2015 දී පැරදුණේ වැඩ බැරි ටාසන් කෙනෙකුට – දිලුම් අමුණුගම

(19.08.2019 – 10:51 +0530 – sinhala.adaderana.lk)

2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට හේතුව තරුණයන්ගේ ඡන්ද ගිලිහී යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඇඹිලිපිටියේ පැවති උත්සවයකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තරුණයන් අතර මහින්ද රාජපක්ෂ මහතා කෙරේ වෛරයක් ඇති කර ඔහු පරාජයට පත් කිරීමට ප්‍රතිවාදීන් ක්‍රියා කළ බවත් එසේ නොමැතිව ඔහු පරාජය වුයේ සුළු ජාතීන්ගේ ඡන්දවලින් නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ අවස්ථාවට වඩා පරාජය වු 2015 දී ඔහුට සුළු ජාතීන්ගේ ඡන්ද ලැබී තිබු බව ද ඔහු ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වීමට සිදු වුයේ වැඩ බැරි ටාසන් කෙනෙකුට බවයි.

“2015 ජනවාරි 8 වනදා වැඩකාරයා ඡන්දෙන් පරදිනවා. ඡන්දෙන් තවත් වැඩ කාරයෙකුට පැරදුණානම් හිත හදාගන්න තිබ්බා. පැරදුණේ රටේ වෙන දේවල් පත්තරෙන් දකින, රෑ දහයට නිදියන, සින්දු කියන්න දක්ෂ, නටන්න දක්ෂ, බෙර ගහන්න දක්ෂ, ජනාධිපති ජොබ් එක හැර අනිත් ඕනෙ දේකට දක්ෂ කෙනෙකුට.

පොලිස්පති අස් කරගන්න බෑ, අමාත්‍යංශයකට ලේකම් කෙනෙක් පත් කරගන්න බෑ, ඡන්දයක් තියාගන්න බෑ, ඇමතිවරයෙක් අස් කර ගන්න බෑ, රනිල් හොරා කෑවා කියලා අවුරුදු 4 ක් කියවනවා දඬුවම් දීගන්න බෑ, අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගන්න බෑ, අපිටද ගෙන්න ගන්න කියන්නේ?

මේ වගේ වැඩ බැරි ටාසන් කෙනෙකුටයි වැඩකාරයා 2015 දී පැරදුණේ.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

***************************************

විනයගරුක රටක් දෙන්න පුළුවන් වෙන්නේ ගෝඨාට පමණයි – සුසිල් ප්‍රේමජයන්ත්

(19.08.2019 – 08:16 +0530 – sinhala.adaderana.lk)

රටේ සෑම පුරවැසියෙකුම දේශපාලන භේදයකින් තොරව වෙනසක් බලාපොරොත්තු වන බවත් එම වෙනස රටට ලබාදිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

හෝකන්දර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

මේ රටේ සියලු දෙනා දේශපාලන පක්ෂ බේදයකින් තොරව වෙනසක් බලාපොරොත්තු වන බවද පැවසු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය තුළ අද වන විට කඳවුරු දෙකක් නිර්මාණය වී ඇතැයි පැවසීය.

ජනවර්ග අතරත් වෙනසක් බලාපොරොත්තු වන අය සිටින පැවසු ප්‍රේමජයන්ත් මහතා, සමාජයේ සෑම ස්ථරයකම පහල මට්ටමේ සිට ඉහළ මට්ටමට යන තෙක් සිටින සෑම දෙනාම රටේ වෙනසක් බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

වසර 4 හමාරක් පුරා රට ඉදිරියට නොගිය බවත්, රට ආපස්සට යෑම පමණක් සිදුවු බවත් පැවසු මන්ත්‍රිවරයා, මෙතැනින් ඉදිරියට යා යුතු බවත්, ප්‍රධාන වශයෙන් ප්‍රශ්න 3 කට පිළිතුරු දිය යුතු බවත් පැවසීය.

පළමුවෙන් ජාතික ආරක්ෂාව පත්ව ඇති බවත්, දෙවැන්න රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුව ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, තරුණ තරුණියන්ට රැකියාවෙන් ඔබ්බට ගොස් සාධාරණ සාමාජයක් ලබා දිය යුතු බවත් සඳහන් කළේය.

විනය ගරුක රටක් ලබා දිය හැක්කේ, විනය ගරුකව හමුදා නිලධාරියෙක් ලෙසත් අද දිනයේ ජනාධිපති අපේක්ෂකත්වයට පත්ව ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

***************************************

19-08-2019

***************************************

ත්‍රස්ත ක්‍රියා හා සම්බන්ධ බවට සැක අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අත්අඩංගුවට

(19.08.2019 – 12:06 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත ක්‍රියාකාරකම් හා සම්බන්ධ බවට සැකපිට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චි පලෙයි රෝහලට අනුයුක්ත 41 හැවිරිදි වෛද්‍ය නිලධාරීවරයෙක් ෴

***************************************

18-08-2019

***************************************

Hiru TV – Hard Talk – 19.08.2019

***************************************

සැහැල්ලු දුම්රිය මඟ ඉදිකිරීම ඇරඹේ

(17.08.2019 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මාළඹේ සහ කොළඹ අතර කිලෝමීටර් 16 ක් දිවෙන සැහැල්ලු දුම්රිය සේවාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙනවා.

එහි පළමු අදියර සඳහා කොන්ක්‍රීට් වේදිකාවේ කුළුණු ඉදිකිරීමට බිම් පරීක්ෂාව ආරම්භ වී ඇති බවයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

එවැනි ස්ථාන 200 ක් පරීක්ෂාවට ලක් කෙරෙන අතර, එම කුළුණු මත මීටර් 8.4 ක් පළල වේදිකාවක් ඉදිකෙරෙන්නේ සැහැල්ලු දුම්රිය ධාවනයටයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය මගින් ලබාදෙන ඩොලර් බිලියන 2.2 ක සහන ණය මුදල මගින් ඉදිකෙරෙන මෙම සැහැල්ලු දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 16 ක් ඉදිකෙරෙන අතර, 2025 වසරේදී ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතයි.

ඉන්පසු එහි මගීන් 800 බැගින් රැගෙන යා හැකි මැදිරි 4 ක් සහිත ජපාන දුම්රිය 25 ක් මෙම සැහැල්ලු දුම්රිය මාර්ගයේ යොදවනු ඇති.

+++++++++++++++++++++

https://www.clr.lk/

***************************************

රැළියට පැමිණි පාසල් සහ, පෙර පාසල් ශිෂ්‍ය සංගම් විසුරුවන්න – ගම්මන්පිළ ජවිපෙන් ඉල්ලයි

(19.08.2019 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඊයේ කොළඹ – ගාලුමුවදොරපිටියේ සංවිධානය කර තිබූ ජන රැළිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ වන විට විවිධ අදහස් පළ වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ ගාලුමුවදොරපිටියේ සංවිධානය කළ ජන රැළියට පෙර පාසල් දරුවාගේ සිට පාසල් යන දරුවා දක්වා පැමිණ සිටි බවයි.

එබැවින් අන්තර් පාසල් ශිෂ්‍ය සංගමය සහ පෙර පාසල් ශිෂ්‍ය සංගමය විසුරුවා හරින ලෙසයි උපහාසාත්මක අන්දමින් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=z1TmViH03A0

+++++++++++++++++++++

***************************************

තාත්තා වගේම පුතත් අඩුවක් නැතුව රණවිරුවන්ට සළකයි – සජිත්ට රෝහිත ගෙන් පහරක්

(19.08.2019 – 23:38 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයායැයි තමා විසින්ම කියා ගන්නා සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජය රණවිරුවන්ට එලව එලවා පහර ගසන අවස්ථාවේදී නිහඬව සිටියේ මන්දැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රශ්න කර සිටියි.

අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තම රජයක් යටතේ රණවිරුවන්ට සලකන බවට සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සිදුකල ප්‍රකාශය උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කළේ පසුගිය වසර හතර හමාරක කාලය තුළ වත්මන් රජය බරපතළ ලෙස රණවිරුවන්ට සිදු කළ අසාධාරණයන් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කිසිදුපියවරක් නොගත් අතරම කිසිදු ප්‍රකාශයක් හෝ සිදු නොකළ බවයි.

හිටපු ජනාධිපති ප්‍රේමදාස යුගයේදී එල්ටීටීඊ සංවිධානයට ආයුධ සපයමින් එල්ටීටීඊ සංවිධානය ශක්තිමත් කිරීම අපේ තරුණ රණවිරුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීමට හේතුවක් වු බව පෙන්වා දුන් ඒ මහතා සජිත් ප්‍රේමදාස යුගයක් පිළිබදව කතා කිරීමත් රණවිරුවන්ට සැලකීම පිලිබඳ කතා කිරීමත් හාස්‍ය උපදවන කරුණක් වන බව සඳහන් කලේය ෴

***************************************

ශවේන්ද්‍ර සිල්වා ගැන ඇමරිකානු තානාපතිනියගේ ප්‍රකාශයට විමල්ගේ අප්‍රසාදය

(19.08.2019 – 22:44 +0530 – sinhala.adaderana.lk)

ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම හෙළා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීම කෙරේ විරෝධය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි මෙසේ කරුණු සඳහන් කර ඇත :

“අද දින ට්විටර් පණිවිඩයක් මඟින් ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් ප්‍රකාශයක් නිකුත්කොට ඇත.

එම ප්‍රකාශය අනුව ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම මගින් ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් වේ.

එයට හේතුව ලෙස ඇය කියා සිටින්නේ නව හමුදාපතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ල කොට තිබීමය.

ඇය විසින් තම රාජ්‍යතාන්ත්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදුකළ මෙම ප්‍රකාශය පිළිබදව අප දැඩි විරෝධය ඇය වෙත ප්‍රකාශ කරන අතර පහත සඳහන් කරුණු ඇයට මතක් කර දීමට කැමැත්තෙමු.

2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ලංකාවේ හමුදාවට සහ එහි නායකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට හෙවත් චෝදනාවලට පිළිතුරු බැඳීමට ලංකාවේ රජයට සහ හමුදාවට පමණක් නොව එම ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට සෙසු රටවලට ද අවස්ථාවක් ලබාදුන්නේ නැත.

ඊට හේතුව වූයේ ආචාර ධර්ම සහ ස්වාභාවික යුක්තියට පිටුපාමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් බලපෑම් එල්ල කිරීම ය.

ඉන් පසුව මානව හිමිකම් සමුළුව ‘අසූචි වලක්’ ලෙස හඳුන්වමින් එම ආයතනයෙන් ඉවත් වූ ඇමරිකා එක්සත් ජනපදයට එම ආයතනය විසින් ස්වාභාවික යුක්තියට පිටින් ඉදිරිපත් කළ චෝදනා උපුටා දැක්වීමට අද කිසිදු සදාචාරාත්මක අයිතියක් ද නැත.”

+++++++++++++++++++++

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

(19.08.2019 – 13:19 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර ඇත.

ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

දරු පවුලක කඳුළු දැක උණු වු හදවත්

(19.08.2019 – 14:15 +0530 – sinhala.adaderana.lk)

රට තුළ සංවර්ධන ව්‍යාපෘතීන් ඕනෑ තරම් ක්‍රියාත්මක වුවද ඇඳිවතවත් නොමැති දරුවන් ජීවත්වන පවුලක් පිළිබඳව පසුගියදා අප වාර්තා කළේය.

එම පුවත ඵල දරමින් බොහෝ පිරිසක් ඔවුන්ට උකිරීමට මැදිහත් වී ඇත.

තිස්සමහාරාම දිවුල්පල්ලම කොඩිගහ වැව් ඉස්මත්තේ පිහිටි ඇඳිවතවත් නොමැති දරුවන් ජීවත්වන පවුලක් පිළිබඳ අප පසුගියදා රටට අනාවරණය කළේය.

එම පුවතින් පසු අද වනවිට බොහෝ පිරිසක් එම පවුලට උදව් උපකාර කිරීමට මැදිහත් වී ඇත.

ඉතාම දුෂ්කර පහසුකම් මැද කොඩිගහවැවේ මසුන් අල්ලා ලැබෙන මුදලින් සිය දරුවන් පෝෂණය කරමින් වසර 15 ක් පුරා මෙම පවුල දිවිගෙවනු ලබයි.

කෙසේ වෙතත් ඔවුන්ට ආධාර ලබා දීමට පැමිණි පිරිසගේ මීළඟ බලාපොරෝත්තුව වී ඇත්තේ කිසි දිනක පාසලක් දැක නැති මේ දරුවන්ව පාසල් යවා නිසි අධ්‍යාපනයක් ලබා දීමයි.

මේ අතර පැල්පතක ජීවත් වන මේ පවුලට තවමත් වැසිකිලි පහසුකම්වත් ලබා දීමට බලධාරීන් කටයුතු කර නැත.

මෙවන් යුගයකත් බලධාරීන් මෙවැනි පවුල්වල මූලික අවශ්‍යතාව හෝ සොයා බැලීමට කටයුතු නොකිරීම සත්‍ය වශයෙන්ම විස්මයට කරුණක් නොවේද..? ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Me video hondai LRT nodakapu kenekuta. London, Paris, Tokyo, Beijing, Manila me koi nagarayeth rush hours wala LRT, MRT wage sama transport kramayakama athi waahana kotta pol wage purawala angillak gahanna ida nae. me advertisment ekanama sampoornayenma boru prakashayak karanney. Onna ithin rae dolahata nam riya petti wala oya tharam ida kada athiwei. pare yana waahana walata wadaa ikmanata nam gaman karanna puluwan eka hari, namuth daha diya naala thamaa gamana yawenney, bath welaa kopamana AC thobunath waedak nae.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *