‘‘මගේ පියා එදා මැරුවේ බටලන්ද වධකාගාරයේදියි.. මං පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා එජාපයත් එකත් ආණ්ඩු කලාට..’’ – කියමින් නියෝජ්‍ය ඇමති විපක්‍ෂයට එක්වේ..

(31.10.2017 – 11:20 +0530 – lankacnews.com)

‘‘මගේ පියා එදා මැරුවේ උස්සාගෙන ගිහින් බටලන්දය වධකාගාරයේදියි, මම අද මගේ පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා UNP එකත් එක්ක ඉදගෙන ආණ්ඩු කලාට’’ යයි හිටපු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කරමින් පොදු විපක්ෂයේ අසුන් ගත්තේ ය.

ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර මහතා බියගම ආසනය නියෝජනය කරයි.

ඔහු පවසන පරිදි 88/89 භීෂණ යුගයේ එදා ආණ්ඩුවේ අනුග්‍රහය මත පවත්වාගෙන ගිය බටලන්දය වධකාගාරය බියගම ආසනයේ පිහිටුවා තිබු අතර එදා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවධියේ බියගම ආසනයේ එජාප සංවිධායක මෙන්ම මන්ත්‍රීවරයා ද විය. සංචාරක බංගලාවක් ඒ වනවිට එම ආණ්ඩුවේ වධකාගාරය පිහිටි බටලන්ද නිවාස සංකීර්ණයට අයත් භුමියේ තිබුනි.

එමෙන්ම ජවිපෙ හිටපු ප්‍රධාන නීති උපදේශකයකු වු විජේදාස ලියනආරච්චි ඇතුළු විශාල තරුණ තරුණියන් මෙන්ම රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවු තම දේශපාලන එදිරිවාදින් ද මෙම වදකාගාරවල හිංසාවට ලක් කොට ඝාතනය කල අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතාගේ පියා ද බියගම ආසනයේ සිටි උග්‍ර එක්සත් ජාතික පක්ෂ විරෝධී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ අනුගාමිකයෙකු මෙන්ම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයකි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *