කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : නීතිඥ මනෝජ්ට එරෙහිව CID අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

(29.07.2019 – 14:35 +0530 – sinhala.adaderana.lk)

මාධ්‍ය හමුවකදී නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අද පසුගිය 27 වන දින පැවති මාධ්‍ය හමු කිහිපයක දී දැඩි ලෙස විවේචනයට ලක් විය.

එහිදී අදහස් දක්වමින් නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේ ෂාෆි වෛද්‍යවරයා සතු අති විශාල වත්කම් හේතුවෙන් රජය නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.

කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥවරයා පවසා සිටියේ, කෝටි 40 ගණනක් 90 ගණනක් තිබු වෛද්‍ය ෂාෆීට යහපාලන රජයම මිලදී ගැනීමට හෝ බැරිකමක් නොමැති බවයි.

එනිසා නීතිය ක්‍රියාත්මක නොවන බවත් පැවසු නීතිඥවරයා, ශාන් අබේසේකර මහතාට බලය හැමදාම ක්‍රියාත්මක නොවන බවත්, එනිසා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතිය අනුව ගන්න ලෙසද පැවසීය.

නීතියට ‘ජිල්මාට්’ දමා සැකකරුවන් නිදහස් කරන්න සුදානම් නොවන්නැයි ද පවසා සිටි නීතිඥවරයා, එහි ප්‍රතිඵලය ශානි අබේසේකර මහතාට අනාගතයේ දී ජම්පරයක් ඇඳගෙන විඳින්නට සිදුවේයැයි අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.

පසුගිය ජුලි මස 27 වන දින පැවති මාධ්‍ය හමුව මෙහි දැක්වෙයි :

+++++++++++++++++++++

CID යට එරෙහිව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් පැමිණිල්ලක්

(29.07.2019 – 18:52 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් තමාගේ රාජකාරීයට බලපැම් කළ බව පවසමින් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා විසින් වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍යවරයා පැවසුවේ තමන් රාජකාරි කටයුත්තක යෙදී සිටි අවස්තාවේදි අධිකරණ නියෝග නොතකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් පසුගිය 3 වනදා පැමිණ තමන්ට බලපෑම් සිදු කළ බවයි.

එමෙන්ම වෛද්‍යවරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් තෙරීම් කාරක සභාවේදි ද තමන්ට සහ රෝහලට අපහාස වන පරිදි ප්‍රකාශ කළ බවයි.

රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේ නීතිඥ සමන් බන්ඩාර මහතා චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙම අවස්ථාවේදි නීතිය අවභාවිතා කරමින් සිටින බවයි.

+++++++++++++++++++++

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකගෙන් සීඅයිඩීයට විරුද්ධව පැමිණිල්ලක්

(29.07.2019 – 18:33 +0530 – lankadeepa.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු එහි උසස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශ කරමින් තමන්ට අපහාස කරන බව සඳහන් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අද (29) කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නීතිඥ සමන් දිසානායක මහතාගේ මාර්ගයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ‍ෙ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව තමන් එහි විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරමින් බාධා එල්ල කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයකින් සහ තමන්ට එරෙහිව කර ඇති අසත්‍ය පැමිණිල්ලක් හේතුවෙන් රජයේ වගකිවයුතු නිලධාරියෙකු වන තමන්ට අපහාසයක් වී ඇතැයි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

මීට අමතරව වඳ සැත්කම් සිද්ධිය හේතුවෙන් අගතියට පත් මවුවරුන් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලන ලද වෛද්‍ය පරීක්ෂණයක් අධිකරණ නියෝගයක් මත අත්හිටුවා තිබියදී, ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාදීම තමන් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදි, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි තිසේරා නැමැත්තා තමන්ට දුරකථන මාර්ගයෙන් තර්ජනය කළ බවද වෛද්‍ය වීරබණ්ඩාර මහතා තම පැමිණිල්ල මගින් කියා ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණයක නඩු විභාගයක් පවතින අවස්ථාවක අධිකරණයට අපහාස වන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හැසිරෙන බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලේ සඳහන්වේ.

මෙම නිලධාරීන්ගේ නීති විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ඉදිරියේදී පොලිස් කොමිසමට පැමිණිලි කරන බවද වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය ෴

+++++++++++++++++++++

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා (29.07.2019)

***************************************

ෂාෆිට එරෙහිව කුරුණෑගල විරෝධතා පා ගමනක්

(30.07.2019 – 14:00 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් මේ වන විට කුරුණෑගලදී පැවැත්වේ.

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටට රැස්වූ භික්ෂුණ් වහන්සේ ඇතුළු විරෝධතාකරුවන් කුරුණෑගල නගරයට පා ගමනින් ගොස් යලිත් රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය හේතුවෙන් කුරුණෑගල නගරයේ දැඩි රථවහාන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.

මීට අමතරව නගරයේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බව සදහන්.

+++++++++++++++++++++

+++++++++++++++++++++

සීඅයිඩීය සාෆි ගැන කරන පරීක්ෂණ පක්ෂග්‍රාහී යැයි විරෝධතාවක්

(30.07.2019 – 13:05 +0530 – lankadeepa.lk)

වෛද්‍ය සාෆි සම්බන්ධව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ පක්ෂග්‍රාහී බවත් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනීසිටින පාර්ශවවලට එල්ලවන බලපෑම් නවතන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අද (30) උදෑසන කුරුණෑගල දී උද්ඝෝෂණයක් සහ විරෝධතා පා ගමනක් පැවැත්විණි.

මෙම විරෝධතාවය සඳහා මහා සංඝරත්නය, සිවිල් සංවිධාන නියෝජිතවරු, දේශපාලනඥයෝ, රෝහල් සේවකවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ රටේ ජනතාවගේ ආරක්ෂාවට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන අතකොලුවක් වී අද වනවිට සාෆි වෙනුවෙන් පෙනීසිටින බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මෙම ක්‍රියා කලාපයට පොලිසියේ බහුතරයක් විරුද්ධ බව පැවසූ රතන හිමියන් රටේ පාලකයින්ට උරුමයක්, සංස්කෘතියක් නැති වුවත් මේ රටේ ජනතාව තවම අවදියෙන් සිටින බවද පැවසූහ.

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆිව මාධ්‍ය හරහා නිදොස් කිරීමේ උත්සාහයක් ගැන වෛද්‍ය රමේෂ් පතිරණ ගෙන් හෙළිදරව්වක්

(02.08.2019 – 14:27 +0530 – sinhala.adaderana.lk)

වත්මන් රජය යටතේ බෝඩ්ලෑල්ලට පමනක් සීමා වී ඇති ස්වාධීන කොමිෂන් සභා ඉදිරියේදී පිහිටුවීමට නියමිත රජයක් යටතේ සැබෑවටම ස්වාධීන ලෙස සක්‍රිය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට සියලු නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

බලයට පත්වන අවස්ථාවේදී වත්මන් ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් විශාල මතයක් ගොඩනැගීමට උත්සාහ කළ ද එය මේ වන විට සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත් වී ඇතැයි කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොකර, එම ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය අනාවරණය කර නොගෙන තමා හමුවට නොපැමිණෙන්නැයි ජනාධිපති අපේක්ෂකයන්ට කාදිනල් හිමියන් විසින් සිදු කළ ප්‍රකාශය තමන් ද පිළිගන්නා බවත් එම පරීක්ෂණ වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමක් බවත් ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී වැඩිදුරටත්අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ආන්දෝලනයට ලක් වූ කුරුණෑගල රෝහලේ සාෆි සහාබ්දීන් වෛද්‍යවරයාට ඇප ලබාදීම සම්බන්ධයෙන් මූලික වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව නිසියාකාරව කටයුතු නොකල හේතුවෙන් බවයි.

එම වෛද්‍යවරයා නිදොස් කොට නිදහස් කිරීම සඳහා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරයෙක් සහ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් එක්ව වැඩසටහනක් සකස් කිරීමට නියමිත බවට තොරතුරු හෙළිව ඇතැයි ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

රුපියල් මිලියන 60 ක මුදලක් ලබා දෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එමගින් වෛද්‍යවරයා නිදොස් කොට නිදහස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එසේ සිදු කළහොත් ඊට එරෙහිව විපක්ෂය වශයෙන් දැඩිපියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා මෙහිදී අවධාරණය කළේය.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *