සයිටම් ආයතනය දැන් කියන කතාව මෙන්න

(30.10.2017 – 17:46 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සයිටම් ආයතනයේ ප්‍රතිචාරය යන හිසින් එම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සම්පුර්ණ නිවේදනය පහතින් :

“South Asian Institute of Technology and Medicine (SAITM) සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිකුත් කොට ඇති නිවේදනය පිළිබඳ එම ආයතනයේ කළමනාකාරීත්වය වශයෙන් ශ්‍රී ලංකාවාසී මහජනතාව වෙත පහත නිවේදනය දැනුම් දී සිටීමට කැමැත්තෙමු.

1978 විශ්වවිද්‍යාල පනතේ අංක 25 දරන වගන්තිය අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් SAITM ආයතනය, උපාධි පිරිනමන ආයතනයක් වශයෙන් පිළිගන්නා ලදී. SAITM ආයතනය පිහිටුවීමේ අරමුණ වූයේ ගුණාත්මක බවින් යුත් වෛද්‍යවරුන් පිරිසක් බිහිකිරීම සහ රට තුළ ගුණාත්මක තත්ත්වයේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමයිි.

SAITM ගැටලූව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය අනුව SAITM ආයතනයේ උපාධිධාරීන්, සිසුන්, දෙමාපියන් සහ කාර්ය මණ්ඩලයේ ද අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගත යුතු බව අපගේ හැඟීමයි.

එබැවින් මේ සම්බන්ධයෙන් සියලූ පාර්ශව සමග විධිමත් අයුරින් සාකච්ඡ පවත්වා යුක්තිය තහවුරු වන වැඩපිළිවෙළක් වෙත යොමු වීම වඩාත් සාධාරණ වනු ඇත.

තවද, අධිකරණ තීන්දුවට යටත්ව SAITM උපාධිධාරීන් සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය මෙන්ම වත්මන් සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි ද අපි තරයේම අපේක්ෂා කරන්නෙමු.

විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ පාර්ශවයන් විසින් මතුකරනු ලබන ප්‍රතිවිරෝධයන් හමුවේ වුවද SAITM නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ දැක්ම වූ ගුණාත්මක තත්ත්වයෙන් හෙබි, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලද වෛද්‍යවරුන් පිරිසක් බිහි කිරීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යෑම සුබවාදීව අප විසින් සලකාබලනු ලබන බව ද සිහිපත් කළ යුතුය.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *