ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදයට ඒකාබද්ධයේ විරෝධතා

(30.10.2017 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍යතාවය මත සංශෝධනය කළ හැකි බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, එම අතුරු වාර්තාව පිළිබඳ විවාදය සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රීවරුන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමුණු අතර, බත්තරමුල්ල අවට ඇති වූයේ දැඩි රථ වාහන තදබදයක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කම්ටු අතුරු වාර්තාව පිළිබඳව විවාදය අරඹමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දක්වමින් සිටියදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් කියා සිටියේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අවහිර වීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයට විවාදයට සභාභාගි වීමට නොහැකි වී ඇති බවයි.

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *