ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කල යුතුමයි.. ෆෙඩරල් කල යුතුමයි..- ව්‍යවස්ථා සභවේදී දෙමල සන්ධාන බළලා මල්ලෙන් පනී..

(31.10.2017 – 10:00 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව පැහැදිලිවම ප‍්‍රකාශ කරන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

එමගින් සෑම පුරවැසියෙක්ම සම අයිතින් ඇති අයෙක් ලෙස සලකන ව්‍යවස්ථාවක් අනාගමික ව්‍යවස්ථාවක් විය යුතු බවද ඔහු සදහන් කරයි.

ඊයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ තෙදින විවාදයේදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව පැහැදිලිවම ෆෙඩරල් රාජ්‍යයක් විය යුතු බවත් සදහන් කල ඔහු ෆෙඩරල් ඉල්ලන්නේ රටෙන් වෙන්ව යාමට නොවන බවත් රට එකට පවතින්න නම් විවිධ ජනකොටස්වලට පරිපාලනයේ කොටස් හිමි විය යුතු බවද කියා සිටියේය.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 16 ක් නියෝජනය කරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *