ඔය බද්දට දෙන්නේ මාලදිවයිනට නම් නේපාලයට නම් බංගලිදේශයට නම් අපේ රණවිරුවන්ට යන්න බැහැ කිව්වොත් ගහල එලවන්න හරි පුළුවන් වේවි. නමුත් මේ එන්නේ ලෝකයේ ප්‍රබලම හමුදාව තියෙන ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාව නම්, ඒවගේම ඔවුන් අවි දරා අප රට තුල ඔබ මොබ සැරි සරනව නම් ඔවුන් ආපසු යන දවසක් උදාවන්නේ නැහැ.

ඔබේ ගේ ඇතුලට බල්ලෙක් ආවොත් කොස්ස අරං පන්නන්නට පුළුවන්. හැබැයි බල්ලෙක් වෙනුවට සිංහයෙක් ආවොත් සිංහයාටත් අපි කොස්සෙන් ගහන්න යනවද. නැතිනම් ගෙදර සිංහයාට බාරදීලා පණ එපා කියලා ගෙදරින් එළියට යනවද ? සිංහයා ගෙට රිංගුවා ම අපට අත්වන ඉරණම මයි ලෝක බලවතුන් ආවම අපට අත් වන්නේ. නමුත් ඇමරිකාව ලෝකේ පුරාම කොටාගෙන කොටාගෙන ගිහිල්ලා තැන් දෙකකදී හොට ඇන ගත්තා. හැටේ දශකයේ අග පටන් අරගෙන හැත්තෑව දශකයේ දී වියට්නාමයට හමුදා යැව්වහම වියට්නාමයේ සිටි වීරෝදාර ජනතාව එයට එරෙහිව නැගී සිටියා. කොන්ග් ඩුක් භික්ෂූන් වහන්සේ සිය සිරුර ගිනිතබාගත්තා. වියට්නාම ජනතාව සිය අධිෂ්ඨාන බලයෙන් ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව එක මිටට හිටගත් නිසා ඇමරිකාවට ඉතිහාසයේ කවදාවත් අමතක නොවන පාඩමක් උගන්නලා වියට්නාමයෙන් එළියට ඇද දමන්නට හැකියාව ලැබුණා. ඇමෙරිකාව අත පුච්චා ගත්තේ වියට්නාමයෙන්. වියට්නාමයට සවිය උනේ ඔවුන්ගේ සැබෑ මිතුරෙක් ලෙසින් සෝවියට් දේශය වියට්නාමයට සවිය දුන් නිසා.

ඒ වගේම මෑත කාලයේ අරාබි වසන්තය ආවා. යේමනය ටියුනීසියාව ඊජිප්තුව ලිබියාව වැනි රටවල ආණ්ඩු පෙරලා ගන්නට අරාබි වසන්තය හරහා ඇමෙරිකාවට හැකියාව ලැබුණා. නමුත් සිරියාවේ ආණ්ඩුව පෙරළා ගැනීමට අරාබි වසන්තයට හැකියාවක් ලැබුණේ නැහැ. චීනය රුසියාව හා තුර්කිය කියන සිරියාවේ සැබෑ මිතුරන් සිරියාව හා එකට හිටගත් නිසා. ඇමරිකාව කියන මේ මහා රාක්ෂයාට අපට තනියෙන් මුහුණදීමට නොහැකි නම් අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි නොගසන අපේ රට ඔවුන්ට නතු කර ගැනීමට කටයුතු නොකරන අපේ මිතුරන් සොයා ගත යුතු හෝරාව මේ මොහොතේ උදාවෙලා තියෙනවා.

කවුරුහරි අපෙන් අහන්නට පුළුවන් ඔබේ ආණ්ඩුව ආවම මේ ගිවිසුම් අහෝසි කරනවාද කියලා. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. එහෙම උදාන වාක්‍ය කියන්න අප යන්නේ නැහැ. එහෙම සිංහනාද නගන්න බැහැ. රටවල් දෙකක් ද්වීපාර්ශිකව අත්සන් කළ ගිවිසුමකින් ඒකපාර්ශවිකව ආණ්ඩුවකට ඉවත් වන්නට බැහැ. අපට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1988 ජනාධිපතිවරණයේ දී කිව්වා ඉන්දු ලංකා ගිවිසුම අප බලයට පත්වූ වහාම අහෝසි කරනවා කියලා. 1994 එතුමිය රටේ අගමැතිනිය වුණා. හැබැයි ගිවිසුම අහෝසි කළේ නෑ නෙවෙයි එසේ කරන්නට බැහැ. ද්විපාර්ශික ගිවිසුමකින් ඒකපාර්ශ්විකව ඉවත් වීමට හැකියාවක් නැහැ.

එහෙමනම් අප මෙය කරන්නේ කොහොමද. ඉන්දු ලංකා ගිවිසුමේ දී ලංකාව ඉන්දියාවට පොරොන්දු වුණා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර තනි පළාතක් ලෙස පවත්වාගෙන යන්න. ඒවගේම එම ගිවිසුමෙන් ආණ්ඩුව එකඟ වුණා ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවට ලබා දෙන්න. වසර තිස් දෙකක් ගත වෙලා තාම ඒ දේ කරන්නට පුළුවන් වෙලා නැහැ. නොකළේ ඇයි කියල ඉන්දියාව අහන්නෙත් නෑ මේ රටේ ජනතාව පාරට බැහැලා ජීවිත පූජා කරලා ඒ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරනවාට විරෝධය පළ කරපු නිසා.

එහෙම නම් මේක දේශපාලකයන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටේ ජනතාව එක්ක මිටියට පාරට බැහැලා මේ මිලියන 20 ම ජාති ආගම් කුල භේද පැත්තකින් තියලා එකට හිට ගත්තොත් ඇමරිකාවට නොවෙයි ඕනෑම බලවේගයක් පරාජය කළහැකි කියන පාඩම වියට්නාමයේ අපේ සහෝදර ජනතා අපට උගන්වා තියෙනවා. අපේම කලින් පරම්පරාව ජීවිත පූජාවෙන් අපට උගන්නලා තියෙනවා. ජාති ආගම් පක්ෂ පාට කුලභේද ඔක්කොම පසෙකින් තියලා මෙයට එරෙහි විය යුතුයි. මොකද අපිට පක්ෂවලට බෙදිලා රණ්ඩු කරන්නත් රටක් ඉතිරිවී තිබිය යුතුයි. ඒ නිසා මේ රට බේරගන්නට සියලු දෙනාම සියලු භේද පසෙකින් තබා එකමුතු වෙමු.

සමහරුන්ට හිතෙන්න පුළුවන් ඇමෙරිකාව එක්ක හැප්පෙන එක කළුගලේ ඔළුව ගසා ගැනීමක් කියලා. හැබැයි මේ මිලියන 20 ම එක මිටියට ඇවිල්ලා ඇමරිකාව කියන කළුගලේ ඔළුව ගසා ගත්තොත් ඒ ඇතිවන කම්පනයෙන් ඇමරිකානු කළු ගල පුපුරා හැලෙනවා සත්තයි. ඒ නිසා මේ ඇමරිකාවේ ගමන් මඟ නතර කරන්න බිහිවන STOP USA සංවිධානය සමග සමස්ත ජාතියම අත්වැල් බැඳ ගන්න යැයි අප ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

28.06.2019

***************************************

22.06.2019

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *