සොත්ති කොටියාට විරුද්ධව දේශප්‍රේමීන් පෙළ ගැසේ

අස්ගිරි මහ නාහිමියන්ගේ ප්‍රකාශයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක්

(26.06.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala)

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිජුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම පැමිණිලි පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාශය වෙත යොමුකළ බවයි.

මහනුවර – දොඩම්වල ඵෙතිහාසික කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයකදී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු එහි පළමු පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 21 වැනිදායී.

එමෙන්ම, දෙවන පැමිණිල්ල දෙහිවල පදිංචිකරුවෙකු වන මොහොමඩ් ෆසාල් නිසාර් පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට පසුගිය සඳුඳා ඉදිරිපත් කළා.

ඒ අනුව අදාළ පැමිණිලි දෙක සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාශය මගින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

+++++++++++++++++++++

මහනාහිමිවරුන්ගේ අනුශාසනාවලට වැට බදිමින් ආණ්ඩුව කරන තුච්ඡ නින්දිත වැඩ ගැන විමල් කළ අනාවරණය (26.06.2019) :

+++++++++++++++++++++++++++++++++++

26.06.2019
26.06.2019

+++++++++++++++++++++++++++++++++++

25.06.2019

+++++++++++++++++++++++++++++++++++

පාක්‍යසෝතිගේ පැමිණිල්ලට එරෙහිව භික්ෂූන් වහන්සේ පිරිසක් පොලිස් මූලස්ථානයට

(27.06.2019 – 21:04 +0530 – hirunews.lk/sinhala)

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන්ට විරුද්ධව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝතී සරවණමුත්තු මහතා සිදු කළ පැමිණිල්ලට එරෙහිව සංවිධාන කිහිපයක ස්වාමීන් වහන්සේ අද පොලිස් මුලස්ථානට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර තවත් ස්වාමීන් වහන්සේ කිහිප නමක්ද සරවනමුත්තු මහතා ට විරුද්ධව අදහස් පළ කළා :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *