අගමැති ජෝන් ඩොයිලිගේ අවතාරය ද ? රතන හිමිගෙන් ප්‍රශ්ණයක්

(21.07.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 3 ක් සපිරීම නිමිත්තෙන් අද ගුණසමරු උත්සවයක් පැවැත්වුණා.

ඒ, පිළියන්දලදී නගර සභා ශාලාවේදීයි.

අමරනීය මිනිසා ලෙස නම් කර තිබූ සෝමවංශ අමරසිංහ මහතාගේ 3 වන ගුණසමරු උත්සවයට මහා සංඝරත්නරය, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

+++++++++++++++++++++

***************************************

සයින්දමරුදු ඔත්තුකරුගෙන් මැසිවිල්ලක්

(21.07.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ ලොරි රථයකින් මීගමුව – කටුවාපිටියේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන ගිය පුද්ගලයා ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

කුලී රථ සේවා සපයන ආයතනයකට සිය ලොරි රථය යොදවා තිබූ මොහුට සයින්දමරුදු ප්‍රදේශයට කුලී ගමනක් ලැබී තිබුණේ අප්‍රේල් මස 9 වන දායි.

පසුව ඔහු ගමන නිමකර යළි නිවසට පැමිණෙන්නේ අප්‍රේල් මස 11 වන දායි.

මොහු පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරනු ලැබූ ආරක්ෂක අංශ වෙත තමන් සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ ද යන්න පිළිබද මතු වූ සැකය මත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණා.

ඒ අනුව සයින්දමරුදු ප්‍රහාරයට පෙර ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් භාවිතා කළ උපකරණ තොගයක් සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක තිබී ආරක්ෂක අංශවලට සොයා ගැනීමට හැකි වන්නේ මොහුගේ ඔත්තුවකට අනුවයි.

කෙසේ වෙතත්, මේ වනවිට අදාළ කුලී රථ සේවා සපයන ආයතනයෙන් ඉවත්ව ඇති තමාට සිය ලොරි රථයේ කල්බදු වාරිකද ගෙවා ගැනීමට පවා නොහැකිව ආර්ථික අපහසුතා රැසකට මුහුණ දී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

+++++++++++++++++++++

***************************************

රණවිරුවන්ට අත්ව ඇති ඉරණම ඉතා කණගාටුදායකයි – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

(21.07.2019 – 20:36 +0530 – sinhala.adaderana.lk)

රණවිරුවන්ට අද වනවිට අත්ව ඇති ඉරණම ඉතා කණගාටුදායක බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකට ඊයේ (20) සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ මහතා විසින් රචිත ‘සැලියුට් එක’ කෘතිය එළිදැක්වීම ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින්.

උත්සවයෙන් පසු විපක්ෂ නායකවරයා මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

එහිදි අදහස් දැක්වු විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ යුද ජයග්‍රහණය සෑමරීමට පෙර සියල්ල උඩුයටිකුරු වු බවයි.

සහරාන් නැමැති ත්‍රස්තවාදීයාට දිව්‍ය ලෝකේ යන්න අහිංසක ජනතාව 300 ක් ජිවිතයෙන් වන්දි ගෙවු බවද ඒ මහතා එහිදි පැවසීය.

සතුටින් සිටි රටවැසියාට එක දිනයකින් පසු අඬන්නට සිදු වු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

***************************************

බදුලු ඔයට මුදාහරින බදුල්ල නගර සභාවේ මළ

(20.07.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk)

බදුල්ල නගර සභාව අවස්ථා රැසකදී මළ අපද්‍රව්‍ය බදුලු ඔයට මුදාහරින ආකාරය අද දෙරණ උකුස්සා අවස්ථා රැසකදී අනාවරණ කළේය.

එම අවස්ථාවලදී පමණක් නැවතුණු එය වෙනත් මුහුණුවරකින් යළි ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇත.

බදුල්ල නගරයේ ඇති ප්‍රධාන වැසිකිළිය පිහිටි බදුල්ල බස්නැවතුම් පලෙහි ඇති පොදු වැසිකිලියේ මළ අපද්‍රව්‍ය කිසිදු හිරිකිතයකින් තොරව මුදාහිරන ආකාරය අපට දැකගත හැකි විය.

තවදුරටත් සිදුකළ සොයාබැලීමේදී උකුස්සාට දැකගත හැකිවුණේ නගරයේ ප්‍රධාන කාණු පද්ධතියට එම මල අපද්‍රව්‍ය බැහැර කරන අයුරුයි.

එම කාණු පද්ධතියේ ඇති මල අපද්‍රව්‍යය ද අවසානයේ එකතු වන්නේ බදුලු ඔයටයි.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් උකුස්සා සිදු කළ ගවේෂණයේදී අනාවරණ වුණේ වැසිකිළි පද්ධතියේ ඇති මල අපද්‍රව්‍ය එළිපිටම මෙම කාණු පද්ධතියට එක්කරන බවයි.

එමෙන්ම බදු කාලය අවසන් වී තිබියදීත් මෙම පිරිස විසින් වැසිකිළි පද්ධතියේ පරිපාලන කටයුතු සිදු කරගෙන යන බවද එහිදී අනාවරණ වුණි.

බලධාරීන්ට විශාල වැටුප් දී උසස් තනතුරුවල තබන්නේ මෙවැනි අමනෝන්‍ය සැළසුම් ක්‍රියාත්මක කිරීමට ද?

ජනතාවට විශාල සෞඛ්‍ය ගැටලු මතුකරන මේ ගැටලුවට විසඳුම් දෙන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්.

***************************************

සෝමවංශයන්ගේ භූමිකාව නොවන්නට අද අපි සූඩානයේ ඉරණමට ගොදුරු වෙලා අවසන්

(22.07.2019 – 07:34 +0530 – lankaleadnews.com)

***************************************

ලංකාව ගැන චීන ජාතිකයෙකු ගෙන් ඉගෙනගනිමු –
Talk With Chatura (19.07.2019)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *