‘බැටික්ලෝ කැම්පස්’ ආයතනය අභ්‍යවකාශ ගවේෂණය මධ්‍යස්ථානයක් කරන්න – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(19.08.2019 – 19:21 +0530 – sinhala.adaderana.lk)

බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිළිබඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කරයි.

එම ආයතනයට එරෙහිව අද (19) පස්වරුවේ මඩකලපුව නගරයේ පැවති විරෝධතාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගන්නැයි බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අද මඩකලපුව නගරයේ විරෝධතාවක නිරත විය.

විරෝධතා පාගමනින් මඩකලපුව නගරයේ ගමන්ගත් පිරිස පසුව ඔරලෝසු කණුව අසළට පැමිණ සිය විරෝධය පළ කළේය.

අනතුරුව භික්ෂුන්වහන්සේ එම ස්ථානයේ සත්‍යක්‍රියාවක්ද සිදු කළේය.

එහිද අදහස් දැක්වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පැවසුවේ බැටික්ලෝ කැම්පස් ආයතනය මුළුමනින්ම නවත්තන්න අවශ්‍ය බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ එය රජයට පවරාගත යුතු බවත් එහි ඇත්තේ මුස්ලිම් නීති සහ ප්‍රතිපත්ති පමනක් බවත් මෙය විශ්වවිද්‍යාලයක් නෙවන බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර මේ රටේ තිබෙන මුස්ලිම් ත්‍රස්තවාදය නැති කරන්න අඩිතාලමක් දමා තිබේන බවද ඔහු පවසයි.

ලංකාවේ සිටින සෑම කෙනෙකුගෙම ආරක්ෂාව මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන්න අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් එහිදි අදහස් දැක්වීය.

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය නීත්‍යානුකූල කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව සිංහලේ අපි ජාතික සංවිධානය පවසයි.

මේ අතර අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා හමුවීමට පැමිණියේය.

+++++++++++++++++++++

***************************************

බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න ඉදිරි ජනාධිපතිවරණය හොඳ අවස්ථාවක් – ආචාර්ය සරත් අමුණුගම

(19.08.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk)

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුදෙනාට දඬුවම් දීම සඳහා ඉදිරි ජනාධිපතිවරණය අවස්ථාවක් කරගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අද (19) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා විසින් රචිත 2020න් එහා ශ්‍රී ලංකාව යන ග්‍රන්ථය අද කොළඹ පදනම් ආයතනයේදී එළිදැක් විය.

මේ අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එහිදි අදහස් දැක්වු කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ සැලසුම් සියල්ල එකඟතාවයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් එක්ව කටයුතු කළ යුතු බවයි.

දේශපාලන කුහකකම නැත්නම් මේ දේවල් කිරීමට හැකි බවද ඔහු පැවසීය.

***************************************

කන්ජිපානි සමඟ සම්බන්ධතා පැවැත්වු උප පොලිස් පරීක්ෂකවරු තිදෙනාට ස්ථාන මාරු

(19.08.2019 – 18:40 +0530 – sinhala.adaderana.lk)

පාතාල කණ්ඩායම් සමාජික කන්ජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා ඉල්ලා වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව එම නිලධාරින් යාපනය, මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

රැඳවුම් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමඟ එක්ව උපන්දිනය සැමරූ බව එම නිලධාරින් චෝදනා එල්ල වී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ආරම්භ කර ඇති විමර්ශනය බාධාවකින් තොරව සිදුකිරීම සඳහා චෝදනා එල්ල වී ඇති උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු මෙලෙස ස්ථානමාරු කර තිබේ.

+++++++++++++++++++++

***************************************

GMOA බ්‍රහස්පතින්දා වර්ජනයකට සැරසෙයි

(19.08.2019 – 17:24 +0530 – sinhala.adaderana.lk)

තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම ඇතුළු කරුණු 08 ක් මුල්කරගනිමින් ලබන 22 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ඒ සම්බන්ධව මධ්‍යම කාරක සභාව ඒකමතික තීන්දුවක් ගත් බවයි.

ඒ අනුව කොළඹ අපේක්ෂා රෝහල සහ තවත් රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල් වල වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් වල අත්‍යවශ්‍ය සේවා සිදුකෙරෙන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

***************************************

අපි අනිවාර්යයෙන් බලයට එනවා; මෙයාලට නිකන් යන්න දෙන්නේ නෑ – මහාචාර්ය ජී. එල් පීරිස්

(19.08.2019 – 16:45 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේදී පිහිටුවන තම රජයක් යටතේ උඩුයටි කුරුව තිබෙන සමාජය නැවත යථා තත්ත්වයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (19) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා මේ බව අවධාරණය කළේය.

2015 වසරේ යහපාලන රජය පිහිටුවන අවස්ථාවේදී වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් පසුගිය රජයට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ඉදිරි රජයක් යටතේ දී බරපතළ වන්දියක් ඉල්ලා සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරන බව ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

යහපාලන රජය පිහිටු වන අවස්ථාවේ දී පසුගිය රජයේ සාමාජිකයින්ට එල්ල කළ බරපතළ චෝදනා සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට වත්මන් රජයේ පාර්ශවකරුවන් සමත් වී නැති බවද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන පරිපාලන නිලධාරී ගාමිණි සෙනරත් මහතාට එරෙහිව ගොනු කළ නඩුව තෝරා ගත් නඩුවක් වශයෙන් විශේෂ අධිකරණයක දී විභාගයට ගත් නමුත් ඔහුට එල්ල කල චෝදනා විසි හතරෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගනු ලැබීය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාස හයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිය ද ඔහුට එරෙහිව අවම සාක්ෂියක් හෝ උසාවියට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන් සමත් වූයේ නැති බවද ජී.එල්.පීරිස් මහතා කියා සිටියේය.

මෙවැනිම නඩු කටයුතු විශාල සංඛ්‍යාවක් පසුගිය රජයේ සාමාජිකයින්ට එරෙහිව වත්මන් රජය විසින් පවත්වා ගෙන යනු ලැබූවද කිසිදු පුද්ගලයෙකු වරදකරුවන් කිරීමට තවමත් සමත් වී නැති බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ අසත්‍ය චෝදනාවලට ලක් වූ පුද්ගලයින්ගේ දරුවන් සහ ඔවුන්ගේ පවුලේ අය බරපතළ පීඩනයකට ලක්ව ඇති බැවින් එම කරුණු අමතක කිරීමට තම පක්ෂය කිසිසේත්ම සූදානම් නොමැති බවත් මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් විශාල වන්දියක් ඉල්ලා ඉදිරියේ දී පිහිටවන තම රජයක් යටතේ නඩු පවරන බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++

***************************************

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම නිසා උණුසුම් තත්වයක්

(19.08.2019 – 22:30 +0530 – hirunews.lk/sinhala)

කළුතර තෙඹුවන ට්‍රොයිට් වතුයායේ ජීවත් වූ පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වත්තේ භූමදාන නොකරන ලෙසට වත්තේ හිමිකරු විසින් කළ පැමිණිල්ලකට අදාළව තහනම් නියෝගයක් රැගෙන පොලීසිය එම ස්ථානයට පැමිණියත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

***************************************

මන්ත්‍රී සිසිර ජයකොඩිගෙන් චෝදනාවක්

(19.08.2019 – 20:11 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දෙපාර්තමේන්තුව ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ දේශපාලන අරමුණු මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (19) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

***************************************

කටඅවුට් සහ පෝස්ටර් ගලවා ඉවත් කරන්න – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

(19.08.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අනුව යමින් දිවයිනේ සියලුම ප්‍රදේශවල ප්‍රදර්ශනය කර ඇති ප්ලාස්ටික් සහ පොලිතින් යෙදූ කටඅවුට් සහ පෝස්ටර් ගලවා ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.

තංගල්ල – කාල්ටන් නිවසේ අද (19) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

***************************************

භික්ෂූන්වහන්සේ දේශපාලනය කතාකළ යුතුමයි – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්

(19.08.2019 – 19:49 +0530 – hirunews.lk/sinhala)

භික්ෂූන්වහන්සේ දේශපාලනය කතාකළ යුතුම බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව මහනුවරදී අද සංවිධාන කර තිබූ සංඝ සම්මේලනයකට එක්වෙමින්.

***************************************

රටට මිනිස්සු හදන වැඩපිළිවෙලක් අවශ්‍යයි – උපත් අදාර ලබාදෙමින් ඥානසාර හිමි පවසති

(20.08.2019 – colombotoday.com)

රටට අවශ්‍යවන්නේ මිනිස්සු හදන වැඩපිළිවෙලක් බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති. කොබෙයිගනේදී ගැබිණි මව්වරුන්ට උපත් ආදාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් දැක්වීය.

ජාතිය ඉදිරියේ ඇති විශාල අනතුර මගහරවා ගැනීම පිළිබඳව ඥානසාර හිමි දිර්ගාව කරුණු දැක්වූ අතර දරුවන් ලැබෙන්න ඉන්න මව්වරු කුසතුල සිටින දරුවන්ට මේ ජාතිය ගැන කියා දෙන්නැයි ඉල්ලීමක්ද කරන ලදි.

මෙහිදී උන්වහන්සේ දැක්වූ අදහස් :

***************************************

සිර දඩුවමක් නියමවූ සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරිට ඇප

(20.08.2019 – 16:05 +0530 – hirunews.lk/sinhala)

වසරක සිර දඬුවම් නියමවූ සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරි විමල් පෙරේරා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මත මොහුව මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.

2002 වසරේ සතොස ආයතනයට ආනයනය කළ සුදු සහල් තොගයක් පෞද්ගලික අංශයට අඩු මිලට විකිණීම හරහා රජයට රුපියල් මිලියන 4 ක අලාභයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔහුට අද පෙරවරුවේ වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000 ක දඩ මුදලක් නියම කළා.

ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව ඔහුගේ නීතීඥවරුන් දැනුම්දීමෙන් අනතුරුවයි මොහුව ඇප මත මුදාහරිනු ලැබුවේ ෴

***************************************

පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්

(20.08.2019 – 17:08 +0530 – lankadeepa.lk)

මහරගම අපේක්ෂා රෝහලේ කිසිදු දැනුම්දීමකින් හෝ ඉල්ලීමකින් තොරව ‘ෆයිට් කැන්සර් ටීම්’ නැමැති ප්‍රතිකාර යන්ත්‍රයක් මිලදී ගැනිමට යැයි පවසමින් පුද්ගලයකු රටපුරා රුපියල් කෝටි ගණනක මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (20) පැවසීය.

අධික මිලකින් යුත් එවැනි යන්ත්‍රයක් රෝහලට අවශ්‍ය දැයි කිසිදු පුද්ගලයෙක් රෝහලෙන් කිසිදු විමසීමක් කර නැතැයිද ඒ මහතා පැවසීය.

මේ වන විටත් අදාළ පුද්ගලයා කෝටි 10 කට අධික මුදලක් උපයා ඇති බව තොරතුරු අනාවරණය වී ඇතැයිද ඔහු කවුරුන්දැයි යන්න මෙතෙක් කිසිදු අනාවරණයක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

අපේක්ෂා රෝහලට ආධාර ලබා දීම සඳහා එහි වෙනම අංශයක් විවෘත කර ඇතැයිද රුපියල් 100 කින් හෝ කරනු ලබන සෑම ආධාරයක් සඳහාම රිස්ට්පතක් නිකුත් කරන බවද කී අධ්‍යක්ෂවරයා රෝහලේ ඖෂධ නොමැති අවස්ථාවක ඒවා පිටතින් ගෙන්වීමට මෙම මුදල් යොදා ඇතැයිද සඳහන් කළේය ෴

***************************************

මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි; බලධාරීන් නිහඩයි

(20.08.2019 – colombotoday.com)

බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් විනාශයට පත්වන තවත් පුරාවිද්‍යා නටබුන් සහිත විහාර සංකීර්ණයක්යැයි සැක කල හැකි ස්ථානයක් පිළිබඳව තොරතුරු මන්නාරමෙන් වාර්තා වෙනවා.

මැදවච්චියේ සිට මන්නාරම වෙත දිවෙන A14 මාර්ගයේ මුරැන්ගන් සිට මැදවච්චිය දෙසට 2Km ගමන් කළ විට කත්කන්ඩකුලම් හංදිය හමුවේ. එම ස්ථානයෙන් දකුණු දෙසට කත්කන්ඩකුලම් ගම්මානය වෙත ගමන් ගන්නා මාර්ගයේ 1Km ගමන් කල විට මෙම පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානය හමුවේ.

මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් ඉතා පෞරාණික බෞද්ධ විහාරයක් බවට සැක කල හැකි නටබුන් තවමත් ඉතිරිව ඇත. 30 වසරක් පැවති යුද්ධය හා ද්‍රවිඩ ජනතාව ජනාවාස ගොඩනගා ගැනීම හේතුවෙන් විහාර භූමිය ඉතා කුඩා බිම් කැබැල්ලකට මේ වන විට සීමා වී ඇත. පුරාවිද්‍යා භූමියක් බවට දන්වා සවිකර තිබූ පුවරු ගලවා විසිකර එම ඉඩම කෙසෙල් වගාවට යොදවාගෙන ඇත. ඒ සඳහා පුවරුවේ ඉතිරිව ඇති පාදම සාක්ෂි දරනු ඇත.

2018 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ අවිධිමත් කැණීමක් සිදුකොට ඇත. පසුව කිසිදු සංරක්ෂණ වැඩපිලිවෙලක් සිදු නොකොට, නටබුන් විනාශ වීමට ඉඩ සලස්වා ඔවුන් ආපසු ගොස් ඇත. කැනීම් සඳහා ඉවත් කරන ලද ඉපැරණි ගඩොල් අසල ගොඩගසා ඇත. එමගින් සිදුවී ඇත්තෙ විනාශය දෙගුණ තෙගුණ වීමක් පමණි.

තවද පුරාවිද්‍යා විහාර භුමිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරියෙකු යොදවා නොමැත. එම නිසා ඕනෑම පුද්ගලයෙකුට මිල කළ නොහැකි පුරාවස්තු සොරකම් කිරීමට හෝ විනාශ කර දැමීමට ඉතා පහසුවෙන් හැකියාව ඇත.

කෙසෙල් වගාවට බිලි වූ ඉපැරණි බෝධීන් වහන්සේ පසෙකින් වැඩ සිටින අතර කඩා විනාශ කර දැමූ බුදුපිලිම වහන්සේලා දෙනම , විහාර ගෙයකැයි අනුමාන කළ හැකි පාදම මෙලෙස ඉතිරිව තිබෙන්නේ ජාතියේ අවනඩුව කියා පාමිනි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *