ශ‍්‍රී ලංකා අමරපුර මහ නිකාය නව ව්‍යවස්ථාවක් එපා කියයි

(30.10.2017 – nethnews.lk)

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදු කිරීමට අවධානය යොමු කරන ලෙස ශ‍්‍රී ලංකා අමරපුර මහ නිකාය රජයට දැනුම් දී තිබෙනවා. එහි මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් අමරපුර මහ නිකාය මෙම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා වෙතයි.

නව ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය, මධ්‍යස්ථ ගිහි විද්වතුන් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද විවිධ අදහස් පළ කර තිබෙනවා. එම අදහස්වලට අනුව, මේ මොහොතේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇති බවයි අමරපුර නිකාය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. නව ව්‍යවස්ථාව සැකසීමට අදාළව සකස් කළ අතුරු වාර්තාවේ ඇතුළත් යෝජනා හා විකල්ප මගින් බුදු දහමේ ප‍්‍රමුඛ ස්ථානයට මෙන්ම රටේ ඒකීයභාවයටද අනතුරු සිදුවිය හැකි බව තමන් ද පිළිගන්නා බව අමරපුර මහ නිකාය පවසනවා.

ඒ අනුව, මහ සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයින් මෙන්ම රට වැසියන් ද සියලු වාද භේද අතහැර මෙම කාර්යයේදී සමගියෙන් එක්සත් විය යුතු බවයි අමරපුර නිකාය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *