බොරු චෝදනා ගොනුකර රිමාන්ඞ් කල කරුණා අම්මාන් අධිකරණයෙන් නිදහස් කිරිමෙන් ‘දේශපාලන සිරකරුවකු’ වු පුද්ගලයකු ලෙස වාර්තා තබයි..

(31.10.2017 – 14:10 +0530 – lankacnews.com)

පසුගිය ආණ්ඩුවේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි විනයාගමූරති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තම තනතුරේ සිටියදි පාවිච්චි කල වෙඩි නොවදින රථයක් නැවත භාරනොදි ගරාජයක නවනා තැබීම සම්බන්ධව FCID ය විසින් ඔහුව 2016 වසරේ නොවැම්බර් 29 වෙනිදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කලේ ය.

මෙම සැකකරු 2015 අගෝස්තු 15 වෙනිදා මන්ත්‍රී ධූරය අහෝසි විමෙන් පසුව ඔහුගේ ආරක්ෂාවට ලබා දුන් එම වෙඩි නොවදින රථය නැවත නිසියාකාරව භාරදි නොමැති බවට ඔහුට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධව කොට්ඨාසය FCID ය විසින් සාපරාධි විශ්වාසය කඩ කලැයි පවසමින් 1982 අංක 12 දරන පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාර කොට තිබුනි.

එහෙත් මෙම නඩුව ඊයේ 30 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදි පොලිස් මූල්‍ය අපරාධව කොට්ඨාසය FCID ය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කොට පවසා ඇත්තේ ‘‘මේ සිද්ධියට අදාළව අංක සි.ආර්.5/04/2017 යටතේ උදෘත ගොනුව සැලකිල්ලට ගත් නීතිපතිවරයා මෙම තැනත්තා සම්බන්ධයෙන් තව දුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවට සඳහන් කරමින් ඉකුත් 13 වෙනිදා උපදෙස් ලබාදි ඇතයි සඳහන් කරමින් පොලිස් මූල්‍ය අපරාධව කොට්ඨාසය අධිකරණයට කල කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය නිකුත් කලේ ය’’ යන්න අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

ඉහත අධිකරණය තීන්දුව හරහා මැනවින් පැහැදිලි වනුයේ නිසියාකාරව රජයේ නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව හිතුවක්කාර ලෙස පොලිසිය මෙරටේ හිටපු අමාත්‍යවරයෙකුට මෙන්ම මෙරටේ පැවති වසර 30 කුරිරු කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමකිරිමට 2004 වසරේ සිට අත්වැල් බැදගත් කොටි සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායකයා වූ කරුනා අම්මාන්ට ක‍්‍රියාත්මක වී ඇති බවයි. ඔහු මහින්ද රාජපක්ෂ යුගයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිට යුද්ධය ජය ගැනීමට විශාල දායකත්වය සැපයු අතර කොටි නායක ප්‍රභාකරන් මිය ගිය බවට හදුනාගත පලමු සිවිල් වැසියා විය.

දෙමළ ඩයස්පෝරවා මෙන් මෙරටේ සමහර ද්‍රවිඩ දේශපාලඥයන් සතුටු කිරිම සඳහා වත්මන් මොහු බොරු චෝදනා යටතේ බන්ධනාගාර ගත කලේය, ඒ අනුව අධිකරණය මගින් ඊයේ නිදහස් වු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරිමට දායක වීම නිසා මෙරටේ ජනතාවගේ ආදරයට පාත්‍රවූ වු විනයාගමූරති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් බොරු චෝදනා මත බන්ධනාගාර ගත කොට අධිකරණය මගින් නිදහස ලැබු පලමු දේශපාලන සිරකරු වනු ඇත.

එමෙන්ම ඒ අනුව ඔහුගේ ඇප වෙනුවෙන් තැබු රුපියල් ලක්ෂ 10 යක මුදල් ඇපය මුදාහැරීමට අධිකරණය කටයුතු කළ අතර ලක්ෂ 50 ක පුද්ගල ශරීර ඇප වෙනුවෙන් 4 දෙනෙකු ඉදිරිපත් වු අතර ඔහුනගේ ඇප නිදහස් කිරිමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *